CARING U & ME – PARENTING COURSE
Lectures,Discussions,Follow ups,Exercises for 5 months Fee Rs 1000/= per month Start Date: Jan 21- 9pm – ZOOM Register before Jan 18th whatsApp your name 0776510656
STEP FORWARD LANKA 2025 අපේ වැඩසටහන්
STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය කියන්නෙ පවුලේ හැමෝගෙම ජීවිතය වෙනස් කරන, සුන්දර කරන නවාතැනක්. ජීවිතය සමබර කරගන්නට දිවා රෑ වෙහෙසෙන වැඩිහිටියන්, අධ්‍යාපනික පීඩනයෙන් හෙම්බත් වුණු දරුවන් නිදහස, සතුට, සාමය වගේම ජීවිතයට යහපත් වෙනසක්, සැබෑ පරිවර්තනයක් සොයනවා. ඉතින් 2025 දී අපි ඔබ වෙත ගෙන එන දේ කෙටියෙන් පහදන්නම්. STEP FORWARD SHADOW SOULS https://www.facebook.com/share/p/15S974aU3t/ මෙතෙක් පැමිණි සියලු දෙනාගේ ජීවිතය අතිශය වෙනස් කළ SS දින 8 පාඨමාලාව චිත්‍ර ප්‍රතිකාරාත්මක සහ මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක්. පිටරටවල ඉන්න අයටත් එන්න පුලුවන්. උදේ වැඩසටහන (SS 12) හෝ රෑ වැඩසටහන (SS 13) තෝරාගන්න ඔබට පුළුවන්. අවු 18 ට වැඩි ගැහැණු පිරිමි හැමෝටම එකසේ වැදගත්. වෙනදාට වඩා 50% අඩුකළ මිලක් මෙවර තීරණය කළේ රටේ ආර්ථික අපහසුතා නිසා. මේ අවස්තාවෙන් ඔබත් උපරිම ප්‍රථිඵල ළඟා කර ගන්න. Link වලින් ගොස් අන් අයගේ අදහස් දැකගන්න. SS 11 පසුගිය වැඩසටහන : https://www.facebook.com/share/p/15S2kJx1ZQ/ STEP FORWARD PARENTING දරුවන් නිවැරදිව හදාගන්න, තමන්ගෙ අඩුපාඩු දැකගන්න පෙන්වා දෙන මනෝවිද්‍යාත්මක මග පෙන්වීමක්. අපි කොයිතරමි උගත් වුණත්, සමහර විට දරුවන්…
STEP FORWARD LANKA Mega OutPro 11 මිහිරි මතක ඇල්බමය
දින 3 ක් පුරා දෙමව්පියන්ගේ වැඩසටහන කරගන්නට ඉඩහසර ලබාදෙමින් දරුවන් බුද්ධි වර්ධන අභ්‍යාසයන්ගේ නියැලුණු අපූරුව මීළඟ වැඩසටහනකට එකතු වෙන්න ඔබත් කැමති නම් 0776510656 ට whatsApp කරන්න. විස්තර දැනගන්න. [ මාර්තු 13,14,15 සිංහරාජයේදී ]
Mega OutPro 11 – INSIGHT DIALOGUE MEDITATION RETREAT at Naula Arangala Forest Lodge
STEP FORWARD LANKA STEP FORWARD FAMILY ISLAND www.stepforwardlanka.com Mega OutPro 11 – INSIGHT DIALOGUE MEDITATION RETREAT at Naula Arangala Forest Lodge ඔන්න අපි තවත් ලස්සන වැඩසටහනක් කළා විදර්ශනා සංවාද භාවනා වැඩසටහනක් එක්කම අපේ Mega OutPro වැඩසටහනක් විදියට….දෙමව්පියන්, දරුවන් හැමෝම එකතු කරන්. 2024 දෙසැ 13,14,15 දින 3 ක් නාඋල රමණීය පරිසරයක. View Photos :- https://www.facebook.com/story.php?story_fbid=2270961746610667&id=100010905912602&rdid=s9cWQIdgb4K6Ui2V#
STEP FORWARD LANKA Mini Outpro at Gampaha Botanical Gradens – NOV 24 9AM-3PM
මේ වනවිට අපේ රටේ නව යොවුන් වියේ සහ තාරුණ්‍යයේ සිටින දරුවන් සියදිවි නසා ගැනීමේ පෙළඹීමක් දකින්න ලැබෙනවා. මෙය ඉතාම නරක තත්ත්වයක්. මීට බොහෝවිට හේතුවන්නේ අධ්‍යාපන ඉලක්ක ඔස්සේ හඹා යන්නට මිස ජීවිතය සමබර කරගන්නට දරුවන් යොමු නොකිරීමයි. අපි හැමෝගෙම මොළයේ දෙපැත්තක් තියෙනවා. ( පැහැදිලි කිරීම පිණිස අපි එහෙම වෙන් කරනවා) අපි ඉගෙන ගන්න විෂයන්, භාෂාවන්, ගණිත දැනුම ආදී සියල්ල යොමුවෙන්නේ වම්මොළයට. ඉතින් අද කාලයේ දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් වම් මොළය පිරිලා ඉතිරිලා යන තරමට දියුණු වෙනවා. රිද්මය, වර්ණ, අවකාශය, සතුට, සැහැල්ලුව, සමබරතාවය දියුණු කරන දකුණු මොළයට ක්‍රියාකාරකම් ලැබෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඉතින් ජීවිතයේ හැම දෙයක්ම අධ්‍යාපනය සාර්ථක කරගත් පමණින් සාර්ථක වෙන්නේ නැති බව අපට තේරුම් යන්නේ මිනිස්සු මානසිකව පීඩාවට පත්වෙනකොටයි. සමහර විට ජීවිතය නැති කරගත්තට පස්සේ තමයි. මේ වම් සහ දකුණු මොළයේ සමබරතාවය ගොඩනඟා ගන්නට අවශ්‍ය ක්‍රියාකාරකම් කිරීම තමයි STEP FORWARD LANKA අපේ අරමුණ! දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේත් දකුණු මොළයේ වර්ධනය වෙනුවෙන් STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය වසර 11 ට ආසන්න කාලයක් කරගෙන යන වැඩසටහන්…
STEP FORWARD Mega OutPro ” නුවර අහස යට ” , Peradeniya University, Kandy
එකිනෙකා නොහදුනන දෙමව්පියන් දරුවන් රැසක් එක්ව, හදවතින්ම සතුටු වුණු ඒ දවස…… Mega OutPro ” නුවර අහස යට ” , Peradeniya University, Kandy STEP FORWARD Mega OutPro ” නුවර අහස යට ” https://www.facebook.com/chandima.moonemalle/videos/1222437555015319/?idorvanity=400541487237199
STEP FORWARD Mega Outpro Negombo Sea Breeze
Event C : මුහුදු වෙරළ කියන්නේ අපට මුළු ලෝකයම අමතක කරන්න පුළුවන් හරිම ලස්සන තැනක්….අපේ ඊළඟ අංගය විදිහට අපි හවායි ක්‍රමයට මුහුදු වෙරළේ සතුටු වුණා…හැම පවුලක්ම එක වගේ ඇඳුම් වලින් සැරසී සිටියේ හරිම ලස්සන හැඟීමක් හිතට ඇති කරමින්…. මේ ලෝකයේ අපිව සුවපත් කරන ප්‍රධානම තැන තමයි අපේ පවුල….පවුලෙ හැම දෙනාටම එකම වෙලාවක සතුටින් විනෝදයෙන් ඉන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්….STEP FORWARD වැඩසටහන් කෙරෙන්නේ හැම දෙනාගෙම හිත සුවපත් කරන්න, ඇති තරම් Relax වෙන්න.. මේ විනෝද ක්‍රීඩා වලදී පුදුම තරම් අපි හැමෝම හිනා වුනා…ඇති තරම් හයියෙන් හිනා වුණා…එහෙම හිනා වෙන්න වත් වෙලාවක් නැති, ඉඩකඩක් නැති අය තමයි අපි හැමෝම..මේ දවස් දෙක අපිට මේ තරම් වැදගත් වුණේ ඒ නිසයි. පොඩිත්තන් එයාලා විසින්ම හෝ දෙමාපියන් එක්ක එකතු වෙලා හදාගෙන ආව මල්මාලා, අත්පළඳනා, හිස් පළඳනා දාල හිටියෙ වෙරල තීරයේ සුරංගනා ලෝකයක් මවමින්…මෙහි දරුවන් බොහෝ දෙනෙක් එකිනෙකා හඳුනන්නේ නෑ..දෙමව්පියන් එකිනෙකා කවදාවත් දැකලත් නෑ…ඒත් මනුෂ්‍යත්වය ඒ කිසි දෙයකට බාධාවක් නෙවෙයි. A, B events https://www.facebook.com/groups/400541487237199/permalink/1179815902643083/?mibextid=Nif5oz
STEP FORWARD Mini Outpro වැඩසටහන – සැප් 29 ඉරිදා ගම්පහ උද්භිද උද්‍යානයේදීයි
පාසැලෙන් පොත පතින් දරුවන්ට කිසි දිනක ඉගෙන ගන්න බැරි පාඩම් තියෙනවා…ජීවිතයේ බොහෝ කඩඉම් පසුකරන්නට අතිශය වැදගත් එවැනි පාඩම් කියා දෙන්නට අපි ඉදිරිපත් වෙලා ඉන්නෙ දැන් වසර දහයකට ආසන්න කාලයක සිටයි. www.stepforwardlanka.com “ඒ මොනවාද ? මගේ දරුවන්ටත් ඒවා වැදගත් ද?” ඔබටත් හිතෙන්න ඇති. ඇත්තටම ඔව් ! මේ අතිශය වැදගත් කරුණු වැඩිහිටි වියේදී නම් කිසි ලෙසකින් ඉගෙන ගන්න බෑ. මේ පුරුදු නොමැති වැඩිහිටි දිවිය කවදාවත් සාර්ථක වෙන්නෙත් නෑ… පිරිසක් එක්ක ඉන්න විදිය team work කරන විදිය බෙදාහදා ගන්න විදිය තමන්ගේ වාරය එනතුරු ඉවසීම ජය පරාජය භාර ගැනීම සිතේ එකග බව ඇති කර ගැනීම – concentration සිහිය – mindfulness ගැටලු හමුවේ කටයුතු කළ යුතු ආකාරය නිර්මාණාත්මක සිතීම – creative thinking මැවීම – imagination පිළිවෙළ අලුත් මිතුරන් හදුනා ගැනීම තනියම කන බොන විදිය තමන්ගේ කටයුතු තනිවම කර ගැනීම ඉදිරිපත් වීම ලැජ්ජාශීලී බව දුරු කර ගැනීම ආත්ම විශ්වාසය ඉලක්ක පිහිටුවා ගැනීම එළිමහන් පරිසරය විදීම දරුවන් විශාල පිරිසක් සිටින තැනකදී, සෙල්ලම් සහ නිර්මාණාත්මක ක්‍රියා හරහා තමන්ටත්…
විදර්ශනා සංවාද භාවනා වැඩසටහන
අපේ ජීවිතය ගෙවෙන්නේ අන්‍යෝන්‍ය සබඳතා මතම බව ඔබ හිතලා තියෙනවා ද? ඉපදුණු මොහොතේ පටන් අද ඔබ ගත කරන මේ වයස දක්වා කී දෙනෙක් ඔබට කී ආකාරයකින් උදව් කරන්න ඇත්ද? කී දෙනෙක් ඔබේ ජීවිතයට පාඩම් කියා දෙන්න ඇත්ද? හොඳ, නරක අත්දැකීම් ලබා දෙන්න ඇත්ද? එදිනෙදා ජීවිතය සතුටින් ගත කරන්න ඔබ වටා ඉන්න අයගේ හැගීම් දැනීම් අවබෝධ කර ගනිමින් කතා කරන්න, තරහා නොගෙන, රණ්ඩු නොකර ඉන්න තියා ඔබට ඔබේම හැගීම් පාලනය කරගනිමින් ඔබව තේරුම් ගන්නවත් බැරි අවස්තා කොතෙක් තියෙනවා ද? ජීවිතය අවබෝධයෙන් දකිමින්, නිර්වානය කරා එළඹෙන තෙක්ම අන්‍යෝන්‍ය සබඳතා ඉවත හෙලන්න කිසිවෙකුටත් බෑ. ඉතින් ධර්ම මාර්ගයේ යන අයෙක් තමන්ගේ වටේ ඉන්න මිනිස්සු වගේම පරිසරය එක්ක යහපත් සබඳතා ඇති කර නොගත්තොත් ඒ අයට දහම් මග විවර වෙන්නෙත් නෑ. ඔබට ඔබව තේරුම් ගන්න ඔබ වටා ඉන්න අයව තේරුම් ගන්න දහම් මාර්ගයේ සාර්ථක ගමනක් යන්න Insight Dialogue Meditation – විදර්ශනා සංවාද භාවනා ක්‍රමය බෙහෙවින් උපකාරී වෙනවා. ලොව පුරා විසිරී පවතින Insight Dialogue Community විදේශීය කණ්ඩායමේ…
KIDDIES COACHING CLUB – Feb 18 7-8.30pm Online 0776510656
පෙබරවාරි මාසයට STEP FORWARD LANKA Kiddies Coaching Club ( KCC වයස 3 1/2 – 8 ) සහ Masters Coaching Club ( MCC වයස 9-17 ) සඳහා මේ දිනවල දරුවන් බඳවා ගන්නවා. නූතන ලෝකයට අවශ්‍ය 🌺 චිත්තවේගී බුද්ධි වර්ධනය සහ 🌺නිර්මාණාත්මක හැකියා වර්ධනයට අවශ්‍ය බොහෝ ක්‍රියාකාරකම් අපි දරුවන්ට කියා දෙනවා. ඒ ඒ වයස් කාණ්ඩවල දරුවන්ට ක්‍රියාකාරකම් කෙරෙන්නේ වෙන වෙනම කණ්ඩායම් විදියටයි. දරුවන්ගේ දකුණු මොළයේ වර්ධනය වැඩි දියුණු කිරීමෙන් ඔවුන්ගේ 🌺සතුට වර්ධනය වෙනවා. ඒ වගේම 🌺තීරණ ගැනීමේ හැකියාව,🌺ජීවිතය සමබර කර ගැනීම , 🌺සිත එකඟ කිරීමේ හැකියාව, මේ නිසාම 🌺ඉගෙනීම් කටයුතුවල වර්ධනය පැහැදිලිව දැක ගන්න පුළුවන්. වැඩි විස්තර : https://www.facebook.com/groups/400541487237199/permalink/1387750985182906/?mibextid=Nif5oz ජනවාරි Kiddies Coaching Club වැඩසටහනේ SF Kitchen time https://www.facebook.com/groups/400541487237199/permalink/1391267658164572/?mibextid=Nif5oz









