තමන් සොයා යන ගමන SHADOW SOULS
තමන් සොයා යන ගමන SHADOW SOULS… ” මීට මාස 4කට කලින් කන්නාඩියක් ඉස්සරහ හිටගෙන ඉන්නකොට මම දැක්කෙ තමන්ගෙ හැගීම් හරි විදිහට හසුරුවා ගන්න බැරි, මගේ වටේ තිබුන කිසිම දෙයක් තුලින් සතුට හොයාගත්තෙ නැති හරිම අසාර්ථක පුද්ගලයෙක්.මගේ අධික කෝපය නිසා මට ගොඩක් දේවල් අහිමි වෙන බව ඒ වෙනකොට මම තේරුම් අරන් හිටියත් මේකට හරි විසදුමක් හොයාගන්න ක්‍රමයක් මට තිබුනේ නැහැ. මගේ හැම වචනයක්ම,හැම ක්‍රියාවක්ම ආදර්ශයට ගන්න මගේ දුව වෙනුවෙන් මගේ වෙනස්වීම හැර වෙන විකල්පයක් නැති වෙද්දි තමයි මම Shadow Souls වැඩසටහනට සම්බන්ධ වුනේ. නමුත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මට අභියෝග කිහිපයක් තිබුනා. මගේ පදිංචිය කැනඩාවෙ. Time difference එකත් එක්ක වැඩසටහනට සහභාගි වෙන්න පුලුවන් විදිහට චන්දිමා මුනමලේ මහත්මිය මට අවස්ථාව හදලා දෙන්න කාරුණික වුන නිසා ඒක ලොකු අභියෝගයක් වුනේ පලවෙනි දවසෙ විතරයි. එදා activity එකෙන් පස්සෙ මම අත්දැකපු සැහැල්ලුව සහ සතුට ඉදිරි වැඩසටහන් වලට නිරායාසයෙන්ම මාව යොමු කලා. ඊලගට ද්‍රවිඩ, කතෝලිකයෙක් විදිහට බෞද්ධ දර්ශනය එක්ක කරන වැඩසටහනක් මාව තවත් ආතතියට පත් කරයිද කියන බයත්…
Stepforward එළිමහන් වැඩසටහන්
STEP FORWARD LANKA එළිමහන් වැඩසටහන් ඔන්න අපි ආයෙත් එළිමහන් වැඩසටහන් ආරම්භ කිරීමට සූදානම්! 😃🌷🙋❤️😃🌷👍🙋 සියලුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ආරක්ෂිතව වැඩසටහන කරන්නට අපි සූදානම්. දරුවාගේ දියුණුව අපේක්ෂා කරන ඔබට දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම තෑග්ග තමයි STEP FORWARD වැඩසටහන් වලට සම්බන්ධ කිරීම…. 🌷සිත එකඟ කර ගන්න 🌷භාවනා කරන්න 🌷යෝග කරන්න 🌷කෑම හදන්න 🌷නිර්මාණ කරන්න 🌷කණ්ඩායම් ක්‍රීඩා කරන්න 🌷පරිසර ක්‍රියාකාරකම්වල යෙදෙන්න 🌷විද්‍යාත්මක පරීක්ෂණ කරන්න 🌷බුද්ධිය දැනුම දියුණු කරගන්න 🌷ගුණයහපත්කම් ඉගෙනගන්න 🌷හොඳම මිතුරු කණ්ඩායමක් හමු වෙන්න දරුවාට ලැබෙන හොඳම අවස්ථාවයි මේ….. ඒ වගේම මේ හරහා….. 🙋තමන්ගෙ දවසින් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුළුවන් විදිහට, දින චර්යාව කාලසටහනකට අනුව හැඩගස්වා ගන්න, 🙋S 5 සංකල්ප වලින් පෝෂණය වන්නට, 🙋ස්වාධීනව වැඩ කරගන්නට, 🙋තමන්ගේ ඉලක්ක, අරමුණු කරා ජීවිතය මෙහෙයවන්නට දරුවා ඉගෙන ගන්නවා කලින් කළ කල වැඩසටහන් දැකගන්නත්, වැඩිදුර තොරතුරු බලන්නත් අපේ වෙබ් අඩවියට පිවිසෙන්න www.stepforwardlanka.com අපි දරුවන්ට මේ හැමදේම කියා කියාදෙන්නේ වෙනස්ම ක්‍රමයකට..පාසල් අධ්‍යාපනයෙන් හෙම්බත් වෙලා ඉන්න දරුවන්ට නිදහසේ සිතන්නට අපි ඉඩ දෙනවා..ඔවුන්ගේ නිර්මාණාත්මක බුද්ධිය වගේම චිත්තවේගී බුද්ධිය වර්ධනය…
දැයේ දරුවන් නායකත්වය කරා රැගෙන යන සුන්දර තෝතැන්න
STEP FORWARD LANKA දැයේ දරුවන් නායකත්වය කරා රැගෙන යන සුන්දර තෝතැන්න…. 2023 සෑම මසකම මුලදී දරුවන් බදවා ගැනේ…. පොත පතින් අධ්‍යාපනයෙන් පමණක් මනා පෞරුෂත්වයකින් හෙබි නායකයින් බිහි නොවෙයි. ඒ සඳහා නිවැරදි මග මඟ පෙන්වීමක්, මනා මෙහෙයවීමක් අවශ්‍ය වෙයි. ඔබට අවශ්‍ය පොතේ දැනුම පමණක් ලැබූ උගතෙක් ද, නිර්මාණශීලී සැබෑ බුද්ධිමතෙක්ද කියා දෙමාපියන් වශයෙන් ඔබ තීරණය කළ යුතු වෙයි. අද පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවන උගතුන් කරුණාව, දයාව, මනුෂ්‍යත්වය හදුනන සැබෑ බුද්ධිමතුන් ද යන ගැටලුව පවතියි. දරුවන්ට දරා ගත නොහැකි විෂය නිර්දේශය නිසා ඔවුන් මහත් සේ පීඩනයට පත්ව සිටින බව වසර 25ක මනෝවිද්‍යා උපදේශන කටයුතු නිසා අප දනිමු. අද ලෝකයට අවශ්‍ය නිර්මාණශීලී බුද්ධිය( Creative thinking ), චිත්තවේගී බුද්ධිය ( Emotional Intelligence ) වර්ධනය කරන අපගේ STEP FORWARD ක්‍රියාකාරකම් නිසා දරුවන් සතුටින් ඉගෙන ගන්නා අය බවට පත්වෙයි. අපේ අරමුණ දරුවාගේ කුසලතා හඳුනා ගනිමින්, ඔහු/ ඇය සාර්ථකත්වය සොයා යායුතු මාර්ගය පෙන්වා දී, එහි උපරිමය දක්වා දරුවා මෙහෙයවීමයි. මේ සඳහා කෙරෙන සිත එකඟ කර ගැනීමේ අභ්‍යාස…
STEP FORWARD එක්ක එකතු වුණු නත්තල් සීයලා
STEP FORWARD නත්තල් සීයලා සාමයේ කුමරු ඉපදුනු නත්තල කියන්නේ අපිට හරිම වැදගත් උත්සවයක්…අපේ පුංචි දරුවෝ වැඩිපුරම කැමති නත්තල් සීයා එන එකට..මේ සැරේ STEP FORWARD එකට නත්තල් සීයලා ගොඩක් සහභාගි වුණා…මේ බලන්න අපේ පුංචි සිඟිත්තෝ නිර්මාණය කරපු නත්තල් සීයලා…එයාලගේ ගෙවල් වල තිබුණු නත්තල් ගහ සරසන්නත් මේ අපූරු නිර්මාණ උදව් වුණා… අද රෑට දරුවන් සියලුම දෙනා, ගුරුවරුන්, දෙමව්පියන් කැරොල් කියන්න එකතු වෙනවා…එයාලා දැන් ඒ වෙනුවෙන් ගී ගයමින් පුහුණු වෙනවා… STEP FORWARD අපි සියලුම ආගම් වලට ගරු කරනවා.. අපේ දරුවන් අතර සහයෝගය, සමගිය වර්ධනය කරගන්න මේ අවස්ථා උපයෝගී කරගන්නවා…පුංචි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට මේ ලැබෙන ආකල්ප, සංකල්ප අනුව තමයි එයාලා ඉදිරියේදී වැඩිහිටියන් වෙලා සියලුම ආගම් වල අය එක්ක එකතුවෙලා කටයුතු කරන්න පෙළඹෙන්නේ…. අපේ පොඩිත්තන්ට ඔබේ අගය කිරීම් හරිම වටිනවා…ඇත්තටම එයාලගේ වැඩ ලස්සනයි නේද? චාන්දිමා මුනමලේ ඈපා වෘත්තිය මනෝවිද්‍යා උපදේශිකා නිර්මාතෘ STEP FORWARD LANKA 0715750525 Read the full post
STEP FORWARD LANKA Free Online Camp
STEP FORWARD free online Camp Previous Next පසුගියදා පැවැති STEP FORWARD free online Camp එකට දරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වුණා…එදා ඔවුන් හමුවන්නට ආවේ රතු ඉන්දියානු ගෝත්‍රික පිරිසක්… රතු ඉන්දියානුවන් ගැන බොහෝ තොරතුරු ඉගෙන ගන්නට දරුවන්ට එමගින් හැකි වුණා..අපේ කණ්ඩායමේ ගුරුවරු රතු ඉන්දියානු කාන්තාවන් විදිහට සැරසිලා හිටියා..අපේ වැඩිහිටි කණ්ඩායමේ දරුවන් මේ කුඩා දරුවන් වෙනුවෙන් presentations කළා… ඒ වගේම අපේ කණ්ඩායමත් එක්ක එදා එකතු වුණු දරුවන්ගේ දෙමව්පියන් ඒ දරුවන්ව ඉතාමත්ම ලස්සනට රතු ඉන්දියානු දරුවන් විදිහට ඇඳුම් අන්දවා බොහෝ සැරසිලි කොට සූදානම් කර තිබුණා…..ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම දරුවන් සියලුම දෙනා එදා රතු ඉන්දියානු ගෝත්‍රිකයින් මෙන් ගිනි මැලයක් වටේ නටමින් සතුටු වුණා..ඔවුන්ටම ගැලපෙන වෙස්මුහුණක් හැදුවා…. ඒ වගේම පරිසර හිතකාමී රසවත් ආහාර වේලක් පිළියෙල කළා… ඒ වගේම දරුවන් ඉගෙන ගත්තා රතු ඉන්දියානු ගෝත්‍රික සියැටෙල්ගේ කියමන්….. ඒ වගේම ඔහු මෙන් පරිසරයට ආදරය කරන්නට දරුවන් පොරොන්දු වුණා…පරිසරය සම්බන්ධයෙන්ම නිමැවුණු භාවනාවක නියැළෙන්න ට එදා ඔවුන්ට හැකි වුණා…. පුංචි පැළයක් ගහක් වෙන්නේ කොහොමද කියලා ඔවුන් ඉගෙන ගත්තා….ඒ ගැන…




