ඔන්න අපි STEP FORWARD Red Indian Camp එක නොමිලයේ අද ගමේ දරුවන් 65 දෙනෙක් වෙනුවෙන් කළා…Heart 2 heart හදින් හදට වැඩසටහනෙන් තමයි මේ සදහා වියදම් පියවා ගත්තේ…ගමේ දෙමව්පියන් සෑහෙන්න මහන්සි වෙලා ඉතාම අපූරුවට කූඩාරම් හදලා, ගිනිමැල ගහලා, ගස් වැල් මල් වලින් අපේ භූමිය සරසලා හරි අපූරුවට උදව් කළා..STEP FORWARD Galle team Inoka Sandamali ගුරුතුමිය වගේම Govinnage Nilunika Senarath Yapa ගුරුතුමිය පුදුම කැපවීමෙන් මේ වෙනුවෙන් මහන්සි වුනා. ඡායාරූප ගන්න අපට උදව් කරපු දිනාරා දුවටත් බොහොම ස්තූතියි. මෙතෙක් කල් ගමේ සංවර්ධන නිලධාරිතුමිය විදියට අපට විශාල සහයෝගයක් දුන් අනූෂා මහත්මිය අද අපෙන් සමුගෙන වෙනත් වසමක රාජකාරියට යන බවත් ප්රකාශ වුනා..අපි එතුමියගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා.
බලන්න මේ දරුවන් ලබපු අත්දැකීම්…එයාලගේ සතුට ! අපට හුස්ම දෙන මේ පරිසරය රැක ගන්නත්, රතු ඉන්දියානු නායක සියැටෙල් කළ ප්රකාශයන් ගැනත් බොහෝ වැදගත් කරුණු දරුවන් ඉගෙන ගත්තා…දරුවන්ගේ ළමා විය සතුටින් නම්, ඒ අයගේ අනාගතය සාර්ථක වෙන බව ඉඳුරාම කියන්න පුළුවන්. විවිධ බාධක දුෂ්කරතා මැද වුනත් දරුවන්ගේ සතුට වෙනුවෙන් මේ තරම් මහන්සි වුණු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි.
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා/ ප්රතිකාරක නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
0715750525/ 0776510656 www.stepforwardlanka.com
https://web.facebook.com/groups/400541487237199/permalink/1388026441822027/?mibextid=Nif5oz&_rdc=1&_rdr

