Event C :
මුහුදු වෙරළ කියන්නේ අපට මුළු ලෝකයම අමතක කරන්න පුළුවන් හරිම ලස්සන තැනක්….අපේ ඊළඟ අංගය විදිහට අපි හවායි ක්රමයට මුහුදු වෙරළේ සතුටු වුණා…හැම පවුලක්ම එක වගේ ඇඳුම් වලින් සැරසී සිටියේ හරිම ලස්සන හැඟීමක් හිතට ඇති කරමින්….
මේ ලෝකයේ අපිව සුවපත් කරන ප්රධානම තැන තමයි අපේ පවුල….පවුලෙ හැම දෙනාටම එකම වෙලාවක සතුටින් විනෝදයෙන් ඉන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්….STEP FORWARD වැඩසටහන් කෙරෙන්නේ හැම දෙනාගෙම හිත සුවපත් කරන්න, ඇති තරම් Relax වෙන්න..
මේ විනෝද ක්රීඩා වලදී පුදුම තරම් අපි හැමෝම හිනා වුනා…ඇති තරම් හයියෙන් හිනා වුණා…එහෙම හිනා වෙන්න වත් වෙලාවක් නැති, ඉඩකඩක් නැති අය තමයි අපි හැමෝම..මේ දවස් දෙක අපිට මේ තරම් වැදගත් වුණේ ඒ නිසයි.
පොඩිත්තන් එයාලා විසින්ම හෝ දෙමාපියන් එක්ක එකතු වෙලා හදාගෙන ආව මල්මාලා, අත්පළඳනා, හිස් පළඳනා දාල හිටියෙ වෙරල තීරයේ සුරංගනා ලෝකයක් මවමින්…මෙහි දරුවන් බොහෝ දෙනෙක් එකිනෙකා හඳුනන්නේ නෑ..දෙමව්පියන් එකිනෙකා කවදාවත් දැකලත් නෑ…ඒත් මනුෂ්යත්වය ඒ කිසි දෙයකට බාධාවක් නෙවෙයි.

