Category Archives: Uncategorized

We prepare each of these programs to provide you with the development of children’s intelligence, the comfort, relaxation and humanity that Sri Lankans need to experience with us. When is the day?24th of March We will join Anuradhapura from 2pm till night. The program ends at 2pm on 26th. Two full days of day. How is it done?In a area full of our nature, free from the urban, busy, trapped environment, enjoying the beauty of the village, staying in a hotel with all facilities, drinking delicious food, with music, watching the new year sweets, doing various brain development activities, meditating in a charity land, playing in the mud, and collect lots of experiences.STEP FORWARD Kiddies Club ( age 3 -8 ) , Master Club (age 9-16) and adult programs in the same land separately. How are the expenses?.Total cost for all the above things for an adult is Rs. 10800/= (Rs 4500/=…

Read more

STEP FORWARD Heart 2 Heart- The Social Work Done 10.12.2022 Bookbags and shoes were distributed to 53 children today as one step in the STEP FORWARD program which was mastered for 6-12 years old in a selected village. Parents and Prosperity Officer and Development Officer who attended the four-month program expressed very happy and appreciative comments about the relaxation, happiness, and togetherness that our program brought the children. Due to the stressful education system today, we experience that children’s right brain development is not successful. This program we have prepared for children’s right brain development. For that, we do creative action, fun, mindful meditation practices, art, music, etc.. Kids are having so much fun because of this. A little bit of relaxation. A lot of fun. And we have given them goals for their educational achievements.. Encouraging them to move forward in the best way we can. If any village or a group…

Read more

STEP FORWARD Heart to Heart මේ මාසය පුරාම රු 7500/= ට වැඩි බඩු මලු 100 ක් සහ පාසැල් උපකරණ බෙදා දීමට සූදානම් ! අද එහි දෙවන වැඩසටහන :   අද අගුණකොළපැලැස්ස ගැබිනි මව්වරුන් 20 දෙනෙකු වෙනුවෙන් රු 10,000/= ට ආසන්න බඩු මලු බෙදා දුන් ඒ සුන්දර මොහොත…..   මීට පෙර දිනක කෑගල්ල ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් 20 ක් වෙනුවෙන් මේ අයුරින්ම බඩු මලු ප්‍රධානය කළා… මේ වෙනුවෙන් මුළු ලෝකයේම අය දායක වූ බව කිව්වොත් නිවැරදියි. අපට මේ වෙනුවෙන් ඇමරිකාවේ Metta foundation, ඉන්දියාවේ චාරු මිතුරියත් ආධාර ලබා දුන්නා…ඒ වගේම අපේ රටේ විවිධ පිරිස් මේ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා..   කෑගල්ල වැඩසටහනට STEP FORWARD Heart to heart වෙනුවෙන් උරේශා සහ ගයනි අතිශය වෙහෙස වුනා…අද වැඩසටහනට අපගේ කණ්ඩායමේ සංජීවනී , රජත වගේම වින්ද්‍යා විශාල සහයෝගයක් ලබා දුන්නා. අඩු ආදායම් ලාභී ගැබිනි මව්වරුන් තෝරාගන්නට ඒ අදාළ කාර්‍යාල, රජයේ ආයතන වගේම අදාළ නිළධාරීන් බොහෝ දෙනෙක් විශාල කැප කිරීම් කළ බවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි.  …

Read more

STEP FORWARD MEGA OUTPRO 6 හන්තාන අහස යට, පේරාදෙණිය සරසවි භූමියේදී කියා නිම කළ නොහැකි සොඳුරු අත්දැකීම් සමුදායක් ජීවිතයට එක් කරමින් පුංචි දරුවන් දෙමව්පියන් සතුටු වුණු ඒ දවස…2022 අගෝ 20. STEP FORWARD මහනුවර කණ්ඩායමේ කැපවීම නිසාම ආලෝකවත් වුණු දවසක්… මෙවැනි දේ ජීවිතයට එක් කරන්නට ළමා වියේ සිටම මඟ පෙන්වූ ආදරණීය පියාණන්, වෛද්‍ය ජුපිටර් මුනමලේ මහතා අපේ ප්‍රධාන අමුත්තා කරගත්තේ එතුමන්ට දක්වන ගෞරවය වෙන වෙන කිසිවෙකුටත් ලබාදිය නොහැකි නිසයි. කිසි දිනකත් එකිනෙකා දැක නොතිබුණු Online අපේ කණ්ඩායම එදා එකිනෙකා වැළඳ ගත්තෙ හදපිරි සෙනෙහසින්…සියලු දෙනාටම Welcome Drink හැදුවේ අපේම පොඩිත්තන්…Srithika ගුරුතුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන් සූදානම් කරගෙන ආ ද්‍රව්‍ය එකතු කරගෙන STEP FORWARD Kiddies Kitchen එදා එළිමහනේ දී සැකසුවා. ඒ පානයේ රසවින්දේ ඔවුන් පවුල් අතර බෙදාගෙන.. Erandika ගුරුතුමියගේ අපූරු හඬින් STEP FORWARD Master Club දරුවන්ගේ සහයෝගයෙන් වැඩ සටහන තවත් කල එලිවුනා… සංගීතය රස විඳිමින් (Music therapy ) භාවනාවෙන් සිත එක්තැන් කර ගත් දරුවන් වැඩිහිටියන් සියලුදෙනාම අහස පුරා චිත්‍ර ඇන්දා ( Art Therapy Activities )…..ඉන්දියාවෙන්ම අප වෙත ලබාදුන් හෝලි වර්ණවලින් දරුවන්…

Read more

STEP FORWARD MEGA OutPro 6 at Peradeniya University ආයුබෝවන් 🙏🙏 දෙමව්පියන්ට දරුවන්ට, අපි කවුරුත් මේ ගත කරන්නේ ජීවිතයේ සුන්දරම අවස්ථා අහිමි වී තියෙන කාලයක්. ඔබට මේ තියන මානසික ආතතියෙන් මිදෙන්නත්, දරුවන්ට අත්දැකීම් ලබමින් සතුටු වෙන්නත් එක්ක අපි හිතුවා STEP FORWARD MEGA OurPro 6 වැඩසටහන මෙවර මහනුවරදී සංවිධානය කරන්න. මීට කලින් කුරුණෑගල, මීගමුව, රත්නපුර( 2020), ගාල්ල (2019, 2022 පෙබරවාරි) ප්‍රදේශවල දී අපේ Mega OutPro වැඩසටහන් ඉතාම සාර්ථකව පැවැත්තුවා. දරුවන් වගේම දෙමව්පියන් වඩාත් සාර්ථක අය බවට පත් කරන, අපි කවුද කියලා වැඩිදුර දැනගන්න, අපේ වැඩසටහන් වල ඡායාරූප දැකගන්න www.stepforwardlanka.com බලන්න. ඔයාල ඕනතරම් Trip ගිහින් ඇති….යාලුවො එක්ක විනෝද වෙලා ඇති. ඒත් අපේ මේ එකතු වීමේ වෙනසක් තියෙනවා..අඳුරන්නේම නැති අය, එකම කම්පනයකින් ගැහෙන හදවත් තියෙන අය, හමුවීම වෙනමම ආශ්චර්යයක්…! අපේ මේ කණ්ඩායමේ බොහෝ අය අදටත් එකිනෙකා දැකලා නැහැ… අගෝස්තු මාසයේ 20 සෙනසුරාදා ශ්‍රී ලාංකීය හදවත් තියන දරුවන්, වැඩිහිටියන් කණ්ඩායමක් එක්ක හන්තාන අහස යට, පේරාදෙණි විශ්ව විද්‍යාල භූමියේදී ජීවිතයට නොමැකෙන මතකයන් එක් කරගනිමින් සතුටු වෙන්න ඔබත් එන්න. 🌹දේදුණු…

Read more

STEP FORWARD Heart to Heart පාසල් උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතියක් සීදූව ශාන්ත මරියා කනිටු විද්‍යාලයේ දී පසුගිය දා සිදු කළා.. අපි බලාපොරොත්තු වුණේ ප්‍රාථමික ශ්‍රේණිවල සියලුම දරුවන් සතුටු කරමින් ඒ අයට STEP FORWARD වැඩසටහනක් ද කරමින් සතුට, විනෝදය සමග බුද්ධි වර්ධනයට අවශ්‍ය දැනුමත් ලබාදී එන්නටයි. ඒත් රටේ පවතින වාතාවරණය නිසා ඒ කිසිවක් කර ගැනීමට නොහැකි වුණා.. අපේ රටේ වගේම විදේශීය රටවල් වල සිටින ශ්‍රී ලාංකීය මිතුරු මිතුරියන්ගෙන් ලැබුණු උදව්,  කටුවාපිටිය බෝම්බයෙන් මියගිය (එවිට අවුරුදු අටක් වයසැති ) තම දියණිය වෙනුවෙන් සංජීවනී මහත්මිය ලබාදුන් පරිත්‍යාගය, H2H Magic Box මිලදී ගනිමින් දෙමව්පියන් ලබාදුන් සහයෝගයෙන්එකතු වූ රු එක් ලක්ෂ තිස්දාහක පමණ මුදලින් පාසල් උපකරණ තොගයක් මේ ආකාරයෙන් ලබා දීමට අපට හැකි වුණා…දරුවන්ගේ නව පාසල් වාරය පටන් ගැනීමේදීම මෙය කළ හැකිවීම අප ලැබූ භාග්‍යයක්…! ගමනාගමන අපහසුව නිසා අපි බොහෝ දෙනෙකුට ඊට සම්බන්ධ වීමට නොහැකි වුණත් අපේ සාමාජිකා ශ්‍රීමාලි මිතුරිය, දරුවන්ට අවශ්‍ය බඩු රැගෙන ගොස් ඒ අය අතටම ලබා දුන්නා… පාසලේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය දේ…

Read more

STEP FORWARD SHADOW SOULS: වැඩිහිටියන්ගේ ONLINE පාඨමාලාව ගැන නොමිලයේ කෙරෙන වැඩසටහන   වැඩිහිටියන්ගේ Online පාඨමාලාව ගැන නොමිලයේ කෙරෙන වැඩසටහන ජූනි 19 ඉරිදා උදේ 10-11. Link අවශ්‍ය අය Srithika ට දැනුම් දෙන්න. WhatsApp කරන්න. www.stepforwardlanka.com මේ දිනවල අපි හැමෝම ඉන්නේ මේ රටේ තියෙන දහසකුත් එකක් ප්‍රශ්න විසඳා ගන්න බැරුව විශාල පීඩනයකින් බව අපි දන්නවා…එහෙත් ඒ සියල්ල මැද මානසිකව ශක්තිමත්ව අපි ඉදිරියට යා යුතුයි. හැම කෙනෙක්ම කෑම කල්තබා කල් තබා ගැනීම ගැන, අරපිරිමැස්ම ගැන බෙහෙවින් උනන්දු වෙනවා, එය ඉතා හොඳයි..! නමුත් අමතක කරන්න එපා ඔබේ ජීවිතය ගැන, ඔබේ මනස ගැන, ඔබේ ආත්මීය වටිනාකම ගැන…අමතක කරන්න එපා ඔබ මේ මිහිතලයේ ගනුදෙනුවක් සඳහා පැමිණි ආධ්‍යාත්මික ජීවියෙක් බව..සැබෑ සැනසීම, නිවීම තියෙන්නේ ඔබ ඔබව හඳුනාගත් තැනයි. ඔබ දන්නවද මේ පාඨමාලාවට කලින් සහභාගි වූ අපේ සාමාජිකයින් මේ සියලු ප්‍රශ්න හමුවේ ඉතාමත්ම සතුටින් සැහැල්ලුවෙන් ඉදිරියට යන බව? ඒ අය හිතින් ශක්තිමත්..දැඩි අධිෂ්ඨානයකින් ඉදිරියට යන්න ලොකු පෙළඹීමක් තියෙනවා…එහෙම වෙන්න හේතුව තමන් තමන්ගෙ ශක්තිය හොඳින් හඳුනාගෙන තියෙන එක… 🌼තරහ යන…

Read more

තවත් අපූරු අත්දැකීම් රැසක් එක්ක ඊයෙ අපේ වැඩසටහන් ප්‍රදේශ හතක සිදුවුණා…. දරුවන්ට ලබා දීපු හැම ක්‍රියාකාරකමක්ම මනෝවිද්‍යාත්මක පදනමක් ඇතුවයි අපි සිදු කළේ..සිහිය පිහිටුවා ගැනීම, අනිත් කෙනාට සවන්දීම, සහයෝගී බව වර්ධනය කර ගැනීම, ක්ෂණික තීරණ ගැනීම, බුද්ධිමත්ව ක්‍රියා කිරීම වැනි බොහෝ දේට ඔවුන් මැනවින් හුරු වුණා. ඇති තරම් සතුටු වුණා… මීළඟ සති දෙක පුරාම ඔවුන් කතා කරන්නේ මේ ගැන බව අපිට හොඳටම විශ්වාසයි….මීළඟ වැඩසටහන පැවැත්වෙන්නේ මාර්තු 26 වෙනිදා….දරුවන්ටත් දෙමව්පියන්ටත් සතිපතාම වැඩසටහන කරන්න ඕනෑ වෙලා… ඒත් අපිට හරිම දුෂ්කරයි ඒ වෙනුවෙන් සියලු දේ සූදානම් කර ගැනීම… කොළඹ පැවති වැඩසටහනට මා සහභාගි වුණු නිසා දෙමව්පිය හමුවක් පැවැත්තුවා…එහිදී දෙමව්පියන්ට ලබාදුන් අභ්‍යාසය හරහා ඔවුන් තමාගේ ළමා කාලයට ගියා…ඒ ළමා කාලයේ සතුට රසවින්දනය අතර ගිලී ගිය දෙමව්පියන් අවසානයේ අවබෝධ කර ගත්තේ හරි අපූරු සංකල්පයක්. සැබෑ සතුට තියෙන්නෙ සොබාදහමත් එක්ක දුවපැන නටපු අතීතයේ…. යහළුවන් මිතුරන් එක්ක සෙල්ලම් කරපු කාලයේ මිස අමතර පන්තියකවත්, පාසලේ ගුරුවරුන් උගන්වපු විෂයකවත් නොවන බවයි..එහෙමනම් අද කාලයේ දරුවන් සතුට විඳින්නේ කොතැනකදීද ? ඔවුන් අනාගතයේදී ආසාවෙන්…

Read more

STEP FORWARD තවත් පියවරකින් ඉදිරියට ගිය අපූරුව බලන්න ඔයාලටත් මෙන්න අවස්ථාව… දරුවන්ගෙ සතුට උතුරා යන අයුරින් මේ තැන් ලස්සන කරලා, දරුවන්ට ඔටුනු පළඳලා, එයාලව පුංචි සමනලුන් බවට පත් කරලා…. මේ කටයුත්ත වෙනුවෙන් ඇප කැප වුණු ගුරුවරියන් ඇතුළු අපේ කණ්ඩායමට බෙහෙවින් ස්තුතියි…. දරුවන්ගෙ සතුට එයාලගේ මුහුණු වලින්ම ඔයාලට පේනවා ඇති දෙමව්පියන් අද වැඩසටහන බලාගෙන ඉඳලා බොහෝ දේවල් තමන්ගේ දරුවා ගැන තේරුම් අරගෙන තිබුණා..සමහර දරුවන් කොයිතරම් දක්ෂ වුණත් එයාල කණ්ඩායමක් ඇසුරේදී හැසිරෙන හැටි හරිම වෙනස්…මේක තමයි එයාල කවදහරි රැකියාවක් කරන කොටත් පෙන්වන වෙනස.. කොයිතරම් ඉගෙනගත්තත්, උපාධි සහතික තිබුණත්, එයාලා කණ්ඩායම් වැඩක් කරන්න දන්නේ නැත්නම් එතැන ලොකු ප්‍රශ්න මතුවෙනවා….මේ අඩුපාඩු සියල්ල නිවැරදි නිවැරැදි කර ගන්නට අපේ මේ මග පෙන්වීම බෙහෙවින් උපකාර වෙනවා….. මේ ඡායාරූප වලින් ඔබට පෙනෙන්නේ ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර, අනුරාධපුරය, කොළඹ, ගම්පහ යන ප්‍රදේශවල දරුවන් ගුරුවරුන් සමග අපේ කණ්ඩායම අද කළ ක්‍රියාකාරකම්…… මීට වඩා බොහෝ දරුවන් මීළඟ වැඩ සටහනේ දී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 12 නැවතත් එළිමහන් වැඩසටහන් පැවැත්වෙනවා… ඔබ දරුවන් එක්ක එකතු වෙන්න කැමතිනම්…

Read more

STEP FORWARD 7 වන සංවත්සරයේ මතකයන් පෙබ 5 ගාල්ලේ පැවති STEP FORWARD LANKA අපේ 7 වන සංවත්සරයදා සුන්දර මතකයන්… ගාල්ලේ Leasure Land හිදී……..දෙමව්පියන් දරුවන් 75ක් පමණ……..අතිශය සුන්දර අත්දැකීම් රැසක් විදිමින්….. ඔබේ දරුවන් එකතු කරන්න. නොපමාව අප අමතන්න. උදාරි 072 5749844 View Album

20/26