STEP FORWARD Heart to Heart පාසල් උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතියක් සීදූව ශාන්ත මරියා කනිටු විද්‍යාලයේ දී පසුගිය දා සිදු කළා…

STEP FORWARD Heart to Heart පාසල් උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතියක් සීදූව ශාන්ත මරියා කනිටු විද්‍යාලයේ දී පසුගිය දා සිදු කළා…

STEP FORWARD Heart to Heart පාසල් උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතියක් සීදූව ශාන්ත මරියා කනිටු විද්‍යාලයේ දී පසුගිය දා සිදු කළා..

අපි බලාපොරොත්තු වුණේ ප්රාථමික ශ්රේණිවල සියලුම දරුවන් සතුටු කරමින් ඒ අයට STEP FORWARD වැඩසටහනක් ද කරමින් සතුට, විනෝදය සමග බුද්ධි වර්ධනයට අවශ්ය දැනුමත් ලබාදී එන්නටයි. ඒත් රටේ පවතින වාතාවරණය නිසා ඒ කිසිවක් කර ගැනීමට නොහැකි වුණා..

  • අපේ රටේ වගේම විදේශීය රටවල් වල සිටින ශ්රී ලාංකීය මිතුරු මිතුරියන්ගෙන් ලැබුණු උදව්,
  •  කටුවාපිටිය බෝම්බයෙන් මියගිය (එවිට අවුරුදු අටක් වයසැති ) තම දියණිය වෙනුවෙන් සංජීවනී මහත්මිය ලබාදුන් පරිත්යාගය,
  • H2H Magic Box මිලදී ගනිමින් දෙමව්පියන් ලබාදුන් සහයෝගයෙන්
    එකතු වූ රු එක් ලක්ෂ තිස්දාහක පමණ මුදලින් පාසල් උපකරණ තොගයක් මේ ආකාරයෙන් ලබා දීමට අපට හැකි වුණා…දරුවන්ගේ නව පාසල් වාරය පටන් ගැනීමේදීම මෙය කළ හැකිවීම අප ලැබූ භාග්යයක්…!

ගමනාගමන අපහසුව නිසා අපි බොහෝ දෙනෙකුට ඊට සම්බන්ධ වීමට නොහැකි වුණත් අපේ සාමාජිකා ශ්රීමාලි මිතුරිය, දරුවන්ට අවශ්ය බඩු රැගෙන ගොස් ඒ අය අතටම ලබා දුන්නා… පාසලේ දරුවන් සඳහා අත්යවශ්ය දේ වත් නොපවතින බව ශ්රීමාලි අපට පැවසුවා..විද්යාගාර පහසුකම්, නැටුම් සඳහා වෙන් කළ පන්ති කාමරයක්, ප්රධාන ශාලාවක් වැනි කිසිවක් මෙම පාසලේ නොමැති බව අපට දැනගන්නට ලැබුණා..පන්ති කාමර නිසි ලෙස වෙන්කර ගැනීමටවත් අවශ්ය පහසුකම් ඒ අයට නැහැ..මේ සියළු බාධා මැද දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කැපවී වැඩ කරන ආදරණීය විදුහල්පතිනිය H F K පොන්සේකා මහත්මිය සහ ගුරු මණ්ඩලය කරන සේවය ඇත්තෙන්ම ප්රශංසනීයයි. එක පන්තියක දරුවන් 8, 10, 12 වැනි සංඛ්යාවක් තමයි ඉන්නේ… මෙවැනි අතිශය දුෂ්කරතා සහිත දරුවන් සිටින පාසැලක් අපට සොයා දුන්නෙත් සංජිවනි මහත්මියයි.

අපව විශ්වාස කරමින් අපට බඩු ලබා ගැනීම සඳහා මුදල් ලබාදුන් සියලුම මිතුරු මිතුරියන්ට බොහොම පින් 🙏🙏 මීට වසර තුනකට පෙර අප අතරින් සමුගත් රෝචනා දියණියටත් මේ පින් අත්වේවා 🙏🙏 මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය දුන් සියලුම දෙනාට ඉතාමත්ම ස්තුතියි.

0715750525 WhatsApp කරන්න.
STEP FORWARD Heart to Heart TEAM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *