B Mega Sand Creations
එදිනෙදා කාර්යබහුල රාජකාරි ජීවිතය අමතක කළ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, කථිකාචාර්යවරුන් වගේම සමාජය පිළිගත් තවත් උසස් නිලතල දරන මේ මව්පියවරුන් එදා දවසේ දී පුංචි දරුවන් බවට පත්වුණ බවයි පෙනුනේ..
අපි හැම කෙනෙක් තුළම අපගේ “ළමා කාලය” හැමදාමත් ජීවත් වෙන බව දැකගන්නට මීට වඩා නිදසුනක් නැහැ…
කුඩා දරුවන් තමන්ගේම ලෝකවල වැලි අනමින්, මඩ නා ගනිමින් ඇති තරම් සෙල්ලම් කළා…Sand Therapy, Mud Therapy, Water Therapy ක්‍රියාකාරකම් හැම දෙනෙකුගේම ජීවිත සුවපත් කරනවා.. දරුවන් වගේම දෙමව්පියන් සොබාදහමෙන් සුවපත් කරන්නට මීට වඩා ප්‍රතිකාරයක් ඇත්තේ නැහැ..

