වචනයෙන් කියා නිමකළ නොහැකි අත්දැකීම් රැසක් සමග අපි මේ සොදුරු සොබාදම් මාතාව සමග දින 3ක් ගතකළා……
50 කට ආසන්න පිරිසක් විවිධාකාරවූ STEP FORWARD www.stepforwardlanka.com අභ්යාසයන්ගේ යෙදෙමින් අවබෝධය වැඩි කරගත්තා. නව යොවුන් දරුවන් සහ පොඩි දරුවන් ඔවුන්ගේ ක්රියාකාරකම්වල යෙදුනා. පවුලක් විදියට සැමියා-බිරිද-දරුවන් සමග අවබෝධයෙන් කටයුතු කරන හැටි තේරුම් ගත්තා. සිත නිවෙන භාවනා කළා. පරිසරය එක්ක කතා කළා.
පැමිණි දෙමව්පියන් දරුවන් සියලු දෙනාටත්,STEP FORWARD TEAM සියලු දෙනාටත්, ඉතා මැනවින් අපට පහසුකම් සැපයූ Sinharaja Eco Lodge කාර්ය මණ්ඩලයටත්, රියැදුරු උපුල් මහතා ඇතුළු ගම්පහ රණතුංග බස් ව්යාපාරයේ කාර්ය මණ්ඩලයටත්, නොපැමිණි නමුත් සියලු සහයෝගය දුන් මගේ සැමියා, දුව ඇතුළු අනෙකුත් පවුල් වල නොපැමිණි සාමාජිකයින්ටත්, අපට පාඩම් කියා දුන් මේ සොබාදම් මාතාවටත් බෙහෙවින් තුති 

චාන්දිමා මූනමලේ ඈපා
Post Views: 274