හරියටම වසරකට පස්සෙ ඔන්න අපි ඊයේ ගම්පහ උද්භිද උද්යානයේ හරි ලස්සන Mini outPro වැඩසටහනක් කළා. දරුවන් 35 ක් සම්බන්ධ කරගනිමින්.
හැමදාමත් ගොඩනැගිලිවල හිරවෙලා එකම රටාවේ අධ්යාපනයකට කොටුවෙලා ඉන්න දරුවන් ඒ පරිසරයේ සුන්දරත්වය, නිදහස උපරිමයෙන් භුක්ති වින්දා. කණ්ඩායම් ක්ර්රීඩා කළා. කෑම හැදුවා. සිංදු ඇහුවා. නැටුවා. චිත්ර ඇන්දා. පොඩි භාවනා අභ්යාසයක යෙදුනා. බලන්න දරුවන්ගේ සතුට මේ ඡායාරූපවල. මේ අභ්යාස හරහා දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒත් පාසැලේ වැඩ වගේ මේ දේවල් කළාට දරුවා ලැබූ දේ පේන්නේ නෑ. බෙදාහදා ගැනීම, තමන්ගේ වාරය එනතුරු ඉවසීම, කණ්ඩායම ජයග්රහණය කිරීම වෙනුවෙන් තමන්ගේ දායකත්වය, සිත එකග කර ගැනීම ඒ අතරින් කීපයක්. අද ලෝකයේ දරුවන්ගේ මානසික සමබරතාවය පවත්වා ගැනීමට මෙවැනි අත්දැකීම් ලැබීම ඉතා වැදගත් !
මෙවැනි වැඩසටහනකින් දරුවන්ට ලැබෙන දේ
මීළඟ වැඩසටහන නොවැ 24 කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් දරුවන් සහභාගි කරවන්න කැමති නම් දරුවාගේ නම, වයස සමග මවගේ හෝ පියාගේ නම 0776510656 ට whatsApp කරන්න. අවු 4 – 13 දක්වා දරුවන්ට සහභාගි වෙන්න පුළුවන්.
STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
View photos : https://www.facebook.com/groups/400541487237199

