රටේ සතර දෙසින් STEP FORWARD Mega Outpro වෙත පැමිණි දෙමව්පියන් දරුවන් දෙදින වැඩසටහනක් නිමා කරමින් සතුටින් අදහස් බෙදා ගත්තා…
මීළඟ වැඩසටහන සිංහල අවුරුද්ද තේමා කරගනිමින් හෙළ අවුරුදු සිරිත් විරිත් අවුරුදු ක්රීඩා එකතු කරගනිමින් අනුරාධපුරයේ ගම්මානයක දී පැවැත්වීමට STEP FORWARD සූදානම් බව අපි ඔවුන්ට දැනුම් දුන්නා. තවත් අලුත් නොහඳුනන පවුල් රැසක් සමග අපි හැමෝම මාර්තු මාසයේ අවසන් සති අන්තයේදී හමු වෙන්නට සූදානම්.
ඔබත් කැමති නම් කියන්න ( WhatsApp 0715750525)
හැල්මේ දුවන ජීවිතයට විවේකයක් ලබා දෙමින් සතුට, අවබෝධය එකතු කරගන්නට,
පවුලේ සියළු දෙනාට එක්ව ජීවිතය විදින්නට ඉඩ හසර ලබා දීමට අප දරන පරිශ්රමය,
අංශු මාත්රයකින් වත් අපතේ නොගිය බව අපට එකහෙළා විශ්වාසයි.
එදින සහභාගි වීමට නොහැකි වූ පවුල් කිහිපයක් වියදම් කළ මුදලින්, තවත් කීප දෙනෙක් නොමිලයේ මේ අවස්ථාව ලබා ගත්තා..ඒ සියලු දෙනාටම පින්
මේ වෙනුවෙන් ඇප කැප වූ පැමිණි නොපැමිණි අපගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ටත්, ඡායාරූපකරණයෙන් අපට සහය වූ සමන්තිකා මහත්මියටත්, සියලු පහසුකම් සම්පාදනය කළ Topaz Beach Hotel කළමනාකාරිණී නිමල්කා මහත්මිය ඇතුළු කණ්ඩායමටත් බෙහෙවින් ස්තුතියි

