Skip to content

Good Morning Session – July 26th Sunday 7.30am

🛑ඔබේ දරුවාටත් කේන්ති යනවද? ඔබටත්??
🛑දරුවාට වෙහෙස බව ඔබට දැනෙනවාද? ඔබටත් වෙහෙසයි??
🛑ඔබටත් ඉන්නෙ අවිවේකී බවින් පිරුණු ළමා කාලයක් ගෙවන දරුවෙක්ද?ඔබේ වැඩිහිටි ජීවිතයත් ඒ වගේද?
අපි හැම කෙනෙක්ම මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න. මේ තරඟකාරී රැල්ලත් එක්ක වැඩිහිටියන්ට දැනෙන ප්රශ්න නිසා, අධ්යාපනයෙන් ප්රතිඵල ගන්නට දරුවන් යොමු කිරීම තමයි මව්පියන් ගන්න දන්න එකම විසඳුම….ඒකේ වරදක් නෑ…ඒත් දරුවන්ටත් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා..ඔබටත් එහෙම නේද??
කෙනෙකුගේ මොළයේ දෙපැත්තක් තියෙනවා…පාසල් අධ්යාපනයෙන්, අමතර පන්ති වලින්, දෙමව්පියන් ‘නොකියා කියන’ ඉලක්ක කරා යන්නට දරුවන් සහ සමාජය නොකියා කියන ඉලක්ක හඹා යන ඔබත් මේ තරම් මහන්සි වෙන එකෙන් වම් මොළය පිරි ඉතිරි යනවා…ඒත් ඔබ හොඳින් තේරුම් ගන්න සොබාදහමට කවදාවත් වැරදිලා නෑ…. මොළයේ දෙපැත්තක් තියෙන්නෙ දෙපැත්තම භාවිතා කරන්න අවශ්ය නිසයි. දකුණු මොළය කෑගසමින්, බෙරිහන් දෙමින් ඉල්ලා සිටිනවා දරුවාට වගේම ඔබටත් විවේක ගන්න කියලා…..තමන් ආසම දේක යෙදෙන්න කියලා…තමන්ට ආසා කිසිම දේකට වෙලාවක් නැති නිසා වම් මොළය තවතවත් වෙහෙසෙනවා දරුවාට පාඩම් කරවන්න…සහතික ගන්න. ඔබට…..???
අපි, STEP FORWARD LANKA වසර 13 ක් තිස්සේ මේ කරන්නෙ වෙනස් දෙයක්!
✳️Good Habits
✳️Good Qualities
✳️Calm Mind
අරමුණු කරන් තමයි අපි දරුවන් එක්ක මාසෙකට දින 3ක්, එක පැය බැගින් වැඩ කරන්නෙ. මේ ගැන ඔබව දැනුවත් කරන්නට;
👉ජූලි 26 ඉරිදා උදේ 7.30 ට අවු 4-12 දරුවන් සහ මව්පියන් එක්කත්,
👉ජූලි 26 ඉරිදා රෑ 8.00 ට අවු 13-17 දරුවන් සහ මව්පියන් එක්කත්,
නොමිලයේ සාකච්ඡාවක්/ අභ්යාස කීපයක් කරනවා.
දරුවෙකුට පාඩම් කරන්නත්, ඔබට ඔබේ දේ කරන්නත් පුළුවන් වෙන්නේ සතුටින් ඉන්නවනම් විතරයි. කවුරුත් මේ බව තේරුම් ගන්නෙම නෑ… ඉතින් අද සතුටින් නැතුව හෙට දවසේ වැඩවලට විතරක් අවධානය දෙන්න වීම අවසානයේ දැඩි පීඩනයක් වෙනවා….මේ පීඩනය නිසාම කලහාකාරී, කෝපය වැඩි, අකීකරු අය බිහි වෙනවා. දරුවන්ට අකුරු ලිවීම, පාඩම් කිරිම එපාම වෙනවා…බොහෝ දරුවන්, තරුණ අය වගේම වැඩිහිටියන් මානසිකව ඇද වැටෙනවා..
හිත එකඟ කරන අභ්යාස වල යෙදෙන්න, මේ මොහොතේ ජීවත් වෙන්න, දරුවන්ට වගේම ඔබටත් සතුටින් පිරී ඉතිරී යන දේවලට යොමු වෙන්න අපි ඉඩක් හදනවා. අපි නොකඩවා;
🟨වැඩිහිටි ඕනෑම අයෙකුට Shadow Souls
බ්රහස්පතින්දා දිනවල රෑ 9 ට
🟨දෙමව්පියන්ට Conscious Parenting වැඩසටහන July 29 රෑ 9 ට
වැඩසටහන් කරන්නේ ඒ නිසයි.
🟨පවුලේ කාටත් Mini OutPro, Mega OutPro කරන්නෙත් ඒ නිසයි.
රැල්ලට ගිහින්, අසමතුලිත පෞරුෂයක් තියෙන, කලහකාරී හැසිරීම් රටා තියෙන, අකීකරු දරුවෙක් රටට දායද කරලා…අවසානයේදී ඒ දරුවා ඔබටම කරදරයක් වෙනවා…දෙමව්පියනි, බුද්ධිමත් වෙන්න. ඔබත් සතුටින්, සැහැල්ලුවෙන් ජීවිත ඉලක්ක කරා යන්න. 🙏
චාන්දිමා මුනමලේ ඈපා
වසර 28 ක අත්දැකීම් සමඟ.
දුරකථන අංක වලින් දැනගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *