STEP FORWARD SHADOW SOULS: වැඩිහිටියන්ගේ ONLINE පාඨමාලාව ගැන නොමිලයේ කෙරෙන වැඩසටහන
වැඩිහිටියන්ගේ Online පාඨමාලාව ගැන නොමිලයේ කෙරෙන වැඩසටහන ජූනි 19 ඉරිදා උදේ 10-11.
Link අවශ්‍ය අය Srithika ට දැනුම් දෙන්න. WhatsApp කරන්න.
www.stepforwardlanka.com
මේ දිනවල අපි හැමෝම ඉන්නේ මේ රටේ තියෙන දහසකුත් එකක් ප්‍රශ්න විසඳා ගන්න බැරුව විශාල පීඩනයකින් බව අපි දන්නවා…එහෙත් ඒ සියල්ල මැද මානසිකව ශක්තිමත්ව අපි ඉදිරියට යා යුතුයි. හැම කෙනෙක්ම කෑම කල්තබා කල් තබා ගැනීම ගැන, අරපිරිමැස්ම ගැන බෙහෙවින් උනන්දු වෙනවා, එය ඉතා හොඳයි..! නමුත් අමතක කරන්න එපා ඔබේ ජීවිතය ගැන, ඔබේ මනස ගැන, ඔබේ ආත්මීය වටිනාකම ගැන…අමතක කරන්න එපා ඔබ මේ මිහිතලයේ ගනුදෙනුවක් සඳහා පැමිණි ආධ්‍යාත්මික ජීවියෙක් බව..සැබෑ සැනසීම, නිවීම තියෙන්නේ ඔබ ඔබව හඳුනාගත් තැනයි.
ඔබ දන්නවද මේ පාඨමාලාවට කලින් සහභාගි වූ අපේ සාමාජිකයින් මේ සියලු ප්‍රශ්න හමුවේ ඉතාමත්ම සතුටින් සැහැල්ලුවෙන් ඉදිරියට යන බව? ඒ අය හිතින් ශක්තිමත්..දැඩි අධිෂ්ඨානයකින් ඉදිරියට යන්න ලොකු පෙළඹීමක් තියෙනවා…එහෙම වෙන්න හේතුව තමන් තමන්ගෙ ශක්තිය හොඳින් හඳුනාගෙන තියෙන එක…
🌼තරහ යන එක නවත්ත ගන්න අවශ්‍ය නම්,
🌼නිතරම සතුටින් ඉන්න කැමතිනම්,
🌼පවුලේ සියලුම දෙනාගේ දියුණුව අපේක්ෂා කරනවා නම්,
🌼සියලුම බාධක මැද තමන්ගේ ශක්තිය තියාගන්න අවශ්‍ය නම්….
මේ පාඨමාලාව ඔබටයි.
අපි වරින් වරට කිසිම අයකිරීමකින් තොරව වැඩසටහන් කරනවා….ඔබත් හැකි තරම් ඒවාට සම්බන්ධ වෙලා තමන්ගෙ ආත්මීය ශක්තිය වැඩි කරගන්න. හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනක් තියනවානේ..ඇත්තටම ඔබ තවමත් ඔබේ හිතේ ශක්තිය හඳුනන්නේ නැහැ…! මොන බාධක ප්‍රශ්න ආවත් තමන්ගේ අරමුණ කරා අධිෂ්ඨානශීලී ගමනක් යන්න තමන් සතුව විශාල ශක්තියක් තියෙන බව ඔබ දන්නෙ නෑ….අපි දන්නා හැම දෙයක්ම අපි ඔබට කියා දෙන්න සූදානම්..!
පාඨමාලාව දින 16 යි( මාස 4)
වෙලාව: බ්‍රහස්පතින්දා රෑ 9 – 10.30
මාසික අයකිරීම : රු 2500/= යි.
ඔබට ලැබෙන දේ : නිර්මාණාත්මක චිත්‍ර ප්‍රතිකාර – Art Therapy sessions , හිත සැහැල්ලු කරන අභ්‍යාස – relaxation exercises, සංවාද භාවනා සැසි – Dialogue Meditation sessions ( කතා කරන අතරතුර සිහිය පිහිටුවා ගැනීම)
දැකගන්න විවිධ රටවලින් සම්බන්ධ වූ කලින් කළ අයගේ ඡායාරූප….
https://m.facebook.com/groups/400541487237199/permalink/912626666028676/
කලින් කළ අයගේ අපූරු අදහස්….
https://m.facebook.com/story.php?story_fbid=1369300866758795&id=543993925956164
මනුෂ්‍යත්වයෙන් පිරි, සතුටින් සිටින අයෙක් වෙන්න.. ඔබත් අපි එක්ක එකතු වෙන්න 🙏🙏
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා / ලේඛිකා/ EMDR therapy / Creative Arts therapy / ID meditation ( USA) පුහුණුව ලත් ,
නිර්මාතෘ STEP FORWARD LANKA, පරිවර්තනයේ සරසවිය
0715750525
www.stepforwardlanka.com
Srithika 0773363260 whatsApp කරන්න