" ජීවිතය ජීවත් කරන්න අපි උපයන දේ අවශ්යයි.ඒත් අපිට ජීවිතය ලැබෙන්නේ අපි දෙන දෙයින්.."
ගමක දරුවන් එකසිය ගණනක් වෙනුවෙන් නොමිලයේ මේ කරන වැඩසටහන නිසා අපි ලබන සතුට වෙනත් කිසිම තැනකදි අපට ලැබෙන්නේ නැති තරම්…..
නිවාඩු දවසේ තමන්ගේ සියලු වැඩ පසෙකලා මේ උදාර කටයුත්තට අද සම්බන්ධ වුණු අපේ කණ්ඩායමේ ඉනෝකා ගුරුතුමියටත් නිමාෂා ගුරුතුමියටත් බෙහෙවින් ස්තුතියි..
දරුවන් ගැන මම අමුතුවෙන් කියන්න අවශ්ය නැහැ මේ පින්තූර ඔබට කතාව කියයි…අන්තිමට තියෙන video දෙකත් බලන්න 
ගිය වතාවේ වැඩසටහනේදි දරුවන් ඇවිත් වඳිනකොට, මම එක පුතෙකුට පිටට තට්ටු කරලා කිව්වා “හොඳට වැඩ කරන්න පුතේ.. ඔයාට හොද අනාගතයක් තියෙන බව පේනවා” කියලා…දරුවන් සිය ගණනක් වඳින අතරතුර අද ඒ දරුවා නැවත නැවත පැමිණ මට තුන් පාරක් වැඳපු බවත්, පුළුවන් තරම් මගේ ලඟින්ම ඉන්න උත්සාහ කළ ආකාරයත් මට දැනුනා…සමහර විට ඒ දරුවාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න ඒ වචන කීපය බලපාන්න ඇති.
මේ ගමේ සංවර්ධන නිලධාරීතුමිය නොසිටින්නට මේ කිසිවක් අපට කරන්න බැහැ..රාජකාරියෙන් බැහැරව තමන්ගෙ ගමේ දරුවන් වෙනුවෙන් මේ විදිහට කැපවෙන අනූෂා මහත්මියට බෙහෙවින් ස්තුතියි..
සියලුම දෙනා වෙනුවෙන් ගමේ මව්වරු එකතුවෙලා රසවත් බීමක් හැදුවේ තමන්ට හැකි අයුරින් යමක් කළ යුතු බව හැඟුණු නිසාවෙන් විය යුතුයි.
එක ගමක දරුවන්ගේ හෝ අනාගතය යහපත් කරන්නට අපට හැකි වුනොත් මේ එකසිය ගණනක් දරුවන් නිසා අනාගතයේ ඔවුන් වටා සිටින දහසක් ජීවිත සුවපත් වේවි!
වැඩසටහන සාර්ථක කර ගන්නට උදව් කළ සියලුම දෙනාට පින් 
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය 0715750525 www.stepforwardlanka.com

