STEP FORWARD H2H මේ මාසය පුරාම රු 7500/= ට වැඩි බඩු මලු 100 ක් සහ පාසැල් උපකරණ බෙදා දීමට සූදානම් !

STEP FORWARD H2H මේ මාසය පුරාම රු 7500/= ට වැඩි බඩු මලු 100 ක් සහ පාසැල් උපකරණ බෙදා දීමට සූදානම් !

STEP FORWARD Heart to Heart මේ මාසය පුරාම රු 7500/= ට වැඩි බඩු මලු 100 ක් සහ පාසැල් උපකරණ බෙදා දීමට සූදානම් !

අද එහි දෙවන වැඩසටහන :
 
අද අගුණකොළපැලැස්ස ගැබිනි මව්වරුන් 20 දෙනෙකු වෙනුවෙන් රු 10,000/= ට ආසන්න බඩු මලු බෙදා දුන් ඒ සුන්දර මොහොත…..
 
මීට පෙර දිනක කෑගල්ල ප්රදේශයේ ගැබිනි මව්වරුන් 20 ක් වෙනුවෙන් මේ අයුරින්ම බඩු මලු ප්රධානය කළා…
මේ වෙනුවෙන් මුළු ලෝකයේම අය දායක වූ බව කිව්වොත් නිවැරදියි. අපට මේ වෙනුවෙන් ඇමරිකාවේ Metta foundation, ඉන්දියාවේ චාරු මිතුරියත් ආධාර ලබා දුන්නා…ඒ වගේම අපේ රටේ විවිධ පිරිස් මේ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා..
 
කෑගල්ල වැඩසටහනට STEP FORWARD Heart to heart වෙනුවෙන් උරේශා සහ ගයනි අතිශය වෙහෙස වුනා…අද වැඩසටහනට අපගේ කණ්ඩායමේ සංජීවනී , රජත වගේම වින්ද්යා විශාල සහයෝගයක් ලබා දුන්නා.
අඩු ආදායම් ලාභී ගැබිනි මව්වරුන් තෝරාගන්නට ඒ අදාළ කාර්යාල, රජයේ ආයතන වගේම අදාළ නිළධාරීන් බොහෝ දෙනෙක් විශාල කැප කිරීම් කළ බවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි.
 
අද මව්වරුන් වෙනුවෙන් විශේෂ සංගීත රසවින්ද වැඩසටහනක් , දිවා ආහාර ඇතුළු සියල්ල නදීශානි මහත්මිය ඇතුළු පිරිසක් විසින් හරි අපූරුවට සූදානම් කර තිබුනා..
 
රටේ එක්තරා පිරිසක් ආර්ථිකයන් පීඩාවිඳින අවස්ථාවක මෙසේ සියලු දෙනා එක්ව කටයුතු කරමින් ඒ අයට පහසුකම් සැලැස්වීම ඇත්තෙන්ම අගය කළ යුතු කරුණක්….ඒ සියලු දෙනාටම පින් සිදු වේවා🙏🙏🙏🙏
 
 
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
0715750525

Leave a Reply

Your email address will not be published. Required fields are marked *