අපූරු නර්තනයකින් අපේකම එක්ක ඇරඹුන වැඩ සටහනේ මගේ හදවතටම දැනුනු විශේෂාංගයක් වුනේ මනෝවිද්යා උපදේශනයේ වසර 25ක් ගත වූ ඒ මොහොත මතක් කිරීමයි. ඒ ගැන මතක් කළ හැම දෙනාටම ස්තුතියි..
උදෑසන පැවති අවුරුදු ක්රීඩා වගේම හවස් වෙද්දි STEP FORWARD අවුරුදු කුමර කුමරියන් ලෙස හැම දරුවෙක්ම තෑගි ලැබුවා.. අපේ අවුරුදු කුමාරිකාවන්ට ඔටුනු පැළඳුවේ ඒ අයගේම අම්මාවරුන්…
දියණියක් කුමාරිකාවක් කරන්න පුළුවන් හොඳම කෙනා අම්මා බව හදවතටම දැනෙද්දී ඒ මව්වරුන්ගේ දෑස් කඳුළින් තෙත් වුණා..මව්වරුන්ටත් පියවරුන්ටත් අවුරුදු කුමර කුමරියන් වෙන්න අවස්ථාව ලැබුණා…කොයි තරම් රාජකාරි මට්ටමේ ඉහළ නිලතල දැරුවත්, වේදිකාවක හැඩට වැඩට ගමන් කරල නැති අපේ වෛද්යවරු, ඉංජිනේරුවරු, බැංකු කළමනාකාරවරු වගේම අනිකුත් සියලු මවුපියවරු ඒ අවස්ථාව අපූරුවට වින්දා…
පසුදින පාන්දර 5.30 ට Energy Healing සමග Movement Meditation ශක්ති ක්රියාකාරකම් එක්ක හැම දෙමාව්පියෙක්ම එකතු වුණා…හැමදාමත් කරන වැඩ රාජකාරිය නිසා ඇතිවන Stress release කරගන්න මේ අවබෝධය ඒ අයට එකතු කළේ ලොකු වටිනාකමක්…මේ තරම් උනන්දුවෙන් මේ තාත්තලා අම්මලා වගේම පැමිණ සිටි ආච්චිලා සීයලාත් එකතුවෙයි කියලා නම් මම කොහොමටවත් විශ්වාස කළේ නැහැ…ඒත් හරි පුදුමයි.. ඒ හැමෝම හරිම උනන්දුවෙන්, හරිම අවබෝධයකින්, ගැඹුරින්ම ඒ අභ්යාස වලට සම්බන්ධ වුනා..ඒ අතරතුර දරුවන් Art therapy චිත්ර ක්රියාකාරකම් කළා..පසුව දෙමාපියන් ද තමන්ගේ අතීත වේදනාවන් ඉවත් කර ගනිමින්, සිත සැහැල්ලු කරන Art Therapy exercises කළා…
සියලුම දෙනා කළ නිර්මාණ, චිත්ර එකතු කරගනිමින් අවසානයේ අපි ප්රදර්ශනයක් කළා…
හැමෝම සතුටින් සමුගත්තේ ජූනි 17, 18 කිරිබත්ගොඩ දී පැවැත්වෙන මීළඟ Mega 9 වැඩසටහනට නොවරදවා එකතුවෙන බලාපොරොත්තුවෙන්…..

වැඩසටහන මේ තරම් සාර්ථක කරගන්න මාස තුනක් තිස්සේ වෙහෙසුණු Rajathaඔබටත්, ඡායාරූප කරණයෙන් උදව් කළ Onel Nanayakkara පුතාටත්, අනුරාධපුර Grand Lessure Village සහ Four points කාර්ය මණ්ඩලයටත්, අපේ බස් රථයේ රියදුරු Ranjan ඔබටත් බෙහෙවින් ස්තුතියි 
චාන්දිමා මූනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
0776510656 /0715750525

