STEP FORWARD LANKA Mini Outpro වැඩසටහන ඊයේ ගම්පහ උද්භිද උද්යානයේ දී පැවැත්වුනා. දරුවන් පංති කාමර මානසිකත්වයෙන් මිදිලා එයාලාගේ දකුණු මොළයේ වර්ධනය ඇති කරන විවිධ ක්රියාකාරකම් වල යෙදුනා. භාවනා කළා. ඒ වගේම අපි හැමෝම උද්භිද උද්යානය නරඹන්නත් ගියා. සෙල්ලම් කළා. පරිසරයෙන් එකතු කරගත්තු ද්රව්ය වලින් ලස්සන නිර්මාණ කළා. කෑම හැදුවා. සිංදු කිව්වා. නැටුවා. ඉදිරිපත් කිරීම් කළා.
පොතෙන් විතරක් ඉගෙන ගන්න බෑ. දරුවන් සතුටු වෙන්නත් ඕනෑ. දඟකාරකම් කරන්නත් ඕනෑ. පරිසරය එක්ක හොඳ සම්බන්ධතා ගොඩ නගා ගන්නත් ඕනෑ. යාලුවො එක්ක අලුත්ම සම්බන්ධතා ගොඩනගා ගන්න දැනගන්නත් ඕනෑ. ඒ වගේම එයාලාගේ වාරය එනකල් ඉවසන්න, සහයෝගයෙන් වැඩ කරන්න, කණ්ඩායම් ක්රියාකාරකම් කරන්න ඉගෙන ගන්නත් ඕනෑ…
ඉතින් මේ හැම දේම එයාලා ඊයේ අත්දැකීමෙන් ඉගෙන ගත්තා. අපේ STEP FORWARD TEAM එකෙන් Srithika Ameratunga , Udari Sashikala , Aruni Tennakoon Eranda Katanwila , Prabodha Jayawardena Shalika Medawala , M Tharique S Sabar , Nuwan Krishantha අපට ලොකු සහයෝගයක් දුන්නා. බොහොම ස්තූතියි 
ඉතින් සමබරව ජීවිතය ජය ගන්න අපි දරුවන්ට කියා දෙන්න ඕනේ. පොත් අතර, පංති කාමරවලම හිරවුණු දරුවන් පරිසරයේ අපූරු අත්දැකීම් ලබන්න අවස්තා ලබාගන්න ඕනෑ. ඒ සුන්දරත්වය විදින්න දරුවන් වෙනුවෙන් කැපවුණු දෙමව්පියන්ට ඉතාම ස්තුතියි 
මීළඟ වැඩසටහන 2025 පෙබ 4 අපේ STEP FORWARD LANKA 11 වන සංවත්සරය සමරමින් කරන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙන්න කැමති අය අපේ Mini outpro whatsapp කණ්ඩායමට එකතු වෙන්න. දරුවන්ගේ නම්, වයස් සමග ඔබේ නම සහ whatsapp අංකය 0776510656 වෙත එවන්න.
STEP FORWARD TEAM

