Archives

STEP FORWARD පරිවර්තනයේ පුස්තකාලය

(1) ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු - රු 240/= (කර්තෘ ප්‍රකාශන) ජීවිතයට සැහැල්ලුව හරිම අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙකුට නැති වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මේ පොතේ තියෙන්නේ තමන්ට අවශ්‍ය සැහැල්ලු වීම ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම රැසක්. ඒ වගේම ඔබට ඔබ ගැනම දැනගන්නට, තමන්ටම ලියන්න පුළුවන් අභ්‍යාස ගණනාවක් තියනවා.

(2) ඔබ සොයා යන ඔබට සිතන්නට - රු 250/= (කර්තෘ ප්‍රකාශන) මේ පොත හැමදාමත් ඔබේ අතේ තියා ගන්න පුළුවන් පුංචි පොතක්. එහෙත් බොහොම ගැඹුරු දර්ශනයක්, හිතන්නට යමක් ඒ තුළ ගැබ් වෙලා තියෙනවා. වර්ණවත් රූප නිසා පොතට හරිම අලංකාරයක් එකතු වෙලා තියෙනවා. මෙය කියවපු හැම කෙනෙක්ම කිව්වේ නැවත නැවතත් කියවමින්, නිරන්තරයෙන්ම තමන්ගෙ ජීවිතයට කරුණු එකතු කර ගන්නා බවයි.

(3) ළදරු ලොවට පිවිසුමක් - රු 260/= (කර්තෘ ප්‍රකාශන) විදේශ රටවල් ගණනාවකටත්, අපේ රට පුරාමත් අළෙවි වුනු පොතක්. නවක මවුපියන්ට මෙය ඉතාම වටිනවා. ළදරුවෙක් ඇති දැඩි කර ගන්නා ක්‍රම ඔවුන්ගේ මානසිකත්වය යහපත් කරගන්නා ආකාරය පොතේ අඩංගු වෙනවා. මේ පොතෙන් බොහෝ දෙනෙක් නැළවිලි ගී ඉගෙනගෙන තියෙනවා. මේකෙ නැලවිලි ගී විශාල සංඛ්‍යාවක් තියෙන නිසා කුඩා දරුවන් හදන මවුපියන්ට ඉතාමත්ම වටිනවා.

(4) තාරුණ්‍යයේ අභියෝග සහ මනෝවිද්‍යා උපදේශනය - රු 250/= (කර්තෘ ප්‍රකාශන) තාරුණ්‍යය කියන්නේ ජීවිතයේ වරද්දා ගත යුතු නැති ප්‍රධාන අවධියක්. ඒත් යහපත් මාර්ගයක යන්න නම් බොහෝ අභියෝග ජය ගන්න සිදුවෙනවා. තමන්ගෙ ජීවිතයට එන ප්‍රශ්න ගැන නොදන්නා උගත් දූ පුතුන්ට මෙය ඉතාම වැදගත් පොතක්. උගත් තරුණ දරුවන් මුහුණදෙන අභියෝග පිලිබඳව සත්‍ය කතා තමයි පොතේ අඩංගු වෙන්නේ. ඒ වගේම මනෝවිද්‍යා උපදේශනය ගැනත්, මානසිකව ඇතිවන රෝග පිළිබඳවත් මෙහි සඳහන් වෙලා තියෙනවා.

(5) සතුට සොයා යන නුබට මගක් ඇත - රු 240/= (කර්තෘ ප්‍රකාශන) ජීවිතයේ එක්තරා වයසක් ගෙවපු, තාරුණ්‍යයේ කෙළවරට එන බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙන්නේ ජීවිතයේ සැබෑ සතුට සොයා ගෙන යන්න. විවාහ වුණු බොහෝ දෙනෙකුට තමන් බලාපොරොත්තු වෙලා තිබුණු සතුට නැති බව තේරෙනවා. මේ නිසා බොහෝ අය මානසිකව කඩා වැටෙනවා. එහෙම නොවී ජීවිතය ජයගන්න, තමන් තුළටම එබී බලන්න අවස්ථාවක් මේ පොත නිසා ලැබෙන බව බොහෝ දෙනෙකුගේ අත්දැකීමයි. ඔබත් කියවා බලන්න.

(6) දෙලොව ගැටලු විසඳාගැනීමට සීලයේ සිසිල- රු 200/= (කර්තෘ ප්‍රකාශන) බුදුදහමත් මනෝවිද්‍යා වත් ජීවිතයට එකතු කර ගනිමින් ජීවිතේ සැබෑ සුන්දරත්වය අත් දකින්නට මගපෙන්වන පොතක්. කැටවල හේමාලෝක හිමියන්ගේ අදහස් ඇසුරින් සකස් වී පවතිනවා.

(7) දෙපලු වන බුද්ධ බීජය - රු 300/= (කර්තෘ ප්‍රකාශන) අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්ග බුදු දහම ඇසුරින් තමන්ගේ අවබෝධය සොයා යන මඟ පෙන්වීමට ගත් උත්සාහයක්ග

(8) රන් කුඹලා - රු 125/= (කර්තෘ ප්‍රකාශන) කුඹලෙක් ඇවිත් ගෙයක් හදපු ආකාරය දැකලා පුංචි සිතක ඇති වුණු හැඟීම් ඇසුරෙන් පොත ලියවිලා තියෙනවා. ලස්සන චිත්‍ර ඇඳලා, මේ පොත ලිව්වෙ එදා වයස අවුරුදු අටක් වුණු මගේ දියණිය විසින්.

(9) දෙබස් චිත්‍ර පාඩම කියන - රු 150/= (කර්තෘ ප්‍රකාශන) තමන්ගේ ගුරුවරයා එක්ක දරුවෙකුට ඇතිවුණු ගැටලුවක් ගැනයි පොතේ සඳහන් වෙන්නේ. දියණියට වයස අවුරුදු දොළහේ දී චිත්‍ර ඇඳලා පොත ලිව්වෙ එයාගේ සත්‍ය අත්දැකීමක් ඇසුරෙන්. කවි ආකාරයෙන් තමයි මේ පොත ලියවිලා තියෙන්නෙ.

(10) ආදරය විවාහයට පෙර සහ පසු රු 275/= (කර්තෘ ප්‍රකාශන) විවාහ වුණු බොහෝ දෙනෙකුට තමන් බලාපොරොත්තු වෙලා සිටි කෙනා නෙමෙයිද මේ කියලා සිතීමෙන් සතුට නැති වෙලා අවුල් ඇති වෙනවා. මේ නිසා බොහෝ අය මානසිකව කඩා වැටෙනවා. එහෙම නොවී ජීවිතය ජයගන්න, අවබෝධයෙන් සහකරුවන් වනාගන්නට මේ පොත නිසා අවස්ථාව ලැබෙන බව බොහෝ දෙනෙකුගේ අත්දැකීමයි. ඔබත් කියවා බලන්න.

(11) විදර්ශනා සංවාදය - රු 750/= (සමුද්‍ර පොත් ප්‍රකාශනයක්) එදිනෙදා ජීවිතයේ දීත් භාවනාවේ දී මෙන් ම සිහිය නිවැරදිව පවත්වා ගන්නා ආකාරය පියවර හයක් ඔස්සේ පැහැදිලි කරන පොතක්. "Insight Dialogue Meditation" පොතේ සිංහල පරිවර්තනයයි. මෙම පොතේ කරුණු පැහැදිලි කරමින් අභ්‍යාස කිරීමටSTEP FORWARD KIDS UNIHUB පාඨමාලාව කරමින් එකතු වෙන්නත් පුළුවන්.

(12) ආදරණීය ගල - රු 190/= (සමුද්‍ර පොත් ප්‍රකාශනයක්) STEP FORWARD KIDS UNIHUB අපේ පුංචි සිඟිත්තන් අතර ජනප්‍රිය වුණු කතා නායකයින් බිහි වන ආකාරයයි මේ පොතේ සඳහන් වෙන්නේ.