Skip to content
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
Menu
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
STEP FORWARD
free online Camp
Previous
Next
පසුගියදා පැවැති STEP FORWARD free online Camp එකට දරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වුණා...එදා ඔවුන් හමුවන්නට ආවේ රතු ඉන්දියානු ගෝත්‍රික පිරිසක්...
රතු ඉන්දියානුවන් ගැන බොහෝ තොරතුරු ඉගෙන ගන්නට දරුවන්ට එමගින් හැකි වුණා..අපේ කණ්ඩායමේ ගුරුවරු රතු ඉන්දියානු කාන්තාවන් විදිහට සැරසිලා හිටියා..අපේ වැඩිහිටි කණ්ඩායමේ දරුවන් මේ කුඩා දරුවන් වෙනුවෙන් presentations කළා...
ඒ වගේම අපේ කණ්ඩායමත් එක්ක එදා එකතු වුණු දරුවන්ගේ දෙමව්පියන් ඒ දරුවන්ව ඉතාමත්ම ලස්සනට රතු ඉන්දියානු දරුවන් විදිහට ඇඳුම් අන්දවා බොහෝ සැරසිලි කොට සූදානම් කර තිබුණා.....ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම දරුවන් සියලුම දෙනා එදා රතු ඉන්දියානු ගෝත්‍රිකයින් මෙන් ගිනි මැලයක් වටේ නටමින් සතුටු වුණා..ඔවුන්ටම ගැලපෙන වෙස්මුහුණක් හැදුවා.... ඒ වගේම පරිසර හිතකාමී රසවත් ආහාර වේලක් පිළියෙල කළා...
ඒ වගේම දරුවන් ඉගෙන ගත්තා රතු ඉන්දියානු ගෝත්‍රික සියැටෙල්ගේ කියමන්..... ඒ වගේම ඔහු මෙන් පරිසරයට ආදරය කරන්නට දරුවන් පොරොන්දු වුණා...පරිසරය සම්බන්ධයෙන්ම නිමැවුණු භාවනාවක නියැළෙන්න ට එදා ඔවුන්ට හැකි වුණා.... පුංචි පැළයක් ගහක් වෙන්නේ කොහොමද කියලා ඔවුන් ඉගෙන ගත්තා....ඒ ගැන අපූරු චිත්‍ර ඇන්දා... ඉතින් පරිසරයත් එක්ක ඉතාමත්ම ආදරයෙන් බැඳිලා හිටපු රතු ඉන්දියානු ගෝත්‍රිකයින් මෙන්ම අපේ දරුවන් ද ගහට කොළට ආදරය කරන්නට, සතුන් සිව්පාවුන් රැක ගන්නට, පරිසරය තමන්ගේ පණ මෙන් සුරකින්නට පොරොන්දු වුණා....
STEP FORWARD අපි දරුවන්ටත් දෙමව්පියන්ටත් නොමැකෙන සිහිවටනයක්, අත්දැකීමක් ජීවිතයට එකතු කරන්නට සමත් වුණා ....කැමති ඕනෑම කෙනෙකුට අපිත් එක්ක දිගටම මෙවැනි වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්...
STEP FORWARD TEAM