STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”

STEP FORWARD LANKA MEGA OutPro 9 – “පස්දුන්රට සතුටු මංසල”
දෙවන දිනය වුණු
දෙසැ 17 උදේ 6 වෙද්දී කළුතර මුහුදු වෙරළේදී දෙමව්පියන් සඳහා Art Therapy Session සහ Insight Dialogue Meditation Session එකක් කළා. ඊට සමගාමීව දරුවන් සඳහා Clay Therapy Session එකක් කළා. නව යොවුන් වයසේ දරුවන් කුඩා දරුවන්ට අවශ්ය හැම දෙයක්ම කඩිනමින් ලබාදෙමින් ඔවුන්ට උදව් කළා. ඒ අයත් නවයොන් දරුවන් සඳහා වන Art Therapy Session එකට සම්බන්ධ වුණා.
දෙමව්පියන් දැක්වූ අදහස් අනුව මෙවැනි ආධ්යාත්මික වැඩසටහන් සඳහා මීට වඩා කාලය වෙන් කරන ලෙසත්, දින ගණන වැඩි කරන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලීම් ආවා. පැය තුනකට ආසන්න කාලයක්, දරුවන්ගෙන් වෙන්ව, තමන් සමගම තනි වන්නට දෙමව්පියන්ට ලැබුණු මේ මහඟු අවස්ථාව ඔවුන් ඉතා ඉහළින් අගය කළා.
බලන්න මේ පරිසරය…උදෑසන නැවුම් මිහිරි බව…මුහුදේ ‘හෝ’ හඬත් එක්ක දැනුණු ඒ නිස්කලංක සුවය ජීවිතයේ කිසිදාක ඔවුන්ට අමතක වෙන එකක් නැහැ!
අනිත් events :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *