STEP FORWARD MEGA OutPro 6 at Peradeniya University

STEP FORWARD MEGA OutPro 6 at Peradeniya University

 

STEP FORWARD MEGA OutPro 6 at Peradeniya University

ආයුබෝවන් 🙏🙏
දෙමව්පියන්ට දරුවන්ට,

අපි කවුරුත් මේ ගත කරන්නේ ජීවිතයේ සුන්දරම අවස්ථා අහිමි වී තියෙන කාලයක්. ඔබට මේ තියන මානසික ආතතියෙන් මිදෙන්නත්, දරුවන්ට අත්දැකීම් ලබමින් සතුටු වෙන්නත් එක්ක අපි හිතුවා STEP FORWARD MEGA OurPro 6 වැඩසටහන මෙවර මහනුවරදී සංවිධානය කරන්න. මීට කලින් කුරුණෑගල, මීගමුව, රත්නපුර( 2020), ගාල්ල (2019, 2022 පෙබරවාරි) ප්රදේශවල දී අපේ Mega OutPro වැඩසටහන් ඉතාම සාර්ථකව පැවැත්තුවා.

දරුවන් වගේම දෙමව්පියන් වඩාත් සාර්ථක අය බවට පත් කරන, අපි කවුද කියලා වැඩිදුර දැනගන්න, අපේ වැඩසටහන් වල ඡායාරූප දැකගන්න www.stepforwardlanka.com බලන්න.

ඔයාල ඕනතරම් Trip ගිහින් ඇති….යාලුවො එක්ක විනෝද වෙලා ඇති. ඒත් අපේ මේ එකතු වීමේ වෙනසක් තියෙනවා..අඳුරන්නේම නැති අය, එකම කම්පනයකින් ගැහෙන හදවත් තියෙන අය, හමුවීම වෙනමම ආශ්චර්යයක්…!
අපේ මේ කණ්ඩායමේ බොහෝ අය අදටත් එකිනෙකා දැකලා නැහැ…

අගෝස්තු මාසයේ 20 සෙනසුරාදා ශ්රී ලාංකීය හදවත් තියන දරුවන්, වැඩිහිටියන් කණ්ඩායමක් එක්ක හන්තාන අහස යට, පේරාදෙණි විශ්ව විද්යාල භූමියේදී ජීවිතයට නොමැකෙන මතකයන් එක් කරගනිමින් සතුටු වෙන්න ඔබත් එන්න.

🌹දේදුණු වර්ණ එක්ක ජීවිතය ගත කරන්න පුළුවන් දවසක්..
🌹දරුවන්ටත්, වැඩිහිටියන්ටත් ඒ වගේම අපිටත් නොමැකෙන සිහිවටනයන් මතකයේ රදවා ගන්න පුළුවන් වෙන දවසක්….!
🌹මේ හැම දෙයක්ම කරන්නේ මේ රටේ අනාගත පරම්පරාව ශක්තිමත් වැඩිහිටියන් බවට පත් වෙන්න අවශ්ය නිසයි…

අවශ්යතාවය තියන හැමෝම එන්න ක්රමයක් කොහොමහරි හොයාගමු.

අපිට පුළුවන් අවම මුදල අය කරන්නෙ අත්යාවශ්ය වියදම් වෙනුවෙන්.

🌹වැඩිහිටියෙකුගෙන් සහ වයස අවු 10ට වැඩි දරුවෙකුගෙන් රු 1500/=
🌹වයස අවු 3ට වැඩි 10 ට අඩු දරුවෙකුගෙන් රු 1000/=
🌹අවු 3 ට අඩු අයට නොමිලේ

මීට අමතරව ආහාර වෙනුවෙන් ඔබට වියදම් කරන්න සිදු වෙනවා. ඔබට කැමතිනම් දිවා ආහාර රැගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඉල්ලනවා නම් අපිට කෑම පැකට් සූදානම් කරන්න පුළුවන්. ඒ යන වියදම ඔබට දරන්න වෙනවා. (මේ වෙද්දී රු 350/=(එලවළු ) – 550/= (මස්/ මාළු) අතර කෑම පැකට් තියෙනවා )

🌹ඔබ අපෙන් කෑම ගන්නවා නම් ඔබට අවශ්ය පැකට් සංඛ්යාව සහ එහි වර්ගය( එළවළු /මස්/ මාළු) කියන්න අවශ්යයි.

හදිසියේ වැඩසටහන නොපැවැත් වෙනවා නම් ඔබ ගෙවන මුදල අපි ආපසු දෙනවා.

සූදානම් කර ගන්න අවශ්ය හැමදේම ගැන අපි දැනුවත් කරනවා තිළිණි ටීචර් හරහා අපේ whatsApp කණ්ඩායමට එකතු වුණාට පස්සේ….

අගෝ 3 ට කලින් payments කරලා register වෙන්න ඕනේ….අපට ඉදිරි වැඩ කටයුතු සූදානම් කරගන්න තියෙන නිසා. සියලුම බදවා ගැනීම් කරන්නෙ තිළිණි ටීචර් 074 025 8825

ජාති, ආගම්, කුල භේද කිසිවක් මේ වැඩසටහනට නැති බවත් මතක තියාගන්න..😊

යාලුවන්ටත් පණිවිඩය කියන්න.

චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
සමග
STEP FORWARD TEAM
0715750525

Leave a Reply

Your email address will not be published. Required fields are marked *