Online & Outdoor Programs
*කාටද?*
වයස අවු 4-12 සහ 13-17 දරුවන්ට
*මොනවද ලැබෙන්නේ?*
එළිමහන් වැඩසටහන මාස කීපයකට වරක් පැවැත්වෙන නිසා නිතිපතා දරුවන් අපට මුණ ගැහෙන්න Online වැඩසටහන අවශ්‍යයි.
*කොහොමද වෙන්නෙ?*
මාසයකට සැසි තුනක් (වි 40 ක් Zoom ) නිවාඩු දිනවල උදේ 7.30 ට. දරුවන්ට පුළුවන් නම් එම දින 3 ම හෝ අඩු තරමෙන් දින 2ක් වත් සම්බන්ධ විය හැකියි. (සෙනසුරාදා/ඉරිදා/නිවාඩු දින)
*අය කිරීම*
එක් දරුවෙකුට Rs 500/- මාසයටම (දින 3 ටම)
*කොහොමද එකතු වෙන්නේ?*
ඉහත දී ඇති අංකයකට දරුවාගේ නම, වයස whatsapp කර ඔබේ පැමිණීම තහවුරු කිරීමෙන්
*විස්තර දැනගන්නේ?*
*වසර 28 ක අපේ ඉතිහාසය*
දෙමව්පියන් සහ දරුවන් සමඟ ඇති මනෝවිද්‍යා උපදේශන අත්දැකීම්, චිත්‍ර ප්‍රතිකාර සමඟ කුඩා දරුවන් 6 දෙනෙකු සඳහා එළිමහන් වැඩසටහනක් ලෙස ආරම්භ වූ STEP FORWARD LANKA කුරුණෑගල, ගම්පහ, ගාල්ල, මහනුවර සහ කොළඹ ප්‍රදේශවලදී වසර 13 ක් නොකඩවා පැවැත්වුණා. කොරෝනා සමග Online වූ අපේ වැඩසටහන් 2025 වසර දක්වා අඛණ්ඩව පැවැත්වුණත්, රාත්‍රී කාලයේ Online වැඩසටහන කරගෙන යෑමට පැමිණි බාධක නිසා (දරුවන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ කාර්යබහුල බව, රටේ ආර්ථිකය වැනි විවිධ ගැටලු හේතුවෙන්) 2026 ජූනි සිට නැවත පටන් ගැනීමේදී නිවාඩු දිනවල උදය වරුවේ පැවැත්වීමට අපි තීරණය කළා. වෙනත් රටවලින් Online පැමිණෙන දරුවන්ටත් එය පහසුවක්.
*අනෙකුත් වැඩසටහන්*
Online
ජීවිතයේ සතුට, සාර්ථකත්වය, සමබර බව සොයන ඔබටත් දරුවන්ටත් ආරාධනා කරනවා 
SFL GROWTH CIRCLE Whatsapp කණ්ඩායමට එක්වී තවත් විස්තර දැනගන්න පුළුවන්
චාන්දිමා මුනමලේ ඈපා
නිර්මාතෘ STEP FORWARD LANKA සහ
STEP FORWARD TEAM

