Skip to content
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
Menu
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
STEP FORWARD LANKA
දැයේ දරුවන් නායකත්වය කරා රැගෙන යන සුන්දර තෝතැන්න....
2023 සෑම මසකම මුලදී දරුවන් බදවා ගැනේ....
පොත පතින් අධ්‍යාපනයෙන් පමණක් මනා පෞරුෂත්වයකින් හෙබි නායකයින් බිහි නොවෙයි. ඒ සඳහා නිවැරදි මග මඟ පෙන්වීමක්, මනා මෙහෙයවීමක් අවශ්‍ය වෙයි.
ඔබට අවශ්‍ය පොතේ දැනුම පමණක් ලැබූ උගතෙක් ද, නිර්මාණශීලී සැබෑ බුද්ධිමතෙක්ද කියා දෙමාපියන් වශයෙන් ඔබ තීරණය කළ යුතු වෙයි. අද පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවන උගතුන් කරුණාව, දයාව, මනුෂ්‍යත්වය හදුනන සැබෑ බුද්ධිමතුන් ද යන ගැටලුව පවතියි. දරුවන්ට දරා ගත නොහැකි විෂය නිර්දේශය නිසා ඔවුන් මහත් සේ පීඩනයට පත්ව සිටින බව වසර 25ක මනෝවිද්‍යා උපදේශන කටයුතු නිසා අප දනිමු.
අද ලෝකයට අවශ්‍ය නිර්මාණශීලී බුද්ධිය( Creative thinking ), චිත්තවේගී බුද්ධිය ( Emotional Intelligence ) වර්ධනය කරන අපගේ STEP FORWARD ක්‍රියාකාරකම් නිසා දරුවන් සතුටින් ඉගෙන ගන්නා අය බවට පත්වෙයි.
අපේ අරමුණ
දරුවාගේ කුසලතා හඳුනා ගනිමින්,
ඔහු/ ඇය සාර්ථකත්වය සොයා යායුතු මාර්ගය පෙන්වා දී,
එහි උපරිමය දක්වා දරුවා මෙහෙයවීමයි.
මේ සඳහා කෙරෙන සිත එකඟ කර ගැනීමේ අභ්‍යාස කරා නිරන්තරයෙන් දරුවන් යොමු කරයි. යෝග, භාවනා අභ්‍යාස, චිත්‍ර, නැටුම්, සංගීතය, ගණිතය, පරිසරය, නිර්මාණ, කෑම පිසීම වැනි විවිධාංග ඇතුළත් STEP FORWARD ක්‍රියාකාරකම් වලට දරුවන් බෙහෙවින් කැමැති වෙයි.
වයස අවුරුදු 3 - 9 දක්වා දරුවන් වෙනුවෙන් ඒ ඒ වයස් කාණ්ඩ වලට වෙන වෙනම hubs පවතී. වයස 9 - 15 දක්වා දරුවන් වෙනුවෙන් Master Club පවතී. එමඟින් දරුවන් මනා පෞරුෂත්වයකින් හෙබි නායකත්ව ගුණාංග කරා මෙහෙයවයි.
මනා සුවඳක් නික්මෙන, මල් පිරුණු මහ ගස් ඉබේ ඇති නොවේ...පුංචි පැළවල කුඩා මුල්වලින් උරාගන්නා පෝෂණය, සරුපස, යහපත් කාලගුණය......සියල්ල නිසි ලෙස සම්පූර්ණ වීමෙන් පමණක් මහා රුක් බිහි වෙයි.
දරුවාගේ අනාගතය පිළිබද තීරණය ඔබ සතුයි. අපේ වගකීම අපි මැනවින් ඉටු කරන බවට සහතික වෙමු. වසර 8 ක අපේ මෙහෙවර දැක ගැනීමට ( google form ) අයදුම්පත සම්පූර්ණ කර එවීමෙන් පසු, ඔබත් සමග ගුරුවරුන් එකතු වී කතාබහ කොට බඳවා ගැනීම සිදු කරයි.
දක්ෂයින්, අති දක්ෂයින් කරන STEP FORWARD LANKA සමග ඔබත් අදම එකතුවන්න.
STEP FORWARD LANKA
0715750525