අවසානයේදී අපේ ජයග්‍රාහී කණ්ඩායම් තෝරා තෑගි බෙදා දීමත්, ගුරුවරුන් වෙනුවෙන් තුටු පඬුරු බෙදා දීමත් සිදු කෙරුණා.

අවසානයේදී අපේ ජයග්‍රාහී කණ්ඩායම් තෝරා තෑගි බෙදා දීමත්, ගුරුවරුන් වෙනුවෙන් තුටු පඬුරු බෙදා දීමත් සිදු කෙරුණා.
STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල” දෙවන දිනය වුණු
දෙසැ 17 වැඩසටහනේ අවසන් හෝරා කීපය ගෙවුණේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ අදහස්, යෝජනා, අපේ අඩුපාඩු සොයා බලන්නටයි. අවසානයේදී අපේ ජයග්රාහී කණ්ඩායම් තෝරා තෑගි බෙදා දීමත්, ගුරුවරුන් වෙනුවෙන් තුටු පඬුරු බෙදා දීමත් සිදු කෙරුණා. මෙහිදී සියලුම පවුල්වලට Surprise Gift එකක් තමයි තෑගි විදියට ලැබුණේ. ජයග්රාහී කණ්ඩායමට ලොකු පෙට්ටියක් තෑගි දෙනකොට ඔවුන් හිතුවේ අනිත් කණ්ඩායම් වලට වඩා වෙනස් දෙයක් තමන්ට තෑගි විදියට ඇති කියලයි. නමුත් හැමෝටම අපි දුන්නේ එකම තෑග්ග. ඒ තමයි ඒ අයගේ පවුලේ ඡායාරූපය ! අමතක කරන්න බෑ මෙතනට නත්තල් සීයත් ආවා…දරුවන් දෙමාපියන් හැමෝම උත්සාහ කළේ නත්තල් සීයා දෙන චොකලට් තමන්ට ලබා ගන්නටයි..😃
අවසානයේ සමූහ ඡායාරූප ගනිමින් වැඩසටහන ඉතාම සතුටින්, අත්දැකීම් රැසක් සමග සාර්ථකව නිමා කරන්නට අපට හැකි වුණා. STEP FORWARD LANKA කළුතර පානදුර කණ්ඩායමේ Tharanga Nirupamali , Sandamali Wimalarathne , Dilini Jayawickrama , Gayathri Shiranthika , Manjula සහ ඒ අයගේ පවුල්වල සියලුම දෙනාටත්, මහනුවර සිට තමන්ගේ දුවත් එක්ක මේ වැඩසටහන වෙනුවෙන්ම පැමිණි Tharanga Sanjeewani Edirisingha ඔබටත්, ඈත දුර බැහැර අනුරාධපුරයේ සිට පැමිණි Hansini Wijewardhana යුවළටත්, ඡායාරූපකරණයෙන් සහාය දැක්වූ ලහිරු පෙරේරා සහ M Tharique S Sabar ඔබටත්, වීඩියෝ කරණයෙන් සහාය දැක්වූ Chamelie Heshala Epa දියණියටත්, අනෙකුත් සියලුම ගුරුවරියන්ට සහ ඒ පවුල්වල අයටත්, වැඩසටහනට නොපැමිණියත් විශාල සහයෝගයක් ලබාදුන් Shalika Medawala , Muditha Hettiarachchi , Miyu Weerasinghe ඔයාලා හැමෝටමත්, Green Shadow Beach Hotel කාර්යමණ්ඩලයටත්, අපව විශ්වාස කොට පැමිණි දෙමව්පියන්ට සහ දරුවන්ටත්, නන් අයුරින් සහය දැක්වූ සියලුම දෙනාටත් ඉතාමත්ම ස්තුතියි 🙏🙏🙏🙏
2024 මාර්තු අවසන් සතියේ අවුරුදු උත්සවය සමඟ නැවත හමුවෙමු. 🩷💛💚🧡

Leave a Reply

Your email address will not be published. Required fields are marked *