Skip to content
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
Menu
Home
About Us
Our Team
Programmes
Methodology
Counselling
Archives
Library Books
Blog
Events
Gallery
Contact
තවත් අපූරු අත්දැකීම් රැසක් එක්ක ඊයෙ අපේ වැඩසටහන් ප්‍රදේශ හතක සිදුවුණා....
දරුවන්ට ලබා දීපු හැම ක්
රියාකාරකමක්ම මනෝවිද්
යාත්මක පදනමක් ඇතුවයි අපි සිදු කළේ..සිහිය පිහිටුවා ගැනීම, අනිත් කෙනාට සවන්දීම, සහයෝගී බව වර්ධනය කර ගැනීම, ක්ෂණික තීරණ ගැනීම, බුද්ධිමත්ව ක්
රියා කිරීම වැනි බොහෝ දේට ඔවුන් මැනවින් හුරු වුණා. ඇති තරම් සතුටු වුණා… මීළඟ සති දෙක පුරාම ඔවුන් කතා කරන්නේ මේ ගැන බව අපිට හොඳටම විශ්වාසයි….මීළඟ වැඩසටහන පැවැත්වෙන්නේ මාර්තු 26 වෙනිදා….දරුවන්ටත් දෙමව්පියන්ටත් සතිපතාම වැඩසටහන කරන්න ඕනෑ වෙලා… ඒත් අපිට හරිම දුෂ්කරයි ඒ වෙනුවෙන් සියලු දේ සූදානම් කර ගැනීම…
කොළඹ පැවති වැඩසටහනට මා සහභාගි වුණු නිසා දෙමව්පිය හමුවක් පැවැත්තුවා…එහිදී දෙමව්පියන්ට ලබාදුන් අභ්
යාසය හරහා ඔවුන් තමාගේ ළමා කාලයට ගියා…ඒ ළමා කාලයේ සතුට රසවින්දනය අතර ගිලී ගිය දෙමව්පියන් අවසානයේ අවබෝධ කර ගත්තේ හරි අපූරු සංකල්පයක්. සැබෑ සතුට තියෙන්නෙ සොබාදහමත් එක්ක දුවපැන නටපු අතීතයේ…. යහළුවන් මිතුරන් එක්ක සෙල්ලම් කරපු කාලයේ මිස අමතර පන්තියකවත්, පාසලේ ගුරුවරුන් උගන්වපු විෂයකවත් නොවන බවයි..එහෙමනම් අද කාලයේ දරුවන් සතුට විඳින්නේ කොතැනකදීද ? ඔවුන් අනාගතයේදී ආසාවෙන් රස විඳින්නේ මතක් කරන්නේ මොනවාද ? පන්ති කාමරයේ ගොඩනැගිලිවල හිර වුණු, හැමදාමත් ගෙදර වැඩ කරන අද ඉන්න දරුවන්ට මානසික පීඩනය හැරෙන්න සතුටක් ලැබෙන්නේ කොහෙන්ද ? දරුවෝ ඉගෙන ගන්නේ අත්දැකීම් ලබමින්…ජීවිතය ඉගෙන ගන්න බැහැ පොතපතින්. මේ නිසා අපි අධ්
යාපනයත් දරුවන්ගේ සතුටත්, බුද්ධිය වර්ධනය කර ගැනීමත් සමබරව රැකගෙන කළයුතු වෙනවා..
ගුරුවරියන්ගේ කැපවීම, ඔවුන් පිටුපස සිටින යෝධ ශක්තියක් වන ඔවුන්ගේ සැමියන්ගේ කැප කිරීම, ඒ වගේම සහායක තරුණ කණ්ඩායම කියන හැම කෙනෙක්ම මේ කරන සේවය වචනවලින් කියා නිමා කරන්න බැහැ!
දරුවන් රැගෙන ආ දෙමවුපියන්ගේ සහයෝගයත්, ඔවුන් කාලය කැප කරමින් දරුවන්ගේ සැබෑ සතුට, බුද්ධිමත් භාවය වැඩි කර ගැනීමට මේ ගෙනයන උත්සාහයත් අගය කරන්න ඕන. එය ගලායන ගඟක උඩු අතට පිහිනීම වැනි අධික කැපකිරීමක් ධෛර්යයක් ඇති අයෙකුට පමණක් කළ හැකි දෙයක්. සියලුම දෙමව්පියන් “අර පන්ති, මේ පන්ති” වලට දරුවන් ගෙන යන අතරේදී, ඒ රැල්ලෙන් මිදී, මෙවැනි වැඩසටහනක අගය තේරුම් ගැනීමට හැකි දෙමව්පියන් වීම ඇත්තෙන්ම ආඩම්බරයට කරුණක්.
චාන්දිමා මුනමලේ ඈපා වෘත්තිය
මනෝවි
ද්
යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
0715750525
More Images