Category Archives: Events

Balance in life, Step Forward Lanka with INDIA Ethnic Science Foundation අප සෑම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සමබර ජීවිතයක්. අප නිර්මාණය වී ඇති මූලද්‍රව්‍ය සමබර වීමට අවශ්‍ය කායික මානසික තුලිත බව ඇති කර ගන්න ආකාරය පෙන්වාදීමට ඉන්දියාවේ වෛද්‍ය රංගනාත් මහතා සමග අප එක් වෙමු. මව්පියන්ටත් දරුවන්ටත් මෙම වැඩසටහනට සහභාගී විය හැකියි. නිරෝගී බව රැකගැනීමට අවශ්‍ය කුසලතා වර්දනය කෙරෙන ක්‍රියා පිළිවෙලකි.

Step Forward Lanka annual family session ඔබේ දරුවා උගතෙක් වනු දැකීම ඔබේ සිහිනය සේම අධිශ්ටානය බව අපි දනිමු. දරුවා උගත් මෙන්ම සමබර අයෙකු වීමට නම් ඔහුට ලබාදෙන ලමාවියද සුවිශේෂී විය යුතු බව ඔබ දන්නවද? ළමා ලෝකයේ ක්‍රීඩා ඇතුළු විශේෂ අභ්‍යාස මගින් දරුවාගේ සිහිය සහ අවධානය වැඩි කර ගන්නා ආකාරය ඔබට පෙන්වා දීමට මෙම වැඩසටහන සූදානම් කළෙමු. 2019 නිදහස් දා නිවහල් මානසිකත්වයකින් යුත් අනාගත පරපුරක් වෙනුවෙන් ඔබේ දවස නිදහස් කර ගන්න. ඔබේ වටිනාම සම්පත වූ දරුවන් සමග සපුරා පැය කීපයක් ගත කරමින් ඔවුන් තුල මෙන්ම ඔබ තුලද සිදුවන වෙනස අත්දකින්නට ආරාධනා කරමු.

ජීවිතයේ නොසලෙන අඩිතාලම සුන්දර ළමාවිය සහ අධිෂ් ටානයෙන් යුත් යොවුන් වියයි. සමබර මනසකින් යුතුව හැදෙන දරුවන් පමණක් ජීවිතය ජය ගන්න අතර ඔවුන්ගේ විශේෂත්වය නම් ඔවුන් සතුටින් ජීවත් වන වැඩිහිටියන් බවට පත් වීමයි. ඔබේ දරුවට නිවැරදි මග පෙන්වීමක් ළමා වියේ දීම ලබාදීමට හැකි වීම ඔබේ ජයග්‍රහණයයි.

අන් අය තේරුම් ගැනීමට අප බොහෝ සෙයින් වෙහෙසෙමු. සැමියාගේ/බිරිඳගේ /දරුවාගේ /රාජකාරි ස්ථානයේ අයගේ හැසිරීම් තේරුම් ගැනීමට නොහැකිව පීඩා විඳිමු. ඔබ ඔබව අවබෝධ කරගත් තරමට ඔබ වටා පවතින අය සහ ඔබ මුහුණ දෙන සිදුවීම් තේරුම් ගැනීම පහසු වේ. ජීවිතය පුරා අන් සියල්ලන් වෙනුවෙන් පීඩා විඳින ඔබ තමන් වෙනුවෙන් මේ කාලය වෙන් කර ගැනීමට සූදානම්ද? මෙහිදී අන්තර් පුද්ගල වශයෙන් එකිනෙකා තේරුම් ගන්නා ක්‍රම සහ විධි පෙන්වා දෙයි. තමන් තුල සැඟව පවතින සැබැ සතුට සොයා ගැනීමට ඔබ පොළඹවයි. සතුට, විනෝදය, සැහැල්ලුව අත් විඳිමින් තමන් සහ අන් අය හඳුනා ගැනීම, තම වැරදි, අඩුපාඩු හඳුනා ගනිමින් නිවැරදි කර ගැනීමට ඔබ යොමු වනු ඇත.

54/54