විදර්ශනා සංවාද භාවනා වැඩසටහන

විදර්ශනා සංවාද භාවනා වැඩසටහන
අපේ ජීවිතය ගෙවෙන්නේ අන්යෝන්ය සබඳතා මතම බව ඔබ හිතලා තියෙනවා ද? ඉපදුණු මොහොතේ පටන් අද ඔබ ගත කරන මේ වයස දක්වා කී දෙනෙක් ඔබට කී ආකාරයකින් උදව් කරන්න ඇත්ද? කී දෙනෙක් ඔබේ ජීවිතයට පාඩම් කියා දෙන්න ඇත්ද? හොඳ, නරක අත්දැකීම් ලබා දෙන්න ඇත්ද?
එදිනෙදා ජීවිතය සතුටින් ගත කරන්න ඔබ වටා ඉන්න අයගේ හැගීම් දැනීම් අවබෝධ කර ගනිමින් කතා කරන්න, තරහා නොගෙන, රණ්ඩු නොකර ඉන්න තියා ඔබට ඔබේම හැගීම් පාලනය කරගනිමින් ඔබව තේරුම් ගන්නවත් බැරි අවස්තා කොතෙක් තියෙනවා ද?
ජීවිතය අවබෝධයෙන් දකිමින්, නිර්වානය කරා එළඹෙන තෙක්ම අන්යෝන්ය සබඳතා ඉවත හෙලන්න කිසිවෙකුටත් බෑ. ඉතින් ධර්ම මාර්ගයේ යන අයෙක් තමන්ගේ වටේ ඉන්න මිනිස්සු වගේම පරිසරය එක්ක යහපත් සබඳතා ඇති කර නොගත්තොත් ඒ අයට දහම් මග විවර වෙන්නෙත් නෑ.
💥ඔබට ඔබව තේරුම් ගන්න
💥ඔබ වටා ඉන්න අයව තේරුම් ගන්න
💥දහම් මාර්ගයේ සාර්ථක ගමනක් යන්න
🪷Insight Dialogue Meditation – විදර්ශනා සංවාද භාවනා ක්රමය බෙහෙවින් උපකාරී වෙනවා.
ලොව පුරා විසිරී පවතින Insight Dialogue Community විදේශීය කණ්ඩායමේ ඉගැන්වීම් සමග Online ලෙස ජූලි 11 සිට ලංකාවේ අය වෙනුවෙන් වැඩසටහනක් STEP FORWARD LANKA එක්ව සූදානම් කළා.
🌺එකතු වෙන්න කැමති අය 0776510656 whatsApp කර, නම එවන්න. වැඩි විස්තර මේ video වෙන් දැනගන්න පුළුවන්.
මේ වසර අග දෙසැ 13,14,15 එළිමහන් වැඩසටහනේදී විදේශීය ගුරුවරුන් දැක හමුවී ඉගෙන ගන්න පුළුවන්. එය STEP FORWARD Mega OutPro වැඩසටහනක් ලෙස සිදුවන නිසා දරුවන්ට වගේම වැඩිහිටි දෙමව්පියන්ටත් ( Grand parents ) සහභාගි වෙන්න පුළුවන්.
🌺මුලින්ම ඔබට මේ නොමිලයේ ලබාදෙන Online විදේශීය පුහුණුව ලබන්නට එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *