1646536558082

STEP FORWARD OutPro

අද ලංකාවේ බොහෝ දරුවන්ගේ තත්ත්වය ඉතාමත්ම අයහපත් මට්ටමක පවතින්නේ...ඒ බව වැඩියෙන්ම දන්නෙ 24 වසරක් පුරා උපදේශනය සඳහා නිතරම දරුවන් අප වෙත රැගෙන එන නිසයි. පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වූ දරුවන් නිසා අසමබර පෞරුෂයන්, කෝපවීම, කලහකාරී හැසිරීම්, ඉදිරිපත් වීම අඩුවීම, ගැටලු විසඳාගැනීමට නොදන්නාකම නිතර ඇතිවෙන ප්‍රශ්න බව ජනමාධ්‍යයෙන් ඔබ දකිනවා ඇති. මේවන විට D විටමින් අඩුකමින්ද දරුවන් පීඩා විදී.

සැබැවින්ම සාර්ථක, බුද්ධිමත්, සමබර දරුවෙක් ඔබට අවශ්‍ය නම් එළිමහන් කණ්ඩායම් ක්‍රියා සහ භාවනා අභ්‍යාස ඇතුලත් මෙවැනි වැඩසටහන් වල අවශ්‍යතාව අතිමහත් බව ඔබ තේරුම් ගත යුතුයි.

🌷තමන්ට ආස දේ තමන්ට ඕන විදිහට කරන්න පුළුවන් දවසක්....
🌷හිර වුණු පන්ති කාමරයෙන් මිදිලා...අලවන්න, කපන්න, නටන්න, ගයන්න විතරක් නෙමෙයි තමන්ගේම නිර්මාණාත්මක හැකියාව පිටතට යොමු කරන්න හැකි හැකි වුණු දවසක්....

දෙමව්පියන් හිතාගෙන ඉන්නේ දරුවන් පාසලටත් අමතර පන්තිවලටත් යවලා උගන්වන දේවල් වලින් විතරක් මුළු ජීවිතයම ජය ගන්න එයාලට පුළුවන් කියලා....ඒක කවදාවත් කරන්න බෑ දරුවාගේ මොළයේ එක කොටසක් විතරයි ඒ විදිහට වර්ධනය වෙන්නේ...ඉතිරි සියල්ල දරුවන් ලබන්නේ එයා ජීවිතය විඳින අත්දැකීම් ඔස්සේ...

ඒත් අද කාලයේ දරුවන්ට අත්දැකීම් නෑ සුන්දර අත්දැකීම් කොහෙත්ම නෑ නිදහසේ ඉන්න නෑ අපිට කතා කරන බොහෝ වැඩිහිටි දරුවන් කියන්නේ "මට නිදහසේ ඉන්න දෙන්න" කියලා දෙමව්පියන්ට පැහැදිලි කරන්න කියලයි.

දරුවාට තමන්ටම ඕන දේවල් කරන්න වැඩිහිටියන් කොයි වෙලාවක වත් ඉඩ දෙනවද කියල බලන්න...ඔබට වගේම දරුවන්ටත් මානසික පීඩාව ඇති වෙනවා...තමන් ආස දෙයක් කරගන්න බැරි වෙනකොට ඕනෑම කෙනෙක් පීඩාවට පත් වෙනවා...එහෙම දරුවන් අකීකරු ගතිගුණ පෙන්වනවා... තරහ යනවා .....පාසලේ වැඩ කරන්න කැමති නැහැ... අකුරු ඉගෙනීම ළමයට එපා වෙනවා ...මේ තත්වයට පත්වෙන්න හේතුව එයා ආස කරන සුන්දර අත්දැකීම් වලින් ජීවිතය විඳින්න එයාට ඉඩ නොලැබෙන එකයි.

මාසයකට දවස් දෙකක් STEP FORWARD OutPro වැඩසටහනට දරුවන් එකතු කිරීම හරහා එයාලගේ ජීවිතයේ ලොකු වෙනසක් දකින්න ඔබට පුළුවන් වෙනවා.. එළිමහනේ වැඩ කරන්න, දරුවන්ට සෙල්ලම් කරන්න, කණ්ඩායමක් එක්ක ලැබෙන අත්දැකීම් බෙදාගන්න, භාවනා කරන්න,සිත එකඟ කර ගන්න, නිර්මාණාත්මක දේ කරන්න, කෑම උයන්න ....දෙමව්පියන් දැනුවත් කිරීමේ parenting session එකක් හා දරුවන් ඉතාම ආසාවෙන් දස්කම් පෙන්වන වැඩසටහනක් අපි ඔන්ලයින් විදියට නොමිලයේ ඔබ වෙනුවෙන් ලබා දෙනවා......මේ හරහා දරුවාගේ දකුණු මොළයේ වර්ධනය වේගවත් වෙනවා... ඒ නිසාම එයා ඉගෙනීමට කැමැත්තෙන් යොමු කරගන්න පුළුවන් වෙනවා. දරුවා ජීවිතයට ඉලක්ක ඇතිකර ගැනීමෙන් තමන් සොයා යන්නට පෙළඹෙනවා....එයයි දරුවා ලබන නියම අධ්‍යාපනය...!

දරුවා තනිවම කොයිතරම් දේ ඉගෙන ගත්තත්, අවසානයේ වැඩිහිටියෙක් වී වැඩ කළ යුත්තේ මිනිසුන් කණ්ඩායමක් සමග එක්ව තවත් මහ ජනතාවක් වෙනුවෙන්. එහිදී ඔවුන් සමබරව, සාර්ථකව කටයුතු කරන්නේ ළමා වියේ ලැබූ සුන්දර අත්දැකීම් සහ කණ්ඩායම් වැඩ වල හුරුව සමඟයි. මේ සියලු දේ අප මේ තරම්ම කැපවී සූදානම් කරන්නේ ඔබේ දරුවාගේ අනාගතය යහපත් කර ගැනීමටයි.

දරුවන්ගේ වයස
අවු 4 - 11
සියලු විමසීම් ඔබේ ප්‍රදේශය භාර ගුරුවරුන්ගෙන් දැනගත හැකියි.