අවු 4 -14 වයසේ දරුවන් 50 ට ආසන්න සංඛ්යාවක් එක්ක නිදහස් දා අපේ එකොළොස් වැනි සංවත්සරයත් සමරමින්…..

පොල්කුඩු හොයාගන්න අමාරු වුණත් දෙමව්පියන් පොල්කුඩු හොයන් ලස්සනටම පාට කරලා එවලා තිබුණු නිසා දරුවන් හරිම සතුටින් මණ්ඩල භාවනා කළා….(Mandala Meditation ) සොබා දහමේ නිදහස, අවකාශය භුක්ති විඳිමින් හිතේ හැටියට පරිසරය වින්දා..සක්මන් භාවනාවේ(Walking Meditation ) යෙදෙමින් තමන්ගේ පංචේන්ද්රියන්ට දැනෙන හැම දෙයක්ම අවධානයෙන් නිරීක්ෂණය කළා..(Five Senses Meditation ) දරුවන්ගේ මතකය වර්ධනය වෙන අභ්යාසවල යෙදුණා. නංගිලා මල්ලිලාට සියලුම මණ්ඩල ඇඳලා දුන්නේ ලොකු අයියලා අක්කලාගේ කණ්ඩායම (Age 12- 14). STEP FORWARD teachers and helping staff සාමාජිකයින් වැඩසටහන මේ තත්ත්වයට ගන්නට ලොකු කැප කිරීමක් කළා. ඒ අයත් දරුවන් එක්කම භාවනාවේ යෙදුණා.
මීට සමගාමීව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනකුත් කළා. උසස් රැකියාවල නියුතු උගත් දෙමව්පියන් වුවත් අපි කාටත් දරුවන් ගැන ඉගෙන ගන්න වෙන්නේ අත්දැකීමෙන්මයි. අපේ රටේ අධ්යාපනයේ පවතින ප්රධාන හිස් තැනක් වෙන්නේ ජීවිතයට අවශ්ය මනෝවිද්යාත්මක පසුබිම සමග ජීවිතය ගත කරන ආකාරය ගැන අවබෝධයක් ලබා නොදීමයි. මෙහිදී, දෙමව්පියන් ඉතා සංවේදී වෙමින් තමන්ගේ දරුවන් අවබෝධ කරගන්නා ආකාරය ගැන නොදත් දේ දැනගත්තා.
දරුවන් STEP FORWARD activity book ක්රියාකාරකම්වල යෙදෙමින් තමන්ගේ අඩුපාඩු සකස් කරගන්නට පොරොන්දු වුණ. Feeling Jar අභ්යාසය මගින් දරුවන් ඔවුන්ගේ හැඟීම් හඳුනා ගනිමින් අන් අයගේ හැඟීම් වලට ගරු කරන්නට ඉගෙන ගත්තා( Emotional Intelligence )
ඉතාම රස කේක් ලැබුනේ වසර ගණනාවක් අපි එක්ක ඉන්න කුරුණෑගල Zamani Nawshad මිතුරියගෙන්.Thank you Zamani
දරුවන් ඉතාම සතුටට පත් කළ තෑගි ස්ටිකර්ස් සහ Feeling Jar නිර්මාණය ලැබුනේ Chamelie Heshala Epa අක්කාගෙන්.
Shala sketches
සතුට , විනෝදය සමඟ ජාතික ගීයෙන් කියවෙන අරුත, නිදහස කියන්නේ මොකක්ද?, අපේ රටේ කොඩියෙන් කියවෙන්නේ මොනවද කියලත් ඉගෙන ගත්තා. ජාතික අභිමානී ගී ගායනා කළා.
දරුවෙකුගේ බුද්ධි වර්ධනයට අවශ්ය අපේ පාසලේ පොත පතින් දෙන්නට වෙලාවක් සහ ඉඩක් නැති තමන්ගේ ජීවිතයට අවශ්ය බොහෝ දේ ගැන අත්දැකීම් ලැබුවා.
වැඩසටහන සාර්ථක කරගන්නටට උදවු වූ, STEP FORWARD LANKA වසර 11 පුරාම විවිධාකාරයෙන් අපි එක්ක හිටපු හැමදෙනාටම බෙහෙවින් ස්තුතියි 
චාන්දිමා මූනමලේ ඈපා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය

