මේ පුංචි ජීවිතයක් නිවැරදි මාවතේ රැගෙන යන්න මවකට පියකුට ලබා දෙන මග පෙන්වීම තරම් අපූරු අත්දැකීමක් තවත් නැහැ! මේ හැම පොඩිත්තෙක්ම ලෝකයට අතිශයින් අවශ්ය යමක් කරන වැදගත් වැඩිහිටියෙක් බවට දිනෙක පත්වෙනවා. ඒත් ඒ තත්ත්වයට ඔවුන් ළඟා වෙනතුරු, ඔවුන්ගේ ජීවිතය සමබරව ගෙනියන්න ඉගෙන ගන්නතුරු දෙමව්පියන්, ගුරුවරුන් වගේම STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවියත් එයාලා එක්ක ලගින්ම ඉන්නවා.
මේ වගේ වැඩසටහනකින් දරුවන්ට ලැබෙන්නෙ මොනවද? කොහොමද එයාලගේ දකුණු මොළය වර්ධනයට මේ දේවල් උපකාරී වෙන්නෙ?
දෙමව්පියන්ට පවුලෙ අයට විතරක් සීමා නොවී කණ්ඩායම් ක්රියාකාරකම් හරහා තවත් විශාල පිරිසක් අඳුනා ගන්න ඔවුන්ට හැකිවෙන එක.
තමන්ගේ නිර්මාණශීලී හැකියාව, ඉදිරිපත්වීමේ කුසලතා, චිත්තවේග හසුරුවා ගන්නට ලැබෙන උදව්.
දරුවාගේ දකුණු මොළයේ සමබරතාවයට මේ සියලු ක්රියාකාරකම් ඉවහල් වෙනවා.
ඒ වගේම මේ හැම ක්රියාකාරකමක්ම සිහියෙන් Mindfully කරන්න එයාලා ඉගෙන ගන්නවා.
පරිසරය විඳිනවා. ගත සිත දෙකම ඉතාම සැහැල්ලුවට පත්වෙනවා.
වසර කීපයක් පුරා එක දිගට පැමිණි දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ වෙනස්කම් කිව්වේ ඉතාමත්ම හැඟීම් බර වෙමින්…
මේ සේරම දරුවන් නිරෝගී බුද්ධිමත් දරුවන්. ඒත් කාර්යබහුල දෙමව්පියන්ගේ අවිවේකී ජීවන රටාව නිසා දරුවන්ට ලැබෙන අත්දැකීම් සීමිතයි. ඒත් මේ වගේ STEP FORWARD Mega OutPro වැඩසටහනකින් දරුවන්ව හඳුනාගන්නට අපි දෙමව්පියන්ට මග පෙන්වනවා.දරුවාගේ උපරිම හැකියාව කරා ඔවුන්ව ගෙනියන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කරනවා.
ජීවිතයේ සුන්දර පරිවර්තනයේ හැරවුම් ලක්ෂ්යය STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය!
Chandima Moonemalle Epa
Founder, STEP FORWARD LANKA
With
STEP FORWARD TEAM
View Photos: https://www.facebook.com/share/p/1EsPCtxnY7/

