කෙනෙකු සතු බුද්ධිය, රූප සෝභාව සේම නිර්මාණාත්මක බවද දුර්ලභව, යටපත්ව පවතින ආවේණික ගුණයකි. එය ඉගැන්වීමට නොහැකිය. මිනිස් සිරුරේ යම් මස් පිඬුවක් වර්ධනය කරගන්නවා සේම වර්ධනය කර ගැනීමට හැකි, අවධි කර ගැනීමට හැකි සුවිශේෂී කුසලතාවයකි.
දරුවෙකුට/වැඩිහිටියෙකුට විවිධ වූ අවස්ථා ලබා දීමෙන්, නැවත නැවත පුහුණු වීමට යොමු කිරීමෙන් ඔහු සතු, සැඟව පවතින නිර්මාණාත්මක බව අවධි කරගත හැකි වෙයි. එමගින් එය වඩා ශක්තිමත්ව, ස්වභාවිකව පවතින ගුණයක් බවට පත් කර ගත හැකි වනු ඇත.
Fell less stressed, Feel better about themselves, Improve concentration levels, Increase energy levels, Maintain a healthy weight, build and maintain friendships as they grow older.
අප සෑම සියලු දෙනාම කිසියම් කණ්ඩායමක සාමාජිකයෙකු වෙමු. කණ්ඩායමක් තුළ යහපත් ලෙස හැසිරෙන්නට හුරුවීම ගැටලු විසඳා ගැනීමට ඉවහල් වෙයි. එමගින් සමාජ ඇසුර ශක්තිමත් වනු ඇත. නිවැරදි සන්නිවේදනයට පුද්ගලයා යොමුවෙයි. සම වයස් කණ්ඩායම නිසා සතුට වැඩෙයි. භේද ඉවතලා බෙදා හදා ගැනීමෙන් යුතුව ජීවත්වීමට හුරුවෙයි.
පුද්ගලයෙකු සතු යහපත් කණ්ඩායම නිසා මානසිකව ඇතිවන ආතතිය දුරු වෙයි. තමන් ගැන ධනාත්මක හැඟීමක් ඇතිවීමට, ආත්ම ශක්තිය වර්ධනයට එයම හේතුවක් වෙයි. මතක ශක්තිය වර්ධනය වීමට, අවධානය වැඩි දියුණු වීමට සතුටුදායක කණ්ඩායමකින් ලැබෙන්නේ මහත් රුකුලකි.
කණස්සල්ල, කෝපය, දුක ඉවතලා මේ මොහොත වෙත සිහිය පිහිටුවීමට හුරුවීම ජීවිතයේ ඇතිවන ප්‍රශ්න රාශියකට විසඳුමකි. අද ලෝකයේ පවතින තරඟකාරී බව නිසා වැඩිහිටියන් සේම දරුවන්ද ආතතියට පත්ව තිබේ. කුඩා වයසේ සිටම උපේක්ෂා සහගතව ජීවිතය සමඟ ගණුදෙනු කිරීමට හුරුවීම අතිශය වැදගත් කරුණකි.
පොළොව බදා ස්පර්ශ කිරීමෙන් ලබා දෙන ශක්තිය ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අත්‍යාවශ්‍යයෙන් හේතු වෙයි. පර්යේෂණ වලින් පෙන්වා දෙන්නේ පොළොව සමග සම්බන්ධකම අඩුකම නිසා “ඉලෙක්ට්‍රෝන ඌනතා රෝග ලක්ෂණ” වැළදෙන බවයි. ඔබ ඉලෙක්ට්‍රෝන සපිරි මේ මහ පොළොව බදා සිටින විට ස්නායු පද්ධතියේ සමබර බව ඉහළ යන්නට පටන් ගනියි. ඒ සමගම ඔබේ රුධිර ඝනත්වය තුනී කරමින් ප්‍රතිශක්තිය වැඩි කරන්නට එය හේතු වෙයි. ඍණාත්මකව උද්දීපනය වී ඇති අයන සමබර කරමින් කායික ශක්තිය ඉහළ නංවයි. දරුවන්ට කුඩා කළ පටන් ලබාදෙන මෙම පුහුණුව නිරෝගී අනාගත පරපුරක් බිහි කිරීමට හේතුවනු ඇත.