STEP FORWARD LANKA
Daily Promise
🔥දේවල් වෙනවා….විවිධාකාර විදියට…බලාපොරොත්තු වුණු දේවලුත් වෙනවා…කිසි ලෙසකින් බලාපොරොත්තු නොවුණු දේවලුත් වෙනවා….ඔය එකක්වත් වෙනස් කරන්න ඔබට පුළුවන් ද? ඔබට ඕනෑම කළ විදියට ලෝකය පවතිනවද?
දෙයක් වුණා කියලා එතන නැවතුණු අය ඉන්නවද?
☺සමහර විට ඉන්නවා…මානසිකව වෙනස් වෙලා…එහෙම වෙලා තමන්ටත්, තමන් වටේ ඉන්න අයටත් පීඩාවක් වෙන්න සිදුවෙලා..එහෙම වෙන්නෙ ජීවිතය, යථාර්ථය අවබෝධ කරගන්න බැරි වුණු වෙලාවට, උදව් කරන්න අය නැති වුනොත්, සිත සුවපත් කරන ක්‍රම නොදන්නා අයෙක් වුනොත් තමයි. ඒ අයට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
💥දෙයක් වුනා කියලා හැමෝටම මානසික වෙනසක් වෙන්නෙ නෑ. අඬලා, දුක් වෙලා ආයේ ටික ටික අවබෝධයන් එකතු කරගන්නවා. මිනිසා කියන්නෙ අතිශය විශාල දරාගැනීමේ ශක්තියක් හිමි කෙනෙක්. පුංචි කාලේ ඉඳලා විනෝදාංශ හුරු කරන්නෙ, දහමට නැඹුරු කරන්නෙ, අධ්‍යාපනය ලබා දෙන්නෙ, යාළුවෝ ඇසුරු කරන්නෙ, පවුලක සාමාජිකයෙක් වෙන්නෙ මෙහෙම වැටෙන වෙලාවට ඒ සියල්ල හයියක් වෙන නිසයි. පවුලේ හයිය නැති කෙනෙකුට විනෝදාංශ හයියක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට තමන්ගේ දක්ෂතාවන්ට යොමුවීම සවියක්. ඔබට ගැලපෙන, ඔබ තුළ සහ ඔබ වටා පවතින ආම්පන්න ඔබ එකතු කරගන්න ඕනේ මේ වගේ වෙලාවට පාවිච්චියට ගන්න.
🐠දේවල් වෙනවා….ඒ නිසාම ඔබව වෙනස් වෙනවා. අත්දැකීම් වලින් මෝරනවා…පාඩම් ඉගෙන ගන්නවා….ආයෙත් එදිනෙදා ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියට යනවා….ඒ තමයි ලෝක ස්වභාවය!
🌹දැන් ඉතිං වැඩි අවබෝධයක් තියෙන, ටිකක් මේරූ අයෙක් විදියට ඉදිරියට යමු නේද?අඩුපාඩු හදාගන්න පුළුවන්.
Today I begin again, with calm in my heart and hope in my steps. Every day is a new chance to live gently.
චාන්දිමා මුනමලේ ඈපා
www.stepforwardlanka.com

