GROWTH CIRCLE

GROWTH CIRCLE

ඔබ, ඔබව සතුටින් තිබ්බාද?

රාජකාරියේ දී ඔබ වැටුපක් ලැබුවත් සේවය කරන්නේ තවත් අයෙකු වෙනුවෙන්. නිවසේදී ඔබ කරන හැම දෙයක්ම කරන්නේ ඔබේ පවුලේ අයගේ යහපත වෙනුවෙන්. ඔබ, ඔබ වෙනුවෙන් කරන්නේ මොනවාද? ඔබේ ආත්මීය සුවපත් භාවය වෙනුවෙන් දවස තුළ වෙන්කරගත් කාලයකදී යමක් කරනවද ??

ආත්මීය සුවපත් භාවය කියන්නේ ඔබ තවත් අය වෙනුවෙන් (මුදලට එහා ගිහින්) ඔබේ හදවතින්ම කරන වැඩ කොටස සහ ඔබේ සතුට, සිතේ එකඟ බව, ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කරන කොටසයි.

තිත්නත් ආන් මුනිතුමන් මෙහෙම කියනවා….

“ඔබ ඔබව සොයාගත්
සැණින් වේදනාවෙන් නිදහස් වෙයි. මහත් වූ ශක්තියකින් පිරී යන බව දැනෙයි. ඔබේ නිවැරදි ලිපිනය සහිත නියම නිවහනට පැමිණ, මේ මොහොතේ සිටින බව දැනෙයි. එවිට;

🌻කිසිවකට, කිසිවෙකුට ඔබ වෙනතකට දුවන්නට තල්ලු කළ නොහැකි වෙයි.
🌻ඔබව බියට පත් කළ නොහැකි වෙයි.
🌻අතීතය ගැන දුක් වෙමින් සිටි කාලය නිමා වෙයි.
🌻එකතැන හිරවී.. සිදු නොවූ දේ ගැන තැවීම නවතියි…
🌻ඔබට වෙනස් කළ නොහැකි දේ ගැන වද වීම නවතියි…
🌻අතීතය ගැන තිබුණු වරදකාරී හැඟීමෙන් මිදෙයි..
🌻අනාගතය ගැන වද වීමෙන් මිදෙයි.”

ඔබටත් අවශ්‍ය එයම නොවේද ?

රටේ පවතින දුෂ්කරතා නිසා පීඩාවට පත්ව සිටින අයෙකුට වුවත් සම්බන්ධ විය හැකි පරිදි අපේ වැඩසටහන් වෙනස් කළා. ඒ ගැන දැනුවත් වෙන්නට, STEP FORWARD GROWTH CIRCLE එක්වන්නට, 2026 මැයි 24 ඉරිදා රෑ 9 ට zoom හරහා එකතු වෙන්න.

Whatsapp කණ්ඩායමට එක්වී වැඩි විස්තර ලබා ගන්න ඔබට පුළුවන්.
https://chat.whatsapp.com/G1HKWobTLkP65IsJ2hf7Fh?mode=gi_t

චාන්දිමා මුනමලේ ඈපා
සමඟ
STEP FORWARD TEAM

වැඩිදුර තොරතුරු :
www.stepforwardlanka.com
0776510656
0775266829

Leave a Reply

Your email address will not be published. Required fields are marked *