Category Archives: Events

අපේ දෙමව්පියන් දරුවන් ගැන කියන්නෙ මොනවාද කියලත් මවක් විදියට තමන්ගේ අතින් දරුවන් හැසිරවීමේදී වෙන අඩුපාඩු ගැනත් අපි සොයා බැලුවා.. දරුවන් ගැන හොඳ කියන්න බොහොමයක් මව්වරුන්ට අමතක වෙන බවත්, මවගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙන්නෙ දරුවාගේ නුගුණ දෙසටම බවත් අපි දැක්කා..ඒවගේම තවත් රසවත් කතාවක් මේ පර්යේෂණය හරහා එළියට ආවා..ඒ තමයි තරහා යනවා කියලා කියන දරුවන්ගේ මව්වරුන් බොහෝ දෙනෙක් තරහා ගන්න අය! අපිළිවෙලයි කියන දරුවන්ගේ අම්මලත් ටිකක් අපිළිවෙලයි. කාල කළමනාකරණය අඩු දරුවන්ගේ අම්මලාත් කාල කළමනාකරණය දන්නෙ නෑ…..දැන් ඉතින් කියන්නකො මට වරද කාගෙද කියලා දරුවන් හෝ ඔබ තරහා ගන්නවා නම් ඒකට හේතුව යම් අවශ්‍යතාවයක් ඉෂ්ඨ නොවීම. පොඩි ළමයි හරීයට තරහා ගන්නවා…එහෙනම් වරද තියෙන්නේ එයා හැදෙන වැඩෙන පරිසරයේ…දරුවෙක් මේ ලෝකෙට එන්නෙ එයාගේ ජීවිතය ගත කරන්න මිසක් මව්පියන් / පාසැල / සමාජය කියන අරමුණු කරා යන්නවත්, දරුවාගේ යහපත වෙනුවෙන් වුනත් මව්පියන් කියන රාමුව ඇතුලේ කොටුවෙලා ඉන්නවත් නෙමෙයි. ඔන්න ඔතන තමයි ගැටුම පටන් ගන්න තැන! ඔබේ දරුවාගේ ඇත්තම අවශ්‍යතාවය කුමක්ද කියලා සොයා බලන්න. දරුවාට මේ තරම්…

Read more

අපි බොහෝ දෙනෙක් සතුටු වෙන්න දන්නෙ නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවද? උපදේශනය සදහා වගේම අපේ වැඩසටහන වෙනුවෙන් එකතු වෙන කාර්‍යබහුල වැඩිහිටියන් හැමෝම ළඟ ඇත්තටම සතුටු වෙන්න ඕන කරන හැමදේම තිබුණා…. ඒත් ඒ දේවල් විඳින්න දන්නේ නැතිකම නිසා ඒ අය හිටියේ දුකෙන්..මනෝවිද්‍යා උපදේශනයේදීත්, අපි කරන විවිධ වැඩසටහන්, පාඨමාලා හරහාත් සතුට හඳුනා ගන්න හැටි කියා දුන්නහම ඒ අය පුදුමයෙන් පුදුමයට පත් වෙනවා. තමන් ළඟම තිබුණු සතුට දිහා බලන්න ඉගෙන ගන්නවා. ඇත්තෙන්ම සතුට තියෙන්නේ තමන් හිතන විදිය අනුව, තමන්ගෙ තුළමයි. එහෙත් එය දකින්න හොඳ ඇස් දෙකක්, ඒ වගේම විඳින්න හොඳ හදවතක් අපි ළඟ නැති එකයි ගැටළුව. අපි සතුට හොයන්නේ අපෙන් දුරස්ව… අපි කරන බොහෝ දේවල් තුළින් අපි සතුට හොයනවා… ඉගෙන ගන්න දේ අනුව ඇසුරු කරන අය අනුව හදන ගෙවල් අනුව ගන්න වාහන අනුව සමත් වෙන විභාග අනුව සතුටු වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. අපි ඒ හැම තැනකින්ම සතුට හොයනවා.. උපතින් අපට තිබුණු මේ සතුට නැතුව ගියේ කොහොමද ?? අපි ලබපු අධ්‍යාපනය, සමාජයෙන් අපිට…

Read more

මේ පුංචි ජීවිතයක් නිවැරදි මාවතේ රැගෙන යන්න මවකට පියකුට ලබා දෙන මග පෙන්වීම තරම් අපූරු අත්දැකීමක් තවත් නැහැ! මේ හැම පොඩිත්තෙක්ම ලෝකයට අතිශයින් අවශ්‍ය යමක් කරන වැදගත් වැඩිහිටියෙක් බවට දිනෙක පත්වෙනවා. ඒත් ඒ තත්ත්වයට ඔවුන් ළඟා වෙනතුරු, ඔවුන්ගේ ජීවිතය සමබරව ගෙනියන්න ඉගෙන ගන්නතුරු දෙමව්පියන්, ගුරුවරුන් වගේම STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවියත් එයාලා එක්ක ලගින්ම ඉන්නවා. මේ වගේ වැඩසටහනකින් දරුවන්ට ලැබෙන්නෙ මොනවද? කොහොමද එයාලගේ දකුණු මොළය වර්ධනයට මේ දේවල් උපකාරී වෙන්නෙ? අපි දැකපු හොඳම දේ එයාලා ලබන නිදහස! තමන්ට ඕනෑ විදියට පිනුම් ගහන්න, උඩ පනින්න, හිනාවෙන්න, චිත්‍ර අඳින්න, උයන්න, ක්‍රීඩා කරන්න ලැබුණු නිදහස! දින තුනක් පුරා නොකඩවා, උපරිමයෙන්, දරුවන් ඒ සතුට ප්‍රබෝධය අත්වින්දා. එයාල හිටිය දෙමව්පියන්ගේ වැඩසටහනින් ඈත. අම්මලා තාත්තලා ඉන්නවද වත් දරුවන්ට මතක නැහැ! දෙමව්පියන්ට පවුලෙ අයට විතරක් සීමා නොවී කණ්ඩායම් ක්‍රියාකාරකම් හරහා තවත් විශාල පිරිසක් අඳුනා ගන්න ඔවුන්ට හැකිවෙන එක. තමන්ගේ නිර්මාණශීලී හැකියාව, ඉදිරිපත්වීමේ කුසලතා, චිත්තවේග හසුරුවා ගන්නට ලැබෙන උදව්. දරුවාගේ දකුණු මොළයේ සමබරතාවයට මේ සියලු ක්‍රියාකාරකම් ඉවහල් වෙනවා.…

Read more

STEP FORWARD LANKA Mini Outpro වැඩසටහන ඊයේ ගම්පහ උද්භිද උද්‍යානයේ දී පැවැත්වුනා. දරුවන් පංති කාමර මානසිකත්වයෙන් මිදිලා එයාලාගේ දකුණු මොළයේ වර්ධනය ඇති කරන විවිධ ක්‍රියාකාරකම් වල යෙදුනා. භාවනා කළා. ඒ වගේම අපි හැමෝම උද්භිද උද්‍යානය නරඹන්නත් ගියා. සෙල්ලම් කළා. පරිසරයෙන් එකතු කරගත්තු ද්‍රව්‍ය වලින් ලස්සන නිර්මාණ කළා. කෑම හැදුවා. සිංදු කිව්වා. නැටුවා. ඉදිරිපත් කිරීම් කළා. පොතෙන් විතරක් ඉගෙන ගන්න බෑ. දරුවන් සතුටු වෙන්නත් ඕනෑ. දඟකාරකම් කරන්නත් ඕනෑ. පරිසරය එක්ක හොඳ සම්බන්ධතා ගොඩ නගා ගන්නත් ඕනෑ. යාලුවො එක්ක අලුත්ම සම්බන්ධතා ගොඩනගා ගන්න දැනගන්නත් ඕනෑ. ඒ වගේම එයාලාගේ වාරය එනකල් ඉවසන්න, සහයෝගයෙන් වැඩ කරන්න, කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන්න ඉගෙන ගන්නත් ඕනෑ… ඉතින් මේ හැම දේම එයාලා ඊයේ අත්දැකීමෙන් ඉගෙන ගත්තා. අපේ STEP FORWARD TEAM එකෙන් Srithika Ameratunga , Udari Sashikala , Aruni Tennakoon Eranda Katanwila , Prabodha Jayawardena Shalika Medawala , M Tharique S Sabar , Nuwan Krishantha අපට ලොකු සහයෝගයක් දුන්නා. බොහොම ස්තූතියි ඉතින් සමබරව ජීවිතය ජය ගන්න අපි දරුවන්ට කියා දෙන්න…

Read more

හරියටම වසරකට පස්සෙ ඔන්න අපි ඊයේ ගම්පහ උද්භිද උද්‍යානයේ හරි ලස්සන Mini outPro වැඩසටහනක් කළා. දරුවන් 35 ක් සම්බන්ධ කරගනිමින්. හැමදාමත් ගොඩනැගිලිවල හිරවෙලා එකම රටාවේ අධ්‍යාපනයකට කොටුවෙලා ඉන්න දරුවන් ඒ පරිසරයේ සුන්දරත්වය, නිදහස උපරිමයෙන් භුක්ති වින්දා. කණ්ඩායම් ක්‍ර්‍රීඩා කළා. කෑම හැදුවා. සිංදු ඇහුවා. නැටුවා. චිත්‍ර ඇන්දා. පොඩි භාවනා අභ්‍යාසයක යෙදුනා. බලන්න දරුවන්ගේ සතුට මේ ඡායාරූපවල. මේ අභ්‍යාස හරහා දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒත් පාසැලේ වැඩ වගේ මේ දේවල් කළාට දරුවා ලැබූ දේ පේන්නේ නෑ. බෙදාහදා ගැනීම, තමන්ගේ වාරය එනතුරු ඉවසීම, කණ්ඩායම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තමන්ගේ දායකත්වය, සිත එකග කර ගැනීම ඒ අතරින් කීපයක්. අද ලෝකයේ දරුවන්ගේ මානසික සමබරතාවය පවත්වා ගැනීමට මෙවැනි අත්දැකීම් ලැබීම ඉතා වැදගත් ! මෙවැනි වැඩසටහනකින් දරුවන්ට ලැබෙන දේ https://www.facebook.com/share/p/vH5xEnGKnMmK2Nc6/?mibextid=oFDknk මීළඟ වැඩසටහන නොවැ 24 කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් දරුවන් සහභාගි කරවන්න කැමති නම් දරුවාගේ නම, වයස සමග මවගේ හෝ පියාගේ නම 0776510656 ට whatsApp කරන්න. අවු 4 – 13 දක්වා දරුවන්ට සහභාගි වෙන්න පුළුවන්. STEP FORWARD LANKA…

Read more

දෙසැ 16 දා උදේ කළුතර Green Shadow Beach Hotel හිදී STEP FORWARD LANKA කළුතර, පානදුර කණ්ඩායමේ මූලිකත්වයෙන් ආරම්භ වුනේ මෙහෙමයි. ඒ ඒ event photos වෙනම දාන්නම් කාටත් බලන්න පහසු වෙන්න. STEP FORWARD LANKA MEGA OutPro “පස්දුන්රට සතුටු මංසල” අත්දැකීමේ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ. එය අත්විඳ ලබන්න ඕනේ අපූරු අත්දැකීමක් ! ඔබට එය මේ ඡායාරූප හරහා දැකගන්න ලැබේවි. මේ ආරම්භය සහ First Event එක..! https://www.facebook.com/groups/400541487237199/permalink/1370213333603338/?mibextid=xfxF2i&rdid=kSz6bTNGoooCuK8j&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fp%2Fz1rnS8furfEDFnkK%2F%3Fmibextid%3DxfxF2i

දෙවන දිනය වුණු දෙසැ 17 උදේ 6 වෙද්දී කළුතර මුහුදු වෙරළේදී දෙමව්පියන් සඳහා Art Therapy Session සහ Insight Dialogue Meditation Session එකක් කළා. ඊට සමගාමීව දරුවන් සඳහා Clay Therapy Session එකක් කළා. නව යොවුන් වයසේ දරුවන් කුඩා දරුවන්ට අවශ්‍ය හැම දෙයක්ම කඩිනමින් ලබාදෙමින් ඔවුන්ට උදව් කළා. ඒ අයත් නවයොන් දරුවන් සඳහා වන Art Therapy Session එකට සම්බන්ධ වුණා. දෙමව්පියන් දැක්වූ අදහස් අනුව මෙවැනි ආධ්‍යාත්මික වැඩසටහන් සඳහා මීට වඩා කාලය වෙන් කරන ලෙසත්, දින ගණන වැඩි කරන ලෙසත් ඔවුන්ගෙන් ඉල්ලීම් ආවා. පැය තුනකට ආසන්න කාලයක්, දරුවන්ගෙන් වෙන්ව, තමන් සමගම තනි වන්නට දෙමව්පියන්ට ලැබුණු මේ මහඟු අවස්ථාව ඔවුන් ඉතා ඉහළින් අගය කළා. බලන්න මේ පරිසරය…උදෑසන නැවුම් මිහිරි බව…මුහුදේ ‘හෝ’ හඬත් එක්ක දැනුණු ඒ නිස්කලංක සුවය ජීවිතයේ කිසිදාක ඔවුන්ට අමතක වෙන එකක් නැහැ! අනිත් events : https://www.facebook.com/groups/400541487237199/permalink/1370249036933101/?mibextid=Nif5oz

මාර්තු 24 උදේ ඉදන් නොහඳුනන පවුල් ගණනාවක මවුපියන් දරුවන් ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා මගින් මගට පවුල් එකතු කර ගනිමින් පැමිණි බස් රථයට ගොඩ වුනේ සතුටු සිනා පොදි බැඳගනිමින්..වාහනවලින් පැමිණි අනිත් අයත් එක්ක අනුරාධපුරයේදී එකතු වුණු අපි හැමෝම 24 සවස වැඩසටහන ආරම්භ කළා… අපූරු නර්තනයකින් අපේකම එක්ක ඇරඹුන වැඩ සටහනේ මගේ හදවතටම දැනුනු විශේෂාංගයක් වුනේ මනෝවිද්‍යා උපදේශනයේ වසර 25ක් ගත වූ ඒ මොහොත මතක් කිරීමයි. ඒ ගැන මතක් කළ හැම දෙනාටම ස්තුතියි.. පසුදා පාන්දර 5.30 වෙද්දි අනුරාධපුර අභයගිරි පූජා භූමියට භාවනා කරන්න යන්න, අත දරුවන් පවා එකතු කර ගනිමින් දෙමව්පියන් මේ තරම් උනන්දු වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ…දරුවන් හරි අපූරුවට තරංගා Tharanga Sanjeewani Edirisingha, හංසි Hansini Wijewardhana ගුරුතුමියන් සහ Chamelie Heshala Epa අක්කා එක්ක Clay Therapy ක්‍රියාකාරකම් වලට එකතු වුණා…දරුවන්ට පේන මානයේ හිටපු දෙමව්පියන් Silent meditation, walking meditation වගේම Dialogue Meditation සැසි වලට සම්බන්ධ වුණේ කිසිදා නොවිඳපු ඇතුළාන්ත අත්දැකීම් අවදි කර ගනිමින්….අභයගිරි පූජා භූමියේ ශක්තිය අපි හැමෝටම කිසිදා අමතක නොවන…

Read more

Kids Meditation, Creative Art Therapy session and Exhibition STEP FORWARD MEGA OUTPRO 8 – “අපේ ආරෙට” අනුරාධපුර Kids Meditation, Creative Art Therapy session and Exhibition STEP FORWARD MEGA OUTPRO 8 – “අපේ ආරෙට” අනුරාධපුර   https://www.facebook.com/groups/400541487237199/permalink/1248534585771214/?mibextid=xfxF2i&rdid=crYu7197yu4c8B0G&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fp%2F8YsNjFbumMps71vC%2F%3Fmibextid%3DxfxF2i

අපි මේ ලෝ තලයට ආවේ අපිට පුළුවන් උපරිමයෙන් යමක් තවකෙකුට දෙන්නයි. ඉගෙන ගත්තු දේ , තේරුම් ගත්ත දේ, අත්විඳපු දේ තවත් අයකුට අවබෝධ කර දෙන්නට හැකිනම්…එයයි ජීවිතයේ ලබන ලොකුම සතුට……   https://www.facebook.com/groups/400541487237199/permalink/1243219422969397/?mibextid=xfxF2i&rdid=OK4BZhd7TWjeqFa7&share_url=https%3A%2F%2Fwww.facebook.com%2Fshare%2Fp%2FMoHmZjGNXUoJYwRw%2F%3Fmibextid%3DxfxF2i

20/54