TODAY TAKE ONE MINDFUL STEP FORWARD – WITH TRUST IN YOUR SELF & KINDNESS IN YOUR HEART

TODAY TAKE ONE MINDFUL STEP FORWARD – WITH TRUST IN YOUR SELF & KINDNESS IN YOUR HEART

STEP FORWARD
Daily Promise

අද අපි බලමු අපට ඉන්න, අපිව ගැඹුරින්ම දන්න, හොඳම කෙනා හොයාගන්න. මේ තත්පර කීපයක වැඩක්. දිනපතා වරින්වර පුහුණු වෙන්න.

🐬ඔබේ ඇස් වසා ගන්න, හුස්මක් ගන්න, ඔබ කරන ඕනෑම දෙයක්( යන්ත්‍ර ආශ්‍රිත වැඩ, රිය පැදවීම් වැනි දේ හැර) තත්පර දහයක් නවත්වා නිහඬතාවය සොයා ගන්න. නිහඬතාවයට පිවිසෙන්න….

🐬මේ හිත හැම වෙලාවෙම කොහෙදෝ දුවනවා. මොනවදෝ කියවනවා…ඇහුනද ඔබට? ඉතිං ඔය කියවන සේරම ඇත්තද? හොඳට සිහියෙන් බලන්න. අහන්න. දෙගිඩියාවක් දැනෙනවා නම් පොඩ්ඩක් තව පැති වලින් බලන්න. නිහඬතාවය තියෙන්නෙ ඔය යන දෙබසට යටින්.

🐬ඔබ කොහේ සිටියත්, කොහේ ගියත්, ඔබට සමීපව “ඔබේම ඇතුලාන්තය” ඔබ සමඟ හැමවිටම ඉන්න හොඳම මිතුරා බව ඔබ දන්නවද?

🐬ඔබ ඔබේම සිතුවිලිවල ගොදුරක් බවට පත්වෙලාද? ඔබව වට කරන් විටින්විට අරක හරි, මෙහෙමයි වෙන්න ඇත්තේ, මේක හරි….ඔබේම හිත ඔය වගේ බොහෝ දේවල් කියවද්දි ඔබට දරාගන්න අමාරු බව ඇත්ත!

🐬පොඩ්ඩක් දුරස් වෙන්න. වෙන කෙනෙක් වගේ ඈතින් ඉඳන් ඔබේ හිත දිහා බලන්න. මඩ වලක් වගේ කැලතිලා කියලා දැනෙනවා නම් ටිකක් තැන්පත් වෙන්න ඉඩ දෙන්න.

🐬මුහුදෙ ඉන්න මාළුවා හැම තැනම හොයනවලු මුහුද කෝ කියලා….තමන් ඉන්නෙ කොහෙද පේන්නෙ නෑ ඒක ඇතුලෙම ඉද්දි. පොඩ්ඩක් වෙලාව ගන්න. දුරස් වෙන්න. තැන්පත් වෙන්න ඉඩ දෙන්න. හිතෙන දේවල් සේරම ඇත්තම නෙවෙයි. හදවතට නිවෙන්න ඇරලා බුද්ධියට ඉඩ දීලා සිහියෙන් බලන්න. හැමෝටම වරදිනවා. ඔබටත් වරදින්න පුළුවන්. කරන්න දෙයක් නෑ..ඒ වෙලාවේ එහෙම වෙන්න ඇති. සමාව දෙන්න තමන්ටම. වෙනත් වැඩක යෙදෙන්න. ආසා කරන දේක යෙදෙන්න. විරාමයක් ගන්න. පස්සෙ හිතමු ආයේ වෙලාවක….දැන් සිහියෙන්, මේ මොහොතේ කරන වැඩේට යොමු වෙන්න. ඔබට පුළුවන්!

TODAY TAKE ONE MINDFUL STEP FORWARD – WITH TRUST IN YOUR SELF & KINDNESS IN YOUR HEART.

චාන්දිමා මුනමලේ ඈපා
www.stepforwardlanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *