STEP FORWARD MEGA OUTPRO 6
 
හන්තාන අහස යට, පේරාදෙණිය සරසවි භූමියේදී
 
කියා නිම කළ නොහැකි සොඳුරු අත්දැකීම් සමුදායක් ජීවිතයට එක් කරමින් පුංචි දරුවන් දෙමව්පියන් සතුටු වුණු ඒ දවස…2022 අගෝ 20.
 
STEP FORWARD මහනුවර කණ්ඩායමේ කැපවීම නිසාම ආලෝකවත් වුණු දවසක්…
 
මෙවැනි දේ ජීවිතයට එක් කරන්නට ළමා වියේ සිටම මඟ පෙන්වූ ආදරණීය පියාණන්, වෛද්ය ජුපිටර් මුනමලේ මහතා අපේ ප්රධාන අමුත්තා කරගත්තේ එතුමන්ට දක්වන ගෞරවය වෙන වෙන කිසිවෙකුටත් ලබාදිය නොහැකි නිසයි.
 
කිසි දිනකත් එකිනෙකා දැක නොතිබුණු Online අපේ කණ්ඩායම එදා එකිනෙකා වැළඳ ගත්තෙ හදපිරි සෙනෙහසින්…සියලු දෙනාටම Welcome Drink හැදුවේ අපේම පොඩිත්තන්…Srithika ගුරුතුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන් සූදානම් කරගෙන ආ ද්රව්ය එකතු කරගෙන STEP FORWARD Kiddies Kitchen එදා එළිමහනේ දී සැකසුවා. ඒ පානයේ රසවින්දේ ඔවුන් පවුල් අතර බෙදාගෙන..
 
Erandika ගුරුතුමියගේ අපූරු හඬින් STEP FORWARD Master Club දරුවන්ගේ සහයෝගයෙන් වැඩ සටහන තවත් කල එලිවුනා…
 
සංගීතය රස විඳිමින් (Music therapy ) භාවනාවෙන් සිත එක්තැන් කර ගත් දරුවන් වැඩිහිටියන් සියලුදෙනාම අහස පුරා චිත්ර ඇන්දා ( Art Therapy Activities )…..ඉන්දියාවෙන්ම අප වෙත ලබාදුන් හෝලි වර්ණවලින් දරුවන් දෙමව්පියන් නැහැවී ගියේ හද උතුරා යන සතුටකින්….විවිධාකාර රිද්ම අනුව ඔවුන් හැමෝම දෑස් පියාගෙන, මුළු ශරීරයම සැහැල්ලු කරමින් නර්තනයේ යෙදුණා…( Dance Therapy ) එය ජීවිතයට අමතක නොවන අපූරු මතක සටහනක් බව හැමදෙනාම පසුව අදහස් දැක්වුවා…
Ranil Sir දරුවන් වැඩිහිටියන් සියලු දෙනාවම උපරිමයෙන් සතුටු කරමින් සෙල්ලම් කරන්නට යොමු කළා…පවුලක් විදිහට එකතු වෙලා දරුවන් එක්ක සතුටු වෙන්න වෙලාවක් නැති දෙමව්පියන් දරුවන් එක්ක උපරිමයෙන් සතුටු වුණා…
 
හරි අපූරු ඇල්ලකින් සිත් සේ නාන්නටත් අපිට අවස්ථාව ලැබුණා…( Water Therapy ) කන්ද උඩරටින් ගලා යන සීතල දිය පාර හැමදෙනාවම ප්රබෝධයෙන් මත් කළා…
Thilini, Sewwandi, Bhagya එක් වෙමින් සියලුම කටයුතු සංවිධානය කළ මහනුවර Tharanga ගුරුතුමියට ලබාදුන් සහයෝගය මෙතෙකැයි කියන්න බැහැ…පිට පළාත් වලින් පැමිණි අනිකුත් සියලුම ගුරුවරුන් ඒ සමග එකතු වුණා..Tharanga ගුරුතුමියට සහයෝගය උපරිමයෙන් ලබා දුන් කැමරා ශිල්පී Adeepa සොහොයුරා වගේම Projector සහ වාදන සහාය ලබා දුන් Amila මහතා කළ කැපකිරීම් කිසිදාකත් අමතක නොවෙන බව සඳහන් කළ යුතුමයි.
 
රටේ පවතින දහසකුත් එකක් බාධක මැද, ගමනාගමන අපහසු කම් නොතකා, ආර්ථික දුෂ්කරතා අමතක කොට, තමන්ගේ දරුවන්ගේත් පවුලෙත් සතුට වෙනුවෙන් මවුපියන් දැක්වූ සහයෝගය හදවතින්ම අගය කරනවා…
 
Tharanga ඇතුළු මහනුවර කණ්ඩායමටත්, STEP FORWARD සහයක කණ්ඩායමටත්, පේරාදෙණිය විශ්ව විද්යාලයේ සහාය කටයුතු වෙනුවෙන් කැපවූ Anushanga සොහොයුරාටත්, පේරාදෙණිය විශ්ව විද්යාලයේ කාර්ය කාර්යමණ්ඩලයටත්, නන් අයුරින් සහය දැක්වූ සැමටත් මේ වෙලාවේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා…🙏🙏🙏
තවත් නොබෝ කලකින් STEP FORWARD Mega Outpro 7 සමග, මේ පුංචි දිවයිනේ තවත් අපූරු සුවදායි නගර භූමියකදී අපි සියලු දෙනා නැවත හමුවෙමු.
 
එතෙක් STEP FORWARD OutPro මාසික වැඩසටහන් සමග ඔක්තෝබර් මාසයේ සිට කොළඹ, මහනුවර, ගාල්ල ප්රදේශවලදී ඔබට නැවතත් එක් විය හැකියි. ලෝක ළමා දිනය මුල් කරගනිමින් ඔක් 1 සහ 22 එම මාසයේ Outpro දින දෙකේදී අපිත් එක්ක එකතු වෙන්න කැමති හැමෝම උදාරි 0725749844 ට කියන්න.
 
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
 
පරිවර්තනයේ සරසවිය 0715750525