STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය කියන්නෙ පවුලේ හැමෝගෙම ජීවිතය වෙනස් කරන, සුන්දර කරන නවාතැනක්. ජීවිතය සමබර කරගන්නට දිවා රෑ වෙහෙසෙන වැඩිහිටියන්, අධ්‍යාපනික පීඩනයෙන් හෙම්බත් වුණු දරුවන් නිදහස, සතුට, සාමය වගේම ජීවිතයට යහපත් වෙනසක්, සැබෑ පරිවර්තනයක් සොයනවා. ඉතින්
2025 දී අපි ඔබ වෙත ගෙන එන දේ කෙටියෙන් පහදන්නම්.
මෙතෙක් පැමිණි සියලු දෙනාගේ ජීවිතය අතිශය වෙනස් කළ SS දින 8 පාඨමාලාව චිත්‍ර ප්‍රතිකාරාත්මක සහ මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක්. පිටරටවල ඉන්න අයටත් එන්න පුලුවන්. උදේ වැඩසටහන (SS 12) හෝ රෑ වැඩසටහන (SS 13) තෝරාගන්න ඔබට පුළුවන්. අවු 18 ට වැඩි ගැහැණු පිරිමි හැමෝටම එකසේ වැදගත්. වෙනදාට වඩා 50% අඩුකළ මිලක් මෙවර තීරණය කළේ රටේ ආර්ථික අපහසුතා නිසා. මේ අවස්තාවෙන් ඔබත් උපරිම ප්‍රථිඵල ළඟා කර ගන්න. Link වලින් ගොස් අන් අයගේ අදහස් දැකගන්න.
SS 11 පසුගිය වැඩසටහන :
දරුවන් නිවැරදිව හදාගන්න, තමන්ගෙ අඩුපාඩු දැකගන්න පෙන්වා දෙන මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක්. අපි කොයිතරමි උගත් වුණත්, සමහර විට දරුවන් අපට අරන් එන්නෙ අලුත්ම පාඩම්! මෙය දවස් 5 ක පාඨමාලාවක්. (මාසෙකට දවසක්).අවම මිලකට. පළමු වැඩසටහන ජන 21
දහම් සාකච්ඡා, භාවනා, මනෝ උපදේශනය ඇසුරෙන් ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය දැනුම, අවබෝධය ලබාදීම කෙරෙනවා. මාසෙකට දින 8ක් උදේ වැඩසටහනට ජන 2 සිට (රු 2000/= අවම මුදල) හෝ දින 4 ක් රාත්‍රි වැඩසටහනට ( රු 1000/= අවම මුදල) සම්බන්ධ වෙන්න පුලුවන්. මේ අවම මිල. මීට වඩා මුදලක් ඔබ සතුටින් ලබා දෙනවා නම් එය අපගේ අවශ්‍යතා සහ තාක්ෂණ පහසුකම් වලට රැගෙන, අසරණ අය වෙනුවෙන් පවතින Heart 2 heart අරමුදලට බැර කරනවා. එය ඔබට මහත් කුසලයක් 
ගෞරවනීය දැලිවල බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ සමග වසර 5ක් නොකඩවා කෙරෙන, දෙසතියකට වරක් පැවැත්වෙන ධර්ම දේශනා, සාකච්ඡා වැඩසටහන. පිරිකර වෙනුවෙන් ඔබට දායක වෙන්න පුලුවන්. 2025 ජන 22 සිට…
දරුවන් දකුණු මොළයේ වර්ධනය වෙනුවෙන්, ගම්පහදී කෙරෙන, එළිමහන් වැඩසටහන. මාස දෙකකට වරක් කෙරෙන්නේ. මීලග වැඩසටහන 2025 පෙබ 4 දා STEP FORWARD 12 සංවත්සරය සමග.
වසරකට තුන් වරක් පැවැත්වෙන, ජීවිතයේ සැබෑ පරිවර්තනයේ දින කීපයක වැඩසටහනක්. පවුලේ සියලුම සාමාජිකයින්ට සහභාගී වෙන්න පුලුවන්. මීලග වැඩසටහන 2025 මාර්තු 13,14,15 සිංහරාජ වනයේදී.
දරුවාගේත්, ඔබගේත් ජීවිතයේ සැබෑ පරිවර්තනයකට STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය ගෙන එන වැඩසටහන්වලට එකතු වෙන්න කැමති අය STEP FORWARD Extra whatsApp group එකතු වෙන්න. නම සහ whatsApp අංකය එවන්න. 0776510656ට.
STEP FORWARD TEAM සමග
නිර්මාතෘ
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්‍යා උපදේශිකා/ලේඛිකා/ චිත්‍ර ප්‍රතිකාර/ EMDR ප්‍රතිකාර/ සංවාද භාවනා පුහුණුවලත්.
විමසීම් :
STEP FORWARD LANKA
0776510656 whatsApp
Srithika: 0773363260
Hansi : 0711807919

