අපි බොහෝ දෙනෙක් සතුටු වෙන්න දන්නෙ නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? උපදේශනය සදහා වගේම අපේ වැඩසටහන වෙනුවෙන් එකතු වෙන කාර්යබහුල වැඩිහිටියන් හැමෝම ළඟ ඇත්තටම සතුටු වෙන්න ඕන කරන හැමදේම තිබුණා….
ඒත් ඒ දේවල් විඳින්න දන්නේ නැතිකම නිසා ඒ අය හිටියේ දුකෙන්..මනෝවිද්යා උපදේශනයේදීත්, අපි කරන විවිධ වැඩසටහන්, පාඨමාලා හරහාත් සතුට හඳුනා ගන්න හැටි කියා දුන්නහම ඒ අය පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. තමන් ළඟම තිබුණු සතුට දිහා බලන්න ඉගෙන ගන්නවා.
ඇත්තෙන්ම සතුට තියෙන්නේ තමන් හිතන විදිය අනුව, තමන්ගෙ තුළමයි. එහෙත් එය දකින්න හොඳ ඇස් දෙකක්, ඒ වගේම විඳින්න හොඳ හදවතක් අපි ළඟ නැති එකයි ගැටළුව. අපි සතුට හොයන්නේ අපෙන් දුරස්ව… අපි කරන බොහෝ දේවල් තුළින් අපි සතුට හොයනවා…
සතුටු වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. අපි ඒ හැම තැනකින්ම සතුට හොයනවා..
උපතින් අපට තිබුණු මේ සතුට නැතුව ගියේ කොහොමද ?? අපි ලබපු අධ්යාපනය, සමාජයෙන් අපිට පටවන බර, විවිධ වගකීම්, රාජකාරි මේ හැම දෙයක්ම නිසා, අපටත් හොරෙන් අපේ ඇතුළාන්තය අපෙන් ගිලිහිලා යනවා…අපි වටේ තියන වැඩ රාජකාරි, වගකීම් එක්ක අපි බොහෝවිට අතරමං වෙනවා. ඒ මහන්සිය නිසා අපට අපේ ඇතුළාන්තයේ තියෙන සතුට විඳින්න වෙලාවක් නැති වෙනවා…
බොහෝ දෙනා අපේ වැඩසටහන හරහා, තමන් සොයා ගන්නට තමන් වෙනුවෙන් වෙන්කර ගන්න කාලය නිසා, සැඟවිලා තියෙන මේ සතුට තමන්ටම හොයාගන්න පුළුවන් වෙනවා. අපි ළඟ තියෙන දේවල් ප්රමාණය නෙමෙයි වැදගත්. අපි ළඟ බොහෝ දේ තියෙනවා වෙන්න පුළුවන්. ඒත් අපි ඒ දේ තුළ සතුට දකින්න පුරුදු වෙලා නැත්නම්, අපි හිතන්නේ අපිට සතුට නැහැ, සතුටු වෙන්න ඕන කරන දේ අපි ළඟ නැහැ කියලා…
එන්න! අපි සොයාගමු සතුට….ඔබට ඔබ හමුවන ඒ සොඳුරු තෝතැන්නේදී..
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
0715750525

