තමන් සොයා යන ගමන SHADOW SOULS...

” මීට මාස 4කට කලින් කන්නාඩියක් ඉස්සරහ හිටගෙන ඉන්නකොට මම දැක්කෙ තමන්ගෙ හැගීම් හරි විදිහට හසුරුවා ගන්න බැරි, මගේ වටේ තිබුන කිසිම දෙයක් තුලින් සතුට හොයාගත්තෙ නැති හරිම අසාර්ථක පුද්ගලයෙක්.මගේ අධික කෝපය නිසා මට ගොඩක් දේවල් අහිමි වෙන බව ඒ වෙනකොට මම තේරුම් අරන් හිටියත් මේකට හරි විසදුමක් හොයාගන්න ක්රමයක් මට තිබුනේ නැහැ. මගේ හැම වචනයක්ම,හැම ක්රියාවක්ම ආදර්ශයට ගන්න මගේ දුව වෙනුවෙන් මගේ වෙනස්වීම හැර වෙන විකල්පයක් නැති වෙද්දි තමයි මම Shadow Souls වැඩසටහනට සම්බන්ධ වුනේ.
 
නමුත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මට අභියෝග කිහිපයක් තිබුනා. මගේ පදිංචිය කැනඩාවෙ. Time difference එකත් එක්ක වැඩසටහනට සහභාගි වෙන්න පුලුවන් විදිහට චන්දිමා මුනමලේ මහත්මිය මට අවස්ථාව හදලා දෙන්න කාරුණික වුන නිසා ඒක ලොකු අභියෝගයක් වුනේ පලවෙනි දවසෙ විතරයි. එදා activity එකෙන් පස්සෙ මම අත්දැකපු සැහැල්ලුව සහ සතුට ඉදිරි වැඩසටහන් වලට නිරායාසයෙන්ම මාව යොමු කලා.
 
ඊලගට ද්රවිඩ, කතෝලිකයෙක් විදිහට බෞද්ධ දර්ශනය එක්ක කරන වැඩසටහනක් මාව තවත් ආතතියට පත් කරයිද කියන බයත් මට තිබුනා. නමුත් අපි අදහන හැම ආගමක්ම අපිව යොමු කරන්නෙ අපේ ජීවිත වලට වටිනාකමක් ලබා දෙමින්, සාමකාමී ජීවිත පැවැත්මකට අපිට මග පෙන්වා දීම බව Shadow Souls කරද්දි මම තේරුම් ගත්ත. වැඩසටහනේදී අපි කරපු භාවනා අභ්යාස මම මගේ යාච්ඤාව කරගත්තා. Shadow saouls කියන්නෙ විශ්වීය ගනුදෙනුවක් සිදුවන තැනක් නිසා මම ජීවත් වෙන රටවත්, මගේ ආගම වත්, ජාතියවත් කිසිසේත්ම ප්රශ්නයක් වුනේ නැහැ. ලස්සන හදවත් තියෙන සහෝදරියන් කිහිපයදෙනෙක් එක්ක මේ වැඩසටහනට හරිම අර්ථවත් විදිහට සම්බන්ධ වෙන්න පුලුවන් වුනා.
 
අපෙන් පිටවෙන ගොඩාක් ආවේග පිටිපස්සෙ සැගවුනු, බලාපොරොත්තු සුන්වීම්, අහිමි වීම් වගේ අමිහිරි මතක එක්ක ජීවිතය කිසිසේත්ම විඳවිය යුතු නැහැ. පාට පැන්සල් කිහිපයක් , පොතක් සහ වෘත්තීය මාර්ගෝපදේශකයෙක් එක්ක මා වෙනුවෙන් කරපු පොඩි කැපවීම නිසා අද වෙනකොට ප්ර්රබෝදමත්, සතුටු දවස් වලින් ම්ගේ ජීවිතයට ම්හිරි මතක ගොඩක් එකතු කරගන්න මට පුලුවන්කම ලැබුනා. අද මගේ දියනියට ආදර්ශයමත්, ඉවසිලිමත් අම්මා කෙනෙක් විදියට මගේ දවස හරිම තෘප්තිමත් විදිහට අවසන් කිරීමට මට හැකියාව ලැබී තියෙනවා.
 
හරිම ඉවසීමකින් සහ ඵලදායි විදිහට වැඩසටහන මෙහෙයවන චන්දිමා මූනමලේ මහත්මියටත් Step forward කන්ඩායමේ සියලු දෙනාටත් මම විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම Step forward කන්ඩායමේ වැඩකටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා!”
 
Aishwarya Sebastian
කැනඩාවේ සිට..