Category Archives: Uncategorized

චිත්තවේගී බුද්ධිය ඔබට ඔබේ චිත්තවේග හසුරුවා ගන්න බැරි, ක්ෂණිකව කෝපවන, අඬන, හැඟීම්බර වෙලා හැසිරෙන, ජීවිතය එපා කියන මට්ටමට යන අයෙක් නම්…….මේ මාතෘකාව ඔබ වෙනුවෙන් ! SF Daily Promise https://whatsapp.com/channel/0029VbBGyeZ7oQhb1oQu2T1M ඔබ දෙමව්පියෙක් නම්… Children learn emotional regulation by watching you. When you respond calmly to stress, they learn that emotions can be felt — not feared. දරුවන් ඔබ දෙස බලමින් චිත්තවේග හසුරුවා ගැනීමට ඉගෙන ගනී. ඔබ ආතතියට සන්සුන්ව ප්‍රතිචාර දක්වන විට, හැඟීම් කියන්නෙ දැනෙන දෙයක් මිස බය වෙන්න අවශ්‍ය දෙයක් නොවන බව ඉගෙන ගනී. www.stepforwardlanka.com

ඔබේ හැඟීම් ඔබේ සතුරන් නොවෙයි. ඒවා ඔබට යමක් පැවසීමට උත්සාහ කරන බලවත් සංඥා වේ. ජීවිතය ගැටලුවක් ඔබ වෙත විසි කරන විට ඔබ එම හැඟීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරය තුළ ඔබ කවුද, කොහොම කෙනෙක්ද කියන එක පැහැදිලි වෙනවා. කලකිරීමෙන් හෝ කෝපයෙන් ප්‍රතිචාර දැක්වීමට යාමෙන් ඔබව හිරවෙයි. ✳️ නමුත් විරාමයක් තබා (PAUSE), ✳️තේරුම් ගැනීමට සහ ඔබේ ප්‍රතිචාරය තෝරා ගැනීමට ඉගෙන ගැනීම,(CHOICE) හරහා ඔබට වඩා සාර්ථක අයෙක් වෙන්න පුළුවන්. ✳️ මෙන්න මේක තමයි ඔබ පුහුණු විය යුතු තැන…..තෝරාගැනීම! PAUSE CHOICE ප්‍රතික්‍රියාශීලී පුරුදු වලින් මිදීමට සහ ඔබට වීමට අවශ්‍ය සන්සුන්, විශ්වාසවන්ත අයෙකු වීමට, සාර්ථක දෙමාපියෙකු වීමට යතුර නම් චිත්තවේගීය බුද්ධියයි( Emotional Intelligence ). ඔබේම හැඟීම් අවබෝධයෙන් මෙහෙයවීමයි. එයින් අදහස් කරන්නේ ඔබ හරිම සිසිල්, සන්සුන්, එකග පුද්ගලයෙකු විදියට ඉන්න, කිසි විටෙකත් කලබල නොවන අයෙක් කියලද? නැහැ. එහෙම වුණොත් ඔබ රොබෝවෙක් වෙනවා. ටිකෙන් ටික සාර්ථක වෙමු. පියවරෙන් පියවර ඉදිරියට යමු. STEP FORWARD! චාන්දිමා මුනමලේ ඈපා www.stepforwardlanka.com

සතුටේ රහස ඔබත් සතුටින් ජීවත් වෙන්න කැමතිද? ඔව්! ඒත් ඔබේ සතුට නැති කරන්නේ කවුද ? එක්කෝ අතීතය, නැත්නම් අනාගතය ! මෙලොව මේ තාක්කල් සතුටින් ජීවත් වුණු, සිත දියුණු කරගත් හැම අයෙක්ම ජීවත් වුණේ මේ මොහොත තුළට එළඹෙමින්. සිත පුහුණු කරන්න පුළුවන්. ඇත්තටම ඔබට සතුට අවශ්‍ය නම්. ඔබ දන්නවද නවතින්න ? ඔව්! ඔබ කියයි. ඒත් ඒ ඔබේ කයනේ නවතින්නේ. මේ නවත්වන්නෙ ඔබේ සිත. බුදු රජාණන්වහසේ “මම නැවතිලා. ඔබත් නවතින්න” කියලා අංගුලිමාලට කිව්වේ මේ නිසා වෙන්න ඕනේ. මොන වැඩක යෙදුනත් ඔබටත් හොරෙන් හතර වටේ රවුම් ගහන්න යන සිත නවත්වාගන්න තමයි PAUSE කරන්නෙ. මේ මොහොතට එන්න. මේ මෙතනට! උදාහරණයක් විදිහට හිතන්න ඔබ මේ වෙලාවේ ඉන්නෙ කුස්සියේ උයන්න සූදානම් වෙමින් කැරට් කපන ගමන් කියලා…ඔබ හරි අගේට අත කපාගන්නෙත් නැතුව කැරට් කපනවා. ඒත් ඔබේ හිත කොහෙද බලන්න. එක්කෝ තාමත් අර උදේ ඇතිවුණු ප්‍රශ්නය මතක් කරමින් සැමියාට හිතින් බනිනවා. නැත්නම් කා එක්ක හෝ කොහේ හරි පැටලිලා. එක් ක්ෂණයකින් සිත ගන්න මේ මෙතනට. බලන්න ඔබ තවමත් කැරට්…

Read more

STEP FORWARD LANKA පරිවර්තනයේ සරසවිය ජීවිතයේ සමහර අවස්ථාවලදී නොපැකිළව අඳ – ගොළු – බිහිරි බවට පත් වෙන්න ඔබටත් පුළුවන් නම්….ඔබ දිනුම්! මව්පියන් එක්ක ගෙදර ඉන්න තාක් කල් සතුටින්, සැහැල්ලුවෙන්, පොතපතේ වැඩ විතරක් කරගෙන, ගෙදර වැඩි වැඩක් නොකර හිටපු දරුවො පතිකුලයට පිවිසීමත් එක්ක වගකීම් බහුල අය බවට පත් වෙනවා…. රැකියාවක් කරන්න, නිවෙසේ කටයුතු කරන්න, පිරිසිදු කිරීම් කරන්න, දරුවන් රැකබලා ගන්න, සමාජ වගකීම් දරන්න…..සියලු යුතුකම් වගකීම් ඒ අය මත පැටවෙනවා….. ඒ සේරම අතරේ තමන්ගේ බිරිඳ /සැමියා තේරුම් ගන්න, අලුත් ඥාතීන් එක්ක ගණුදෙනු කරන්න ගියාම තමයි ඉගෙන ගත්තු සේරම දැනුම මදි කියලා තේරෙන්නෙ ! දන්න හොඳම විදියට කොයි දේ කලත් සැමියාගෙන්/බිරිඳගෙන් වැඩි හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ! බොහෝ විට ඔහුගේ/ඇයගේ ඥාතීන්ගෙන් අහන්න තියෙන්නෙත් වැරදි අඩුපාඩුම තමයි. රැකියා පීඩනය අධිකයි. මේ වගේ ප්‍රශ්න වලදී කෝපයට පත්වුණු, අඬදබර පටලවා ගන්නා, ඉවසීම අවසන් වුනු තරුණ යුවතිපතීන් සමහරවිට දික්කසාදය දක්වා යනවා. තවත් අය විශාදය Depression හදාගෙන මනෝ ප්‍රතිකාර වලට යොමු වෙනවා. වසර 27 ක් උපදේශනය සඳහා ආව…

Read more

STEP FORWARD Daily Promise ඔබ කටයුතු කරන්නේ ඔබට පුළුවන් තරම් හොඳින් වුවත් ඔබ වටා සිටින අයගෙන් ඔබට සිත් රිදවීම් ඇතිවෙනවා…ඒ ඔබේ පවුලේම අය, රාජකාරි ස්ථානයේ අය, මිතුරන්, පෙම්වතා/ පෙම්වතිය අසල්වැසියන්, ඥාතීන් නිසා වෙන්න පුළුවන්….. කොයිතරම් හොඳ කලත් මේ අය ඔබේ හිත රිදවන්නේ ඇයි ? මේ හැමදාමත් අපි හැමෝටම පවතින ප්‍රශ්නයක්… මේ ගැන වඩා හොඳින් තේරුම් ගන්නට පුංචි අභ්‍යාසයක් කරලා බලන්න. ගත සිත නිහඬ කරගෙන, පහසුවෙන් වාඩි වී, ඔබ ඉදිරියේ ඔහු / ඇය ව මවාගන්න. ටික වෙලාවකට ඔබ ඒ කෙනා බවට පත්වෙලා බලන්න. ඔහුගේ/ඇයගේ සිතුවිලි රටාව, පවතින ප්‍රශ්න, සිත් පීඩා, මානසික ආතතිය.. මේ සියල්ල ඔහුට / ඇයට පිට කර ගන්නට තැනක් නෑ…ඔහුට/ ඇයට පවතින්නේ ප්‍රකෝපකාරී හැසිරීම් රටාවක්…අන් අයගේ සිත රිදෙන වචන සමුදායක්…සමහර විට ඔහුට / ඇයට තමන්ගේ කෙලෙස් සිත පාලනය කරගන්න බැරුව ඇති. වරදක් කරන්න පෙළඹිලා ඇති. තමන්ට තමන්ව පාලනය කරගත නොහැකි සිතුවිලි රටාවක් නිසා දුක් විඳිනවා ඇති…..ඒ සියල්ලේ ප්‍රතිඵලයක් තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් පිටවෙන්නේ…..අහල පහල ඉන්න ඔබ තමයි ඒ සියල්ලේ…

Read more

STEP FORWARD Daily Promise අද අපි බලමු අපට ඉන්න, අපිව ගැඹුරින්ම දන්න, හොඳම කෙනා හොයාගන්න. මේ තත්පර කීපයක වැඩක්. දිනපතා වරින්වර පුහුණු වෙන්න. 🐬ඔබේ ඇස් වසා ගන්න, හුස්මක් ගන්න, ඔබ කරන ඕනෑම දෙයක්( යන්ත්‍ර ආශ්‍රිත වැඩ, රිය පැදවීම් වැනි දේ හැර) තත්පර දහයක් නවත්වා නිහඬතාවය සොයා ගන්න. නිහඬතාවයට පිවිසෙන්න…. 🐬මේ හිත හැම වෙලාවෙම කොහෙදෝ දුවනවා. මොනවදෝ කියවනවා…ඇහුනද ඔබට? ඉතිං ඔය කියවන සේරම ඇත්තද? හොඳට සිහියෙන් බලන්න. අහන්න. දෙගිඩියාවක් දැනෙනවා නම් පොඩ්ඩක් තව පැති වලින් බලන්න. නිහඬතාවය තියෙන්නෙ ඔය යන දෙබසට යටින්. 🐬ඔබ කොහේ සිටියත්, කොහේ ගියත්, ඔබට සමීපව “ඔබේම ඇතුලාන්තය” ඔබ සමඟ හැමවිටම ඉන්න හොඳම මිතුරා බව ඔබ දන්නවද? 🐬ඔබ ඔබේම සිතුවිලිවල ගොදුරක් බවට පත්වෙලාද? ඔබව වට කරන් විටින්විට අරක හරි, මෙහෙමයි වෙන්න ඇත්තේ, මේක හරි….ඔබේම හිත ඔය වගේ බොහෝ දේවල් කියවද්දි ඔබට දරාගන්න අමාරු බව ඇත්ත! 🐬පොඩ්ඩක් දුරස් වෙන්න. වෙන කෙනෙක් වගේ ඈතින් ඉඳන් ඔබේ හිත දිහා බලන්න. මඩ වලක් වගේ කැලතිලා කියලා දැනෙනවා නම් ටිකක් තැන්පත් වෙන්න ඉඩ…

Read more

STEP FORWARD LANKA Daily Promise 🔥දේවල් වෙනවා….විවිධාකාර විදියට…බලාපොරොත්තු වුණු දේවලුත් වෙනවා…කිසි ලෙසකින් බලාපොරොත්තු නොවුණු දේවලුත් වෙනවා….ඔය එකක්වත් වෙනස් කරන්න ඔබට පුළුවන් ද? ඔබට ඕනෑම කළ විදියට ලෝකය පවතිනවද? දෙයක් වුණා කියලා එතන නැවතුණු අය ඉන්නවද? ☺සමහර විට ඉන්නවා…මානසිකව වෙනස් වෙලා…එහෙම වෙලා තමන්ටත්, තමන් වටේ ඉන්න අයටත් පීඩාවක් වෙන්න සිදුවෙලා..එහෙම වෙන්නෙ ජීවිතය, යථාර්ථය අවබෝධ කරගන්න බැරි වුණු වෙලාවට, උදව් කරන්න අය නැති වුනොත්, සිත සුවපත් කරන ක්‍රම නොදන්නා අයෙක් වුනොත් තමයි. ඒ අයට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. 💥දෙයක් වුනා කියලා හැමෝටම මානසික වෙනසක් වෙන්නෙ නෑ. අඬලා, දුක් වෙලා ආයේ ටික ටික අවබෝධයන් එකතු කරගන්නවා. මිනිසා කියන්නෙ අතිශය විශාල දරාගැනීමේ ශක්තියක් හිමි කෙනෙක්. පුංචි කාලේ ඉඳලා විනෝදාංශ හුරු කරන්නෙ, දහමට නැඹුරු කරන්නෙ, අධ්‍යාපනය ලබා දෙන්නෙ, යාළුවෝ ඇසුරු කරන්නෙ, පවුලක සාමාජිකයෙක් වෙන්නෙ මෙහෙම වැටෙන වෙලාවට ඒ සියල්ල හයියක් වෙන නිසයි. පවුලේ හයිය නැති කෙනෙකුට විනෝදාංශ හයියක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට තමන්ගේ දක්ෂතාවන්ට යොමුවීම සවියක්. ඔබට ගැලපෙන, ඔබ තුළ සහ ඔබ වටා පවතින ආම්පන්න…

Read more

” ජීවිතය ජීවත් කරන්න අපි උපයන දේ අවශ්‍යයි.ඒත් අපිට ජීවිතය ලැබෙන්නේ අපි දෙන දෙයින්..” ගමක දරුවන් එකසිය ගණනක් වෙනුවෙන් නොමිලයේ මේ කරන වැඩසටහන නිසා අපි ලබන සතුට වෙනත් කිසිම තැනකදි අපට ලැබෙන්නේ නැති තරම්….. නිවාඩු දවසේ තමන්ගේ සියලු වැඩ පසෙකලා මේ උදාර කටයුත්තට අද සම්බන්ධ වුණු අපේ කණ්ඩායමේ ඉනෝකා ගුරුතුමියටත් නිමාෂා ගුරුතුමියටත් බෙහෙවින් ස්තුතියි..දරුවන් ගැන මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මේ පින්තූර ඔබට කතාව කියයි…අන්තිමට තියෙන video දෙකත් බලන්න ගිය වතාවේ වැඩසටහනේදි දරුවන් ඇවිත් වඳිනකොට, මම එක පුතෙකුට පිටට තට්ටු කරලා කිව්වා “හොඳට වැඩ කරන්න පුතේ.. ඔයාට හොද අනාගතයක් තියෙන බව පේනවා” කියලා…දරුවන් සිය ගණනක් වඳින අතරතුර අද ඒ දරුවා නැවත නැවත පැමිණ මට තුන් පාරක් වැඳපු බවත්, පුළුවන් තරම් මගේ ලඟින්ම ඉන්න උත්සාහ කළ ආකාරයත් මට දැනුනා…සමහර විට ඒ දරුවාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න ඒ වචන කීපය බලපාන්න ඇති.මේ ගමේ සංවර්ධන නිලධාරීතුමිය නොසිටින්නට මේ කිසිවක් අපට කරන්න බැහැ..රාජකාරියෙන් බැහැරව තමන්ගෙ ගමේ දරුවන් වෙනුවෙන් මේ විදිහට කැපවෙන අනූෂා මහත්මියට බෙහෙවින්…

Read more

අපේ පරිවර්තනයේ සරසවිය – STEP FORWARD LANKA සුභ උපන්දිනයක් වේවා! “පිබිදෙන මල් කැකුළුකැකුළු සුරකින මවුපියන්හරි මං සොයනා වැඩිහිටියන්සරණක් අවැසි හදවත්සැවොම එකිනෙක යා කරනඅපේ දේදුනු පාලමSTEP FORWARD LANKAපරිවර්තනයේ සරසවියපියවරෙන් පියවර ඉදිරියට පා නගමින්අට වැනි සැතපුම පසු කරන මොහොතේමෙතරම් දුර පියනගන්නටසවිය දුන් සැමට තුති පුදමින්පතනෙමු තවත් ඉදිරියටම යන්නටතවත් දහසක් ජීවිත එළිය කරමින්….” STEP FORWARD සාමාජිකා තරංගා නිරූපමාලි හදවත් එකිනෙක යා කරමින් ගමක දරුවන් සමග අපේ ඔන්ලයින් දරුවන් එක්ව සතුටු වුණු දවසක්…..දේදුනු පාලම වැඩසටහනකිසිදු භේදයකින් තොරව ඉදිරියට යන “එක මවකගේ දරු කැළ බැවිනා…යමු යමු වී නොපමා…ප්‍රේම වඩා සැම භේද දුරැර දා……” පියවරෙන් පියවර ඉදිරියට යන STEP FORWARD LANKA… මේ සෑම දෙයකටම ආධාර උපකාර ලබා දුන් සහ සංවිධානයේ දී මට සහය දුන් සැමටත්, සියලුම දේ කැප කිරීමෙන් කළ අපගේ කණ්ඩායමට සහ ගෝනපුර ප්‍රදේශවාසි මව්පියවරුන්ටත් ස්තූතියි  මේ සියල්ල අනාගත සිරිලක බබළවන අපේ අනාගත දරු පරම්පරාව ශක්තිමත් කිරීමටයි. ඔවුන්ව සකසන මව්පියන් දැනුවත් කිරීමටයි.  චාන්දිමා මූනමලේ ඈපාවෘත්තීය මනෝවිද්‍යා උපදේශිකානිර්මාතෘ STEP FORWARD LANKAපරිවර්තනයේ සරසවිය0715750525 www.stepforwardlanka.com More Photos…

10/26