STEP FORWARD MEGA OUTPRO 6 හන්තාන අහස යට, පේරාදෙණිය සරසවි භූමියේදී
කියා නිම කළ නොහැකි සොඳුරු අත්දැකීම් සමුදායක් ජීවිතයට එක් කරමින් පුංචි දරුවන් දෙමව්පියන් සතුටු වුණු ඒ දවස…2022 අගෝ 20. STEP FORWARD මහනුවර කණ්ඩායමේ කැපවීම නිසාම ආලෝකවත් වුණු දවසක්… මෙවැනි දේ ජීවිතයට එක් කරන්නට ළමා වියේ සිටම මඟ පෙන්වූ ආදරණීය පියාණන්, වෛද්‍ය ජුපිටර් මුනමලේ මහතා අපේ ප්‍රධාන අමුත්තා කරගත්තේ එතුමන්ට දක්වන ගෞරවය වෙන වෙන කිසිවෙකුටත් ලබාදිය නොහැකි නිසයි. කිසි දිනකත් එකිනෙකා දැක නොතිබුණු Online අපේ කණ්ඩායම එදා එකිනෙකා වැළඳ ගත්තෙ හදපිරි සෙනෙහසින්…සියලු දෙනාටම Welcome Drink හැදුවේ අපේම පොඩිත්තන්…Srithika ගුරුතුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන් සූදානම් කරගෙන ආ ද්‍රව්‍ය එකතු කරගෙන STEP FORWARD Kiddies Kitchen එදා එළිමහනේ දී සැකසුවා. ඒ පානයේ රසවින්දේ ඔවුන් පවුල් අතර බෙදාගෙන.. Erandika ගුරුතුමියගේ අපූරු හඬින් STEP FORWARD Master Club දරුවන්ගේ සහයෝගයෙන් වැඩ සටහන තවත් කල එලිවුනා… සංගීතය රස විඳිමින් (Music therapy ) භාවනාවෙන් සිත එක්තැන් කර ගත් දරුවන් වැඩිහිටියන් සියලුදෙනාම අහස පුරා චිත්‍ර ඇන්දා ( Art Therapy Activities )…..ඉන්දියාවෙන්ම අප වෙත ලබාදුන් හෝලි වර්ණවලින් දරුවන් දෙමව්පියන් නැහැවී ගියේ හද…
STEP FORWARD Mega Sea Breeze Dec 18 නිමාවේ සැසිය
රටේ සතර දෙසින් STEP FORWARD Mega Outpro වෙත පැමිණි දෙමව්පියන් දරුවන් දෙදින වැඩසටහනක් නිමා කරමින් සතුටින් අදහස් බෙදා ගත්තා… මීළඟ වැඩසටහන සිංහල අවුරුද්ද තේමා කරගනිමින් හෙළ අවුරුදු සිරිත් විරිත් අවුරුදු ක්‍රීඩා එකතු කරගනිමින් අනුරාධපුරයේ ගම්මානයක දී පැවැත්වීමට STEP FORWARD සූදානම් බව අපි ඔවුන්ට දැනුම් දුන්නා. තවත් අලුත් නොහඳුනන පවුල් රැසක් සමග අපි හැමෝම මාර්තු මාසයේ අවසන් සති අන්තයේදී හමු වෙන්නට සූදානම්. ඔබත් කැමති නම් කියන්න ( WhatsApp 0715750525) හැල්මේ දුවන ජීවිතයට විවේකයක් ලබා දෙමින් සතුට, අවබෝධය එකතු කරගන්නට, පවුලේ සියළු දෙනාට එක්ව ජීවිතය විදින්නට ඉඩ හසර ලබා දීමට අප දරන පරිශ්‍රමය, අංශු මාත්‍රයකින් වත් අපතේ නොගිය බව අපට එකහෙළා විශ්වාසයි. එදින සහභාගි වීමට නොහැකි වූ පවුල් කිහිපයක් වියදම් කළ මුදලින්, තවත් කීප දෙනෙක් නොමිලයේ මේ අවස්ථාව ලබා ගත්තා..ඒ සියලු දෙනාටම පින් මේ වෙනුවෙන් ඇප කැප වූ පැමිණි නොපැමිණි අපගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ටත්, ඡායාරූපකරණයෙන් අපට සහය වූ සමන්තිකා මහත්මියටත්, සියලු පහසුකම් සම්පාදනය කළ Topaz Beach Hotel කළමනාකාරිණී නිමල්කා මහත්මිය ඇතුළු කණ්ඩායමටත්…
STEP FORWARD Mega OutPro Negombo Sea Breeze – 2022 Dec 17 morning at Topaz Beach Hotel, Negombo
B Mega Sand Creations එදිනෙදා කාර්යබහුල රාජකාරි ජීවිතය අමතක කළ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, කථිකාචාර්යවරුන් වගේම සමාජය පිළිගත් තවත් උසස් නිලතල දරන මේ මව්පියවරුන් එදා දවසේ දී පුංචි දරුවන් බවට පත්වුණ බවයි පෙනුනේ.. අපි හැම කෙනෙක් තුළම අපගේ “ළමා කාලය” හැමදාමත් ජීවත් වෙන බව දැකගන්නට මීට වඩා නිදසුනක් නැහැ… කුඩා දරුවන් තමන්ගේම ලෝකවල වැලි අනමින්, මඩ නා ගනිමින් ඇති තරම් සෙල්ලම් කළා…Sand Therapy, Mud Therapy, Water Therapy ක්‍රියාකාරකම් හැම දෙනෙකුගේම ජීවිත සුවපත් කරනවා.. දරුවන් වගේම දෙමව්පියන් සොබාදහමෙන් සුවපත් කරන්නට මීට වඩා ප්‍රතිකාරයක් ඇත්තේ නැහැ.. Event A https://www.facebook.com/groups/400541487237199/permalink/1179806815977325/?mibextid=Nif5oz
STEP FORWARD Negambo Sea Breeze – Mega sand Creations
STEP FORWARD Negambo Sea Breeze දෙමව්පියන් දරුවන් බරටම වැඩ දෙමව්පියන් දරුවන් …අද මීගමු වෙරළේදී…. Mega sand Creations STEP FORWARD Negambo Sea Breeze දෙමව්පියන් දරුවන් බරටම වැඩ දෙමව්පියන් දරුවන් …අද මීගමු වෙරළේදී…. Mega sand Creations https://www.facebook.com/groups/400541487237199/permalink/1175791683045505/?mibextid=xfxF2i&rdid=k6ehj86FXNAQcOs2&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fp%2FwkFWcgnfdnKuDiP2%2F%3Fmibextid%3DxfxF2i
STEP FORWARD Mega OutPro Negombo Sea Breeze – 2022 Dec 17 Christmas evening at Topaz Beach Hotel, Negombo
Event D නත්තල් කියන්නේ සාමයේ පණිවිඩය ගෙනා ජේසුතුමා සමරන කාලය….නත්තලටම සුවිශේෂී වුණු ගුණාංග රැසකින් දරුවන් දෙමව්පියන් මෙවර අපිත් එක්ක විනෝද වුනේ මේ විදියට…දරුවන් අතර එකමුතුකම, සාමය ඇති කරන්න මීට වඩා හොඳ කාලයක් තවත් නැහැ…හැම දරුවෙක්ම තවත් දරුවෙක් වෙනුවෙන් තෑග්ගක් රැගෙන ආවා..ඒවා හුවමාරු කරගත්තෙ අලුත්ම යාලුවො ඇතිකර ගනිමින්… මුළු නත්තල් ගහම සැරසුවේ දරුවෝ ගෙනාව නිර්මාණ වලින්… අපේ දරුවන් හැමෝම අපෙන් තෑගි ලබා ගත්තා..නත්තල් සීයා ඇවිත් එයාලට තවත් පුංචි තෑග්ගක් දුන්නා. ඒ වගේම සින්දු කියලා ඒ හැමෝම විනෝද වුණා.. Event A,B,C https://www.facebook.com/groups/400541487237199/permalink/1179829139308426/?mibextid=Nif5oz
STEP FORWARD Mega Outpro – Negombo Sea Breeze – Yoga and Meditation Sessions
කලින් දවසෙ ඇති වෙන්න මුහුදෙ නටලා කොච්චර මහන්සියෙන් හිටියත් උදේ එලාම් එක වදින්න ඔන්න මෙන්න තියෙද්දි ඉබේම ඇහැරුනේ අළුත්ම අත්දැකීමක් විඳගන්න හිතේ තිබ්බ ආසාවට වෙන්න ඇති. ලොක්කො පොඩ්ඩො හැමෝම උදේ 6.30 වෙද්දි යෝගා මැට්, පැදුරු එහෙමත් අරගෙන මුහුදු වෙරළට ගියේ යෝගා සහ භාවනා සැසියට සහභාගි වෙන්න. අම්මලා තාත්තලා එක පැත්තක සමීර මහතාත් එක්ක. පොඩ්ඩො ටික තවත් තැනක මැඩම් එක්ක. අම්මලා නැතුව පොඩ්ඩො ටික තනියම ඉඳියිද කියලා හිතේ පොඩි සැකයක් තිබුණත් ඔවුන් හැමෝම වගේ බොහොම අපුරුවට පරිසරය විඳිමින් මැඩම් එක්ක භාවනාව කරලා තිබුණා. පසුබිමෙන් මුහුදු රළේ සංගීතය මැද්දෙ , මුහුදු සුළං විඳිමින්, සිනිඳු මුහුදු වැලි පෑගෙමින් උදේ පාන්දරම යෝගා කිරීම හැමෝටම වගේ අළුත්ම අත්දැකීමක් වුනා. හොර ඇඟවල් එහෙට මෙහෙට නවාගන්න බැරි වෙයිද කියලා හිතේ පොඩි කුකුසක් තිබුණත් ඒ වෙලාවෙ කොහෙන් ආපු ශක්තියක්ද මන්දා හැමෝම වගේ ගොඩක් සාර්ථකව ඒ හැම දෙයක්ම ඉතාමත් හොඳින් කළා. යෝගා ගුරුවරයා වුනු සමීර මහතාත් හරිම සුහදයි. ඔහු අපට බල කළේ නැහැ බැරි දේවල් කරන්න. හැම වෙලාවෙම තමන්ට…
MEGA OUTPRO 12 සිතුල්පව්ව, යාල
මහ රහතන් වහන්සේලා වැඩ සිටි මේ පූජා භූමියේදී භාවනා කරන්නට ලැබීමත් වාසනාවක්. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ලෙස කණ්ඩායම් 4 ක් ලෙස සියලුම දෙමව්පියන් වැඩිහිටියන් ධර්ම කරුණු නිර්මාණාත්මකව ඉදිරිපත් කළේ කිසි දිනෙකත් අමතක නොවන අපූරු නිර්මාණ කරමින්. යාල වනෝද්‍යානයට යන්නත් දරුවන්ට දෙමව්පියන්ට අවස්ථාව ලැබුණා. ඉතින් මේ අපේ වැඩසටහනේ නොමැකෙන මතකයන් එක් වුණු අවස්ථා….යමුකෝ බලන්න පිළිවෙලින් වැඩි විස්තර : https://www.facebook.com/story.php?story_fbid=2173633499676826&id=100010905912602&mibextid=qi2Omg&rdid=yBZPfen0vIqHtG3Y https://stepforwardlanka.com/wp-content/uploads/2024/08/MEga-oupro-10-sithulpawwa.mp4
Red Indian Camp
ඔන්න අපි STEP FORWARD Red Indian Camp එක නොමිලයේ අද ගමේ දරුවන් 65 දෙනෙක් වෙනුවෙන් කළා…Heart 2 heart හදින් හදට වැඩසටහනෙන් තමයි මේ සදහා වියදම් පියවා ගත්තේ…ගමේ දෙමව්පියන් සෑහෙන්න මහන්සි වෙලා ඉතාම අපූරුවට කූඩාරම් හදලා, ගිනිමැල ගහලා, ගස් වැල් මල් වලින් අපේ භූමිය සරසලා හරි අපූරුවට උදව් කළා..STEP FORWARD Galle team Inoka Sandamali ගුරුතුමිය වගේම Govinnage Nilunika Senarath Yapa ගුරුතුමිය පුදුම කැපවීමෙන් මේ වෙනුවෙන් මහන්සි වුනා. ඡායාරූප ගන්න අපට උදව් කරපු දිනාරා දුවටත් බොහොම ස්තූතියි. මෙතෙක් කල් ගමේ සංවර්ධන නිලධාරිතුමිය විදියට අපට විශාල සහයෝගයක් දුන් අනූෂා මහත්මිය අද අපෙන් සමුගෙන වෙනත් වසමක රාජකාරියට යන බවත් ප්‍රකාශ වුනා..අපි එතුමියගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා.බලන්න මේ දරුවන් ලබපු අත්දැකීම්…එයාලගේ සතුට ! අපට හුස්ම දෙන මේ පරිසරය රැක ගන්නත්, රතු ඉන්දියානු නායක සියැටෙල් කළ ප්‍රකාශයන් ගැනත් බොහෝ වැදගත් කරුණු දරුවන් ඉගෙන ගත්තා…දරුවන්ගේ ළමා විය සතුටින් නම්, ඒ අයගේ අනාගතය සාර්ථක වෙන බව ඉඳුරාම කියන්න පුළුවන්. විවිධ බාධක දුෂ්කරතා මැද වුනත් දරුවන්ගේ සතුට වෙනුවෙන් මේ…









