STEP FORWARD LANKA Mini Outpro at Gampaha Botanical Gradens – NOV 24 9AM-3PM

STEP FORWARD LANKA Mini Outpro at Gampaha Botanical Gradens – NOV 24 9AM-3PM

මේ වනවිට අපේ රටේ නව යොවුන් වියේ සහ තාරුණ්‍යයේ සිටින දරුවන් සියදිවි නසා ගැනීමේ පෙළඹීමක් දකින්න ලැබෙනවා. මෙය ඉතාම නරක තත්ත්වයක්. මීට බොහෝවිට හේතුවන්නේ අධ්‍යාපන ඉලක්ක ඔස්සේ හඹා යන්නට මිස ජීවිතය සමබර කරගන්නට දරුවන් යොමු නොකිරීමයි.

අපි හැමෝගෙම මොළයේ දෙපැත්තක් තියෙනවා. ( පැහැදිලි කිරීම පිණිස අපි එහෙම වෙන් කරනවා) අපි ඉගෙන ගන්න විෂයන්, භාෂාවන්, ගණිත දැනුම ආදී සියල්ල යොමුවෙන්නේ වම්මොළයට. ඉතින් අද කාලයේ දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් වම් මොළය පිරිලා ඉතිරිලා යන තරමට දියුණු වෙනවා. රිද්මය, වර්ණ, අවකාශය, සතුට, සැහැල්ලුව, සමබරතාවය දියුණු කරන දකුණු මොළයට ක්‍රියාකාරකම් ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඉතින් ජීවිතයේ හැම දෙයක්ම අධ්‍යාපනය සාර්ථක කරගත් පමණින් සාර්ථක වෙන්නේ නැති බව අපට තේරුම් යන්නේ මිනිස්සු මානසිකව පීඩාවට පත්වෙනකොටයි. සමහර විට ජීවිතය නැති කරගත්තට පස්සේ තමයි. මේ වම් සහ දකුණු මොළයේ සමබරතාවය ගොඩනඟා ගන්නට අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීම තමයි STEP FORWARD LANKA අපේ අරමුණ!

දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේත් දකුණු මොළයේ වර්ධනය වෙනුවෙන් STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය වසර 11 ට ආසන්න කාලයක් කරගෙන යන වැඩසටහන් ගැන ඔබ දන්නවා. වැඩි විස්තර දැකගන්න
www.stepforwardlanka.com වෙබ් අඩවියෙන්.

ඔන්න අපි නොවැ 24 ඉරිදා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ වයස් කාණ්ඩ දෙකක දරුවන්ට ලස්සන වැඩසටහනක් කරන්න සූදානම් කරනවා.
🟠වයස අවු 4 – 11 කණ්ඩායම
🟠වයස අවු 12 -17 කණ්ඩායම
නොවැ 15 ට පෙර මුදල් ගෙවා ඔබේ අවස්තා වෙන් කරගන්න. දරුවාගේ නම, වයස සමග මව/පියා ගේ නම සහ whatsApp අංකය අපට එවන්න.
🟠දවස පුරාම ක්‍රියාකාරකම් කළත් අපි එක් දරුවෙක්ගෙන් අය කරන්නේ රු 1500/= ක් විතරයි.

රටට බරක් නොවන, තමන් සමගම තෘප්තිමත්, සතුටින් සිටින දරුවෙක් බිහි කරන්නට ඔබත් බුද්ධිමත් දෙමව්පියන් ලෙස STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය සමග අත්වැල් බැඳගන්න.

චාන්දිමා මූනමලේ ඈපා
නිර්මාතෘ STEP FORWARD LANKA
පරිවර්තනයේ සරසවිය
0715750525/0776510656
සමග
STEP FORWARD TEAM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *