Treat your brain like your stomach.Stop feeding it junk

Treat your brain like your stomach.Stop feeding it junk

ඔබේ හැඟීම් ඔබේ සතුරන් නොවෙයි. ඒවා ඔබට යමක් පැවසීමට උත්සාහ කරන බලවත් සංඥා වේ.

ජීවිතය ගැටලුවක් ඔබ වෙත විසි කරන විට ඔබ එම හැඟීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරය තුළ ඔබ කවුද, කොහොම කෙනෙක්ද කියන එක පැහැදිලි වෙනවා.

කලකිරීමෙන් හෝ කෝපයෙන් ප්‍රතිචාර දැක්වීමට යාමෙන් ඔබව හිරවෙයි.
✳️ නමුත් විරාමයක් තබා (PAUSE),
✳️තේරුම් ගැනීමට සහ ඔබේ ප්‍රතිචාරය තෝරා ගැනීමට ඉගෙන ගැනීම,(CHOICE)
හරහා ඔබට වඩා සාර්ථක අයෙක් වෙන්න පුළුවන්.
✳️ මෙන්න මේක තමයි ඔබ පුහුණු විය යුතු තැන…..තෝරාගැනීම!
PAUSE
CHOICE

ප්‍රතික්‍රියාශීලී පුරුදු වලින් මිදීමට සහ ඔබට වීමට අවශ්‍ය සන්සුන්, විශ්වාසවන්ත අයෙකු වීමට, සාර්ථක දෙමාපියෙකු වීමට යතුර නම් චිත්තවේගීය බුද්ධියයි( Emotional Intelligence ). ඔබේම හැඟීම් අවබෝධයෙන් මෙහෙයවීමයි.

එයින් අදහස් කරන්නේ ඔබ හරිම සිසිල්, සන්සුන්, එකග පුද්ගලයෙකු විදියට ඉන්න, කිසි විටෙකත් කලබල නොවන අයෙක් කියලද? නැහැ. එහෙම වුණොත් ඔබ රොබෝවෙක් වෙනවා. ටිකෙන් ටික සාර්ථක වෙමු. පියවරෙන් පියවර ඉදිරියට යමු. STEP FORWARD!

චාන්දිමා මුනමලේ ඈපා
www.stepforwardlanka.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *